Thursday 30 May 2013

දෑත අහිමි ජෙසිකා 



දෑත නැතුව ජීවිතය ජයගත් තරුණියක් අපට හමුවිය . සිය දයිවයට දොස් තබනවා වෙනුවට තමන්ට කල හැකිදේ මොනවද හදුනාගෙන ඇය ජිවිත යාත්‍රාව තනියම පදවන්නේ දෑත තිබෙන සියලු දෙනාටම ආදර්ශයක් වෙමිනි , ලංකාවේ කෙනෙකු වුණා නම් මේ වනවිට එක්කෝ පාරේ හිගමන් යදියි , නැත්නම් නිවාසෙක අනුන් මත යැපේ . මේ ජෙසිකා කොක්ස්ගේ කතාවයි . ඇය ජිවත් වන්නේ ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රදේශයේයි .


ඇය මේ වනවිට ගිනස් වාර්තා කීපයකටම හිමිකම් කියන්නීය . දෑත අහිමි ලොව පළමු ගුවන් නියමුවරිය ඇයයි , ටයිකොන්ඩෝ කළුපටි ශුරිය , දියයට කිමිදෙන්නිය ඇයයි . මේ වනවිට ඇය මනෝවිද්‍යා උපාධිධාරිනියකි ,  වර්තමානයේ පවුරුෂ සංවර්ධන වැඩමුළු වල ප්‍රධාන දේශිකාව ලෙස වැඩසටහන් මෙහෙයවයි, මේ වනවිට රටවල් 18ක් පුරා දේශන පවත්වා ඇත  .


 වසර තුනක් ගුවන්යානා පදවන්නියක් ලෙස පුහුණුවෙන් පසු ලියාපදිංචිය ලැබුවාය . ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ කළුපටි දෙකකට හිමිකම්ද ලැබුවාය . ඇයට වාහන පැදවීමේ බලපත්‍රද ඇත . ඇයට මිනිත්තුවක් තුල වචන 25 ක පරිඝනක ගත කිරීමේ හැකියාව ඇත . 2012 වසරේදී ඇය ' මෝස්ට් ඇස්පිරෙෂනල් වුමන් ඉන් ද වර්ල්ඩ් ' යන සම්මානයෙන් පිදුම් ලැබිය . 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.