Thursday 30 May 2013

දෑත අහිමි ජෙසිකා 



දෑත නැතුව ජීවිතය ජයගත් තරුණියක් අපට හමුවිය . සිය දයිවයට දොස් තබනවා වෙනුවට තමන්ට කල හැකිදේ මොනවද හදුනාගෙන ඇය ජිවිත යාත්‍රාව තනියම පදවන්නේ දෑත තිබෙන සියලු දෙනාටම ආදර්ශයක් වෙමිනි , ලංකාවේ කෙනෙකු වුණා නම් මේ වනවිට එක්කෝ පාරේ හිගමන් යදියි , නැත්නම් නිවාසෙක අනුන් මත යැපේ . මේ ජෙසිකා කොක්ස්ගේ කතාවයි . ඇය ජිවත් වන්නේ ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රදේශයේයි .


ඇය මේ වනවිට ගිනස් වාර්තා කීපයකටම හිමිකම් කියන්නීය . දෑත අහිමි ලොව පළමු ගුවන් නියමුවරිය ඇයයි , ටයිකොන්ඩෝ කළුපටි ශුරිය , දියයට කිමිදෙන්නිය ඇයයි . මේ වනවිට ඇය මනෝවිද්‍යා උපාධිධාරිනියකි ,  වර්තමානයේ පවුරුෂ සංවර්ධන වැඩමුළු වල ප්‍රධාන දේශිකාව ලෙස වැඩසටහන් මෙහෙයවයි, මේ වනවිට රටවල් 18ක් පුරා දේශන පවත්වා ඇත  .


 වසර තුනක් ගුවන්යානා පදවන්නියක් ලෙස පුහුණුවෙන් පසු ලියාපදිංචිය ලැබුවාය . ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ කළුපටි දෙකකට හිමිකම්ද ලැබුවාය . ඇයට වාහන පැදවීමේ බලපත්‍රද ඇත . ඇයට මිනිත්තුවක් තුල වචන 25 ක පරිඝනක ගත කිරීමේ හැකියාව ඇත . 2012 වසරේදී ඇය ' මෝස්ට් ඇස්පිරෙෂනල් වුමන් ඉන් ද වර්ල්ඩ් ' යන සම්මානයෙන් පිදුම් ලැබිය . 

Tuesday 28 May 2013

විරූප උන සුරූපී 





ලස්සන වෙන්න තරුණියන් ආසයි , ඒත් ලස්සන වෙන්න ගිහින් එක එක ක්‍රම භාවිතා කරන්න හොද නැ කියල මේ ගොල්ලන් හිතන්නේ නැත්තේ ඇයි ? මෙහෙම ලස්සන වෙන්න ගියපු කොරියානු මෝස්‌තර නිරුපිකාවක් වන මීයකු හට වෙච්ච දේ , අනිත් අයටත් හොද පාඩමක් .

ඇය රූමත් තරුණියක් ඒත් , සම මෘදු කරගන්න ,ය අමුතු ප්‍රතිකර්මයක් අත්හදා බලා තිබුණා . ඇය විසින් සිලිකන් හා පොල්තෙල් මිශ්‍ර කොටගෙන මුහුණට එන්නත් කරන්න පටන් අරන් තියෙන්නේ වයස 28දී , එම හේතුවෙන් සම සියුමැලි වෙද්දී , ඇය මේක දිගටම කරගෙන ගිහින් , නමුත් මුහුණ ක්‍රමයෙන් එල්ලා වැටෙන්න පටන් ගත් නිසා ,ඇය වයිද්‍ය ප්‍රතිකාර සදහා යොමුවෙලා තිබුණා .


වයිද්යවරුන් විසින් මුහුණෙන් සිලිකන් ග්‍රෑම් 60ක පමණ ප්‍රමාණයක් පොල්තෙල් සමග ඉවත් කර තිබුණා . ඇගේ බෙල්ල ප්‍රදේශයෙනුත් 200ග්‍රෑම් පමණ ඉවත්කර තිබුණා . මේ අතර ඇය සැත්කම් 10කට පමණ යොමු කර තිබුණා . ඒත් තිබුන ලස්සන පෙනුම නම් ආපහු ගන්න බැරි උනා . මෙම අවාසනා තත්වය ගැන හැමෝම දුක් උනා , එරට වැසියෝ මේ වියදම් සදහා මුදලින් පවා ආධාර කලා . 

වයිද්යවරුන්ගේ මතය වුයේ තව දුරටත් මුහුණ සැත්කම් කිරීම සදහා යෝග්‍ය නොවන බවයි . ඉහලම තාක්ෂනය යෙදුවද නැවත මුහුණ යථා තත්වයට ගන්න බැරිඋනා . වයිද්යවරුන් ඇයව ප්‍රශ්න කරනු ලැබුවා . පසුව ඔවුන්ගේ නිගමනය මත ,ඇයව මානසික වයිද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරනු ලැබුවා . මින් ඉදිරියට වයිද්‍ය උපදේශයකින් තොරව කිසිම , රුප ලාවන්‍ය කටයුත්තක් නොකල යුතු බව සියලුම කාන්තාවන් දැනුවත් විය යුතුය .

Thursday 23 May 2013


විරාගික වූ අරවින්ද 


     සිය ඇතුලන්තයට වී ජිවත් වූ අරවින්ද ජීවිතය කෙබදු ආකාරයට දුටුවේදැයි සිතීම සංකීර්ණය . මනුෂ්‍ය සිතුවිලි වෙනස් බැවින් , ඔහු ආස කලේ මොනවටද යන්න , ගුප්ත චරිතයකින් වටහාගත නොහැක . මේ ඔහු පිළිබද මද විවරණයකි .

'අරවින්ද උප්පත්තියෙන් ලත් උපසකකම නොහොත් භක්තිය ඇත්තෙකි . ගිහියකු මෙන් ජිවත් වී , මියගිය එකකු වුවද , ඔහු ලං වෙන්නේ තේරගථාවෙන් ,තමාගේ අද්ධ්‍යත්මය ඍජුව හෙලිකල පැරණි තෙර කෙනෙකුට හෝ තම ගිහි ජීවිතයෙහි දුසිරිත් හෙලිකල පැරණි තවුසෙකුටය ' 

         තනිව ජිවත් වූ ඔහු අවසන තනිකමෙන්ම පෙළෙන්නට විය , කැමති කිසි දෙයකට එළිපිට කැමැත්ත ප්‍රකාශ නොකළේය . ඇතින් හිද සියලු දේ , දකින්නට පුරුදු විය , මෙය ඔහුගේ චිත්ත අභ්‍යන්තරයයි .

'මගේ මේ ආත්ම චරිතයෙහි අවසානය කියවන ඔබ , මා , ව්‍යවහාරය නොසලකා නුවනින් තොරව ජිවත්විමෙහි ප්‍රතිපලයක් වශයෙන් අවසානයෙහි දුක් අනුභව කල එකෙකියි සිතනු නිසැකය . මම කිසි විටෙක එසේ නොසිතුවෙමි '. 

       අරවින්ද දුක වින්දේය . ජීවිතය විදිනවා කියා , විදෙව්වේය . එය ඔහු දනී , එහෙත් සියල්ල ඉවසුවේ , කුමන සැනසිල්ලකටද කියා ඔහුවත් දැන සිටියේ නැත . ඔහුගේ හැගීම් වල යථාර්තවදී බවක් තුබුණේ යයි , නොසිතෙන්නේ , අවසානයේ ඔහු මියගියද , ජීවිතය අර්ථ ශුන්‍ය වීමෙනි .

' මා  මේ ජීවිතය ප්‍රිය කරන්නට වුයේ , ඇ නොලැබුන නිසා නොව , ඇ නිසා මා තුල හට ගත්තේ , රාගයක්, ආලයක් නොව ආසාවට එක්වුණු අද්භූත හැගීමකි . විරාග රාගයකි '. 

      අරවින්ද ආදරය දැන සිටියේය . එහෙත් කිසිවක් ලංකර ගැනීමේ ආශාවක් ඔහු තුල නොවිය . රාගය , දැනිණි , එහෙත් වියුක්තව සිටීමට ඔහුගේ හැගීම් ඔහුට වඩා ප්‍රබලවිය . එනිසා සදාකල් තනිකඩව සිටින්නට සිදුවුනි .

'ලෝකය ගැන නොසිතා අවංකව ජිවත් වන්නට වෑයම් කරන්නා ඔවුන්ගේ නින්ද පරිභව ඉවසිය යුතුය . නොඑසේ නම් ගතානුගතිකව ජිවත් විය යුතුය '.  

     අවට ලෝකය ගැන අරවින්දට කිසිදු හැගිමක්ද නොවිය . අරවින්ද අවංක අයෙකි , එහෙත් , බෙහෙවින් ශිලාචාර ගති ඇත්තෙකු වන්නට පරිසරය බලපාන්නට ඇති බව , කතාව තුලින් විද්‍යමාන නොවිය . අරවින්ද පරාජිතයෙකු යයි , අපට පොදුවේ නිගමනය කල හැක්කේ , ඔහු ලද ජයග්‍රහණ කිසිවක් නොවූ බැවිනි . ඔහු වෙනුවෙන් ඉතිරි වූ කිසිවෙකුත් නොවුයෙනි , මේ තුල ජීව විද්‍යාත්මක සමාජ පරිණාමයක් දැකගත නොහැක . අරවින්ද සදාකල් නිහඩය .

Wednesday 22 May 2013


ටියුනිසියාවේ ෂරිය නිතිය ඉල්ලා ගැටුම් 

                    දැඩි මතධාරී ටියුනිසියාවේ ඉස්ලාමිය කණ්ඩායමක් වන ,අල් -ෂරිය කණ්ඩායම , ටියුනිසියාවේ සයිරෝඅන්හිදී පැවැත් වීමට තිබු ඉස්ලාමිය රැස්වීමක් ,එරට රජය විසින් තහනම් කරන ලදී . මහජන ආරක්ෂාව පිණිස  රජය විසින් මෙම තීරණය ගන්නා ලද්දකි . මෙම තීරණයට විරුද්ධව , එහි සාමාජිකයන් 500ක් පමණ  පසුගියදා පෙළ ගැසුනහ . මෙහිදී පොලිසිය සමග ඇති වූ ගැටුමින් ,එක් අයෙකු මරුමුවට පත්විය . පොලිස් නිලධාරීන් 11ක් තුවාල ලබා ඇත .

                                  මෙම සංවිධානයේ ප්‍රධානතම ඉල්ලීම ටියුනීසියාව තුල ෂරිය නිතිය ක්‍රියාත්මක කලයුතු බවයි . දැනට ආගමික පසුබිමක් නොවන පාලන පක්ෂ දෙකකින් සමන්විත සන්ධාන රජයක් තුලින් ටියුනීසියාව පාලනය කරන අතර , මත්පැන් තහනම් කිරීම හා කාන්තාවන් මුහුණු ආවරණ පැලදීම යන කාරණා අනිවාර්ය කිරීම ප්‍රතික්ෂේප කිරීම මෙම සන්ධාන රජය විසින් සිදු කිරීම , අල් - ෂරිය සංවිධානය ටියුනීසියාව තුල ෂරිය , නිතිය ඉල්ලීමට හේතුවී ඇත . 

Monday 20 May 2013


පොල් කඩන්නාගේ ගීතය 

          උදසනින් නැගිට පාරට බහින්නේ මන් , පොල් ගහකට නැගල කියක් හරි හොයාගෙන දරු පැටවූ 4 දෙනාගේ බඩ පුරවන්න . ළමයි ලොකු මහත් කලේ මන් එහෙමයි . මට ඉන්න තැනක් තිබුනේ නැ . ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් මැදිහත් වෙලා මට , සුනාමි ගෙයක් අරන් දුන්නා . ඊට අමතරව දියුණු වෙන්න කියල , කිරි හරක් ජෝඩුවක් දුන්නා . මගේ බිරිද ටිකක් මෝඩයි , එත් මන් හරි ආදරෙයි . මගේ ජීවිතේම එයා කියලයි මන් හිතුවේ .

            මට ඉන්නේ දුල දෙන්නයි , පුත්තු දෙන්නයි . ලොකු එකිට 17යි ඊලග 16යි පුතා 13යි ,පොඩිපුතා අවුරුදු 2යි . මන් උන්ව කාලයක් පරිවාසේටත් දීල තිබුන . හදා ගන්න අමාරු නිසා , ගස් නැගල ආවම මන් ටිකක් බොනවා ඇගේ අමාරුවට , ඒ වැඩිපුර සල්ලි තිබුනොත් විතරයි . නැති දවසට කහට එකක් බිල , මන් පොඩි උන්ගේ බඩ පුරවනවා . අපේ පවුලේ දියුණුව ගැන හිතල , මන් හැමදේම කලේ , මගේ බිරිදගෙන් අහල . අර කිරි හරක් දෙන්න අපි රුපියල් 5000 කට විකුණුව , උන් හදන්න අමාරුයි , සල්ලි හදිසියක් වෙලා ගේත් උකස් කලා 8000 කට , 

         ලොකු දුව පිරිමි ළමයෙක් එක්ක යාලු වෙලා තණමල්විල පැත්තේ , මගේ බිරිද දැනුවත්ව උන් දෙන්න දැන් ඉන්නේ එක ගෙදර , කසාද බැදලත් නැ , වයස මදි . නැන්දම්මා , කෙල්ලට පවුල් සැලසුමකුත් කරලා දීල . අනිත් කෙල්ලත් යාළුවෙලා ඒකි නම් ගෙදර ඉන්නවා .පුතා නම් ඉගෙන ගන්න දක්ෂයි . මේ අස්සේ බිරිද වෙන කවුදෝ එක්ක පටලැවිල්ලක් හදාගෙන හොදින් කියල නතර කෙරෙව්වා . මොකද , මට  මගේ ගැනී නැතුව මට ඉන්න බැ .

          මේ අතර බිරිද මට කිව්වා අපි ගේ විකුණලා බලන්ගොඩින් වෙන ගෙයක් ගමු කියල , මාත් ඒක අහල ලක්ෂ 10 කට ගේ විකුණලා බලන්ගොඩින් ගෙයක් ගත්තා . ඉතිරි සල්ලි වලින් ලක්ෂ එකහමාරකට බිරිදට රත්තරන් බඩුත් අරන් දුන්න . ඒ අතර පොඩි එකාට අසනීප වෙලා ඉස්පිරිතාලේ නතර කලා . ඊට පස්සෙන්ද ,මන් පුතත් එක්ක පාන්දරම ඉස්පිරිතාලෙට ගියාම මේ ගොල්ල ඉස්පිරිතාලෙන් ටිකට් එකත් අත්සන් කරලා යන්න ගිහින් . මන් ගෙදර ගිහින් බැලුව ගෙදරත් නැ . 

          ආරංචි විදියට අර මිනිහත් එක්ක පැනල ගිහින් , මගේ ළමයත් අරගෙන . දවස් දෙකකට විතර පස්සේ ගෙදර තිබුන බඩුත් පටවාගෙන ගිහින් බැන ඇවිත් , අනිත් පුංචි එවුන්ගේ ඇදුනුත් ගෙනිහින් , උන්ට අදින්න කිසි දෙයක් නැ . තව ලක්ෂ 4ක් විතර තිබුන එකත් ගැනී අරන් ගිහින් , මන් පොලිසියේ පැමිණිල්ලක් දැම්ම , මේ ගැන කියල , ඒත් ඉන්න තැනක් දන්නේ නැ . මන් කොහොම හොයන්නද? මේ වෙනකොට අනිත් ළමයින් දෙන්න එක්ක මන් අතරමන් වෙලා . මට දැන් ගැනී එපා . මන් හොයන්නේ මගේ අර කිරි සප්පයව  , ගැනී මට ආයේ අහු උනොත් මරල දානවා . මගේ අසීමිත ආදරේට වෙච්ච දේ , මන් ඒකිව විශ්වාශ කලා . ආදරේ කලා . 

Saturday 18 May 2013


මින් ඉදිරියට පිරිමි රුපරාජිනියන් .....?


ලෝකයේ තාක්ෂනය දියුණු වීමත් සමග නොයෙක් තරග බිහිවේ , එහෙත් මෙම තරගයේ වෙනස , පවතින තරගයකට වෙනස් මුහුණුවරක් ලැබීමය . රුපරාජිනියන් තරගයට පිරිමි තරගකරුවන් ඉදිරිපත්වීම මෙහි විශේෂත්වයයි . වයිද්ය විද්‍යාවේ මෑතකදී සිදුකරනු ලබන ලිංග විපර්යාසය නිසා පිරිමි ගැහැණු බවට පත්වීම මේ වන විට සාමාන්‍ය ක්‍රියාවකි . මේ සදහා නීතිමය බාධාවන් නොමැත . ගැහැණු තරමටම ස්ත්‍රී ලාලිත්‍ය මතුකරලීම නිසා , වෙනසක් දකින්නන්ට නොපෙනේ . එම නිසා , රුප සුන්දරී තරග සදහා ඉදිරිපත් වීමට මෙම ගැහැණු බවට පත්වූ පිරිමිද ආශාවක් දක්වයි .

එහෙත් සින්ගපුරුවාසීන් එකිනෙකට වෙනස් මත දරයි . ඔවුන්ගේ මතයට අනුව කෘතීම ලිංග විපර්යාසය නිසා , තරගය අර්ථවත් වී ඇති බව පවසයි . තවත් සමහරක්ගේ මතය වුයේ , මෙම අය ඉදිරිපත්වීම තුලින් තරගයට කිසිසේත් නොගැලපෙන අත්දැකීමක් එක්වන බවයි . එහෙත් මින් ඉදියට ජයග්‍රහණය කරන්නේ පිරිමියෙක් නම් , එය අපට නැවැත්විය නොහැක . ලිංග විපර්යාසය ලෝකය පිළිගෙන ඇති නිසා , ජයග්‍රාහිකව අපටද පිළිගන්නට සිදු වේ . ප්‍රේක්ෂකයෝ මෙයට අකමැති නම් ,මෙම තරග නීති වෙනස් කල යුතුය . එහෙත් අන්තර්ජාතික වශයෙන් බලවත් විරෝධතා මතුව ඇත්තේ , පසුගිය මාසයේ කැනේඩියානු ජාතික තරුණයකු එහි පැවැත්වූ රු රැජින තරගයකට නොසුදුස්සකු කිරීමත් සමගය . 23 හැවිරිදි ජිනා වලක්කෝවා , විසින් සංවිධායකයන්ට විරුද්ධව නඩු මගට බසින්නට සුදානම් වීමත් සමග , නැවත ඉදිරිපත් වීමේ අවස්ථාව සංවිධායකයෝ ඔහුට ලබාදුනි . කෙසේ නමුත් මෙම සිද්ධිය හරහා ලෝකයටම කතා කිරීමට දැන් නව මාතෘකාවක් ලැබී ඇත .

Tuesday 14 May 2013



පියාඹන කාර් ඇවිත් 




         ඉගිලෙන කාර් යනු පියාඹන පිරිසි නොවේ . ඒවා විද්‍යා ප්‍රබන්ධත් නොවේ . සත්‍ය වශයෙන්ම ඉගිලෙන්නටත් පාරේ රෝද උඩ යාමටත් හැකි, ද්විත්ව හැකියාවක් සහිත  කාර් විශේෂයකි . ඇමෙරිකාවේ මැසේව්සේට්ස් ජනපදයේ පිහිටි ටෙරාෆුජිය සමාගම මෙම නිපැයුම ඉදිරිපත් කොට ඇත . 

       ලබන වසරේ 2014 දී පමණ මෙම මෝටර් රථය වෙළද පොලට ගෙන ඒමට නිෂ්පාදන සමාගම බලාපොරොත්තු වේ . මාද්‍ය පවසන්නේ මෙම රථය වෙළද පොලට ආ පසු නව මාර්ග නීති සදන්නට සිදුවන බවයි . මෙම රථයට ඉතා වේගයෙන් ගොදබිමේත් අහසේත් යා හැක . රථයට ඇත්තේ අසන දෙකකි , රෝද හතරකි , හකුලන පියාපත් යුගලකි . අත්හදා බලන අවස්ථාවේදී එය මිනිත්තු 8 කදී , අඩි 1400 ක් උඩින් පියාසර කරඇත . 

            මෙම රථයක් නිපදවීමට යන මුදල ඇමරිකානු ඩොලර් 279,000 . දැනට මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් , ගැනුම් කරුවන් 100ක් පමණ ඩොලර් 10,000ක් පමණ තැන්පත් කරඇති බව වාර්තා  වේ. ටෙරාෆුජිය සමාගම පමණක් නොව මේවන විට ඕලන්ද සමාගමකුත් 'පැල් ' නමින් පියාඹන මෝටර් රථයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ . 

Saturday 11 May 2013



බ්‍රිතානයේ හංසයින්ට අනතුරක්  



    හංසයින්ට වැඩි ගව්රවයක් දක්වන රටකි බ්‍රිතාන්‍ය . 1998 දක්වා හංසයින් රැජින සතු දේපලක් ලෙස එරට රජය සලකන අතර , හංසයින්ට හිරිහැර කිරීමද රාජ ද්‍රෝහී ක්‍රියාවක් ලෙස බ්‍රිතාන්‍ය සලකා ඇත  . සතුන්ට එරෙහි කෘරත්වය වැළක්වීමේ රාජකීය සංගමය හංසයන් මරා ආහාරයට ගැනීමට මිනිසුන් තැත් කරන බව දන්වා සිටියේ දුන්නකින් විද තුවාල කරනු ලැබූ හංස ජෝඩුවක් ඩොර්සෙට් අසල ගංගාවකදී හමුව තිබීම හේතුවෙනි . සංගමයේ නිලධාරියකු දැඩි උත්සාහ දරා පිරිමි සතා බේරාගෙන ඇති අතර ගැහැණු සතා මියගොස් ඇත . 

     හංසයින් රාජකීය වස්තුවක් ලෙස සලකන නිසා හා ඔවුන්ට පුජනිය වස්තුවක් බැවින් , මෙය වෙනත් අයකු අයකු කල අනතුරක් බවට සැක පහල කරයි .  ඩි .එන් .ඒ . පරීක්ෂණ මගින් අපරාධකරු සෙවීමට මේ වන විට එම සංගමය උත්සහ දරයි . 

     හංසයින් යුවල ප්‍රේමනීය බැදීමකි , එය ඔවුන්ට  උරුම ගති ලක්ෂණයකි . දෙදෙනා ලං ලංව වාසය කරයි . තුඩින් තුඩ නිරතුරුව සිප ගනියි . ජිවිත කාලයටම එක අයෙකුට බැදී පවතී . එකිනෙකාගෙන් වෙන්වීම , දරාගත නොහැකි සිදුවීමකි . එහෙත් අනතුරට ලක්වූ හංසයා තවමත් සිය පෙම්වතිය මියගොස් ඇතිබව නොදනී . ඔහු ඇය එනතුරු බලාසිටිම හා ඉච්චාභාන්ගත්වයට පත්වීම වැලැක්වීම සදහා සොදුරියගේ නිසල දේහය හංසයාට පෙන්වීමට කටයුතු ලේස්ති කර ඇත . 

     බුදු දහමේද මෙවැනි සිදුවීමක් අපට සද කිදුරු ජාතකයේ හමුව ඇති බව මතකයට  නැගුණි . එයද ආත්මීය බැදීමක් බව තහවුරු විය . හංසයින් , මිනිස් සමාජයටද ආදර්ශ සපයන බව මේ අනුව පැහැදිලි වේ . 

හර්ස් එකට සල්ලි නැතුව දියණියගේ මළසිරුර  බස් 
රියෙන් ගෙදර ගෙනියන්න ගිහින් 


                        චීනයේ  රෝහලකදී මියගිය සිය බිළිදු දියණියගේ සිරුර ගමට ගෙනියන්න මේ අම්මටයි , තාත්තටයි සල්ලි තිබිල නැහැ . ඒ තරමටම ඔවුන් දුප්පත් , ඒත් සිය දියණියට දැක්වූ ආදරය හේතුවෙන් , මළසිරුර දාල යන්න බැරිකමට ගමේ ගිහින් අවසන් කටයුතු කරන්නට මොවුන්ට උවමනා විය .නමුත් හර්ස් එකට දෙන්න සල්ලි නැති නිසා ,සිය දියණියගේ මල සිරුර කාටවත්ම නොකියම විශාල ගමන් මල්ලක බහා ,බස් රියෙන් ගමට ගෙනියන්නයි මොවුන් හැදුවේ .ඒත් බස් රියේදී සිදුවන ස්කෑන් පරීක්ෂණය නිසා මේ ගමන් මල්ලේ තිබු බිළිදු මළසිරුර සේකයන්ට අහුවෙලා පොලිසියට දැනුම්දීලා .

                           පොලිස් නිලධාරීන් පැමිණ කරුණු සොයා බැලීමෙන් පසුව ,සිදුව ඇති සානුකම්පිත තත්වය මත බිලිදු සිරුර දඩයක් නොගසාම  වෙනත් රථයකින් ගමට ගෙනිහින් දීල . 

මෙම දැරියගේ පියා , පොලිසියට කියා සිටියේ , බස් රථයේ සේවකයන් මේ ගැන කලබල වුනේ නැත්නම් , මගීන්ට නොදැනෙන්න  , අපි සිරුර ගෙනියනවා . ඔවුන් කලබල කළනිසා ,අපහසුතාවයට පත්වුණා . එත් , පොලිස් නිලධාරීන්ට අනුව මළසිරුරක් පොදු ප්‍රවාහන සේවයක ගෙනයාම නීති විරෝධී බවත් , එය මැරුණු කෙනාට කරන අගව්රවයක් බවත්ය . 

                      මැරුණත් අමරණීයත්වයට පත්වූවන් විල්ලුද පෙට්ටි වල අවසන් ගමන් ගියද ,දිළින්දකු මියගියපසු ,කාත් කවුරුවත් නොමැතිව පැදුරු කඩමල්ලක අවසන් ගමන් යති මනුෂත්වයේ වෙනස මෙයදැයි අප කෙසේ සොයම්ද?

Sunday 5 May 2013

වෙනිසියුලාවේ  ප්‍රථම ඇමතිනිය 





        හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මදුරෝගේ නව රජයේ ක්‍රීඩා අමත්‍යන්සය භාරදී ඇත්තේ 32 හැවිරිදි ක්‍රීඩිකාවකටය .ඇය ,අලේහෙනද්‍ර බෙනිටිස්ය .අනුව වෙනිසියුලාවේ ප්‍රථම ඇමතිනිය ඇයයි . සුරූපී තරුණියක වන ඇය කඩු සටන් සුරියකි . 2004,2008, 2012 ඔලිම්පික් ක්‍රීඩා වලදී , වෙනිසියුලාව නියෝජනය කලේ ඇයයි . 
               ඇය පවසන අන්දමට ' මට ක්‍රීඩාවේදී නොයෙක් අභියෝග හමුවී තිබෙනවා , දැන් මට රට වෙනුවෙන් විශාල අභියෝගයක් බාරගන්න සිදුවෙලා ,මා උපරිමයෙන් රටට  සේවය ලබා දෙනවා . වෙනිසියුලාවේ සියලුම කාන්තාවන් වෙනුවෙන් ' යයි අලෙහෙන්ද්‍ර ට්විටර් වෙබ් අඩවියට අදහස් දක්වා ඇත . 

               ඇය දේශපාලනයට   පිවිසියේ මිට දෙවසරකට පෙරය . එහෙත් ඇයට හෝ වෙනත් කාන්තාවකට චාවේස්ගේ රජයේදී සමාජ මෙහෙවරක් කිරීමට අවස්ථාව උදාවුයේ නැත . මදුරෝ , වෙනිසියුලාව වෙනුවෙන් ලෝකයට දැනෙන වෙනසක් කලාදොයි , මේ අනුව අපට සිතේ . සුබවාදී ආදර්ශ අප අගය කරන්නෙමු . අපේ සුසන්තිකාටත් දැන් අවස්ථාව උදාවී ඇත . ඇයද මේ වන විට දේශපාලනයට පිවිසි සමාජ සේවිකාවකි . 

Saturday 4 May 2013

 ලංකාවේ එකම හා ප්රථම මුහුදු කවූතුකගාරය


                 ශ්රීලංකා මුහුදු පුරාවිද්යා  ගවේෂණ මද්යස්ථානයක් ලෙස ගාල්ල කොටුව පැරණි ගොඩනැගිලි මුල් කර ගනිමින්  මෙම මුහුදු පුරාවිද්යා කවුතුකාගාරය ආරම්භ කර වසර තුනක් සපිරේ . ගවේෂණය කර සොයා ගන්නා ලද පැරණි නාවික කවුතුක වස්තුන් රැසක් මෙහි තැන්පත් කර ඇත

              1659 දී ගාලු වරායේදී ගිලි විනාශ වුන , අවෝන්ස්ටා (සද තරුව -7) නැවේ අනුරුවක්ද මෙහි ඇත . මෙහි මැදිරි හතරකි 

1    මුහුදු පුරාවිද්යාව කුමක්ද යන්න හදුන්වා දීම 

2    මුහුදු පුරාවිද්යාවේ දෙස් විදෙස් සම්බන්ධතාවය 

3   ශ්රිලංකාවේ දේශපාලන ,ආර්ථික සමාජ  සංස්කෘතික අංශයන් වෙත හා වෙළදාම වෙත විදේශ බලපෑම් එල්ල වූ අයුරු නිරුපණය 

4    පසු වූ යුග වල ශ්රිලාන්කික ජනතාවගේ සංස්කෘතික දයද වල පිලිඹුබුවක් 

                 ප්රාග් අයිතිහාසික යුගයේ මානවයා මුහුද සමග පැවති සම්බන්ධය හා අතීත කතන්දර මෙහි නිරුපිතය . හතර වන මන්දිරය වන  ඇවෙන්ස්ට මන්දිරය වෙත විදෙස් සංචාරකයින් දැඩි කැමැත්තක් දක්වයි . ශ්රිලංකාවේ දිගම ගොඩනැගිල්ල තුල මෙය පිහිටා තිබීමද විශේෂත්වයකි . මිට අමතරව දකුණු ආසියාවේ ගිලුණු පැරණිම නැවේද නටඹුන්ද  ගොඩවාය වරායෙන් ගොඩ ගෙන  මෙහි තැන්පත් කර ඇත .එබැවින් දෙස් විදෙස් සංචාරකයින් නැරඹිය  යුතුම  ස්ථානයක් ලෙස ගාල්ල මුහුදු කවුතුකාගාරය හැදින්විය හැක .