Saturday 4 May 2013

 ලංකාවේ එකම හා ප්රථම මුහුදු කවූතුකගාරය


                 ශ්රීලංකා මුහුදු පුරාවිද්යා  ගවේෂණ මද්යස්ථානයක් ලෙස ගාල්ල කොටුව පැරණි ගොඩනැගිලි මුල් කර ගනිමින්  මෙම මුහුදු පුරාවිද්යා කවුතුකාගාරය ආරම්භ කර වසර තුනක් සපිරේ . ගවේෂණය කර සොයා ගන්නා ලද පැරණි නාවික කවුතුක වස්තුන් රැසක් මෙහි තැන්පත් කර ඇත

              1659 දී ගාලු වරායේදී ගිලි විනාශ වුන , අවෝන්ස්ටා (සද තරුව -7) නැවේ අනුරුවක්ද මෙහි ඇත . මෙහි මැදිරි හතරකි 

1    මුහුදු පුරාවිද්යාව කුමක්ද යන්න හදුන්වා දීම 

2    මුහුදු පුරාවිද්යාවේ දෙස් විදෙස් සම්බන්ධතාවය 

3   ශ්රිලංකාවේ දේශපාලන ,ආර්ථික සමාජ  සංස්කෘතික අංශයන් වෙත හා වෙළදාම වෙත විදේශ බලපෑම් එල්ල වූ අයුරු නිරුපණය 

4    පසු වූ යුග වල ශ්රිලාන්කික ජනතාවගේ සංස්කෘතික දයද වල පිලිඹුබුවක් 

                 ප්රාග් අයිතිහාසික යුගයේ මානවයා මුහුද සමග පැවති සම්බන්ධය හා අතීත කතන්දර මෙහි නිරුපිතය . හතර වන මන්දිරය වන  ඇවෙන්ස්ට මන්දිරය වෙත විදෙස් සංචාරකයින් දැඩි කැමැත්තක් දක්වයි . ශ්රිලංකාවේ දිගම ගොඩනැගිල්ල තුල මෙය පිහිටා තිබීමද විශේෂත්වයකි . මිට අමතරව දකුණු ආසියාවේ ගිලුණු පැරණිම නැවේද නටඹුන්ද  ගොඩවාය වරායෙන් ගොඩ ගෙන  මෙහි තැන්පත් කර ඇත .එබැවින් දෙස් විදෙස් සංචාරකයින් නැරඹිය  යුතුම  ස්ථානයක් ලෙස ගාල්ල මුහුදු කවුතුකාගාරය හැදින්විය හැක .   






No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.