Saturday 20 April 2013



බස හැසිරවීම 

                  ඕනෑම රටක භාෂා කීපයක් තිබිය හැක . එය ලිඛිත හෝ කතිකද , මේ දෙකම එකක් වශයෙන්ද භාෂාව පවතින ආකාරය දැකිය හැක . අපේ භාෂාව සිංහලයි . දැන් අප කතා කරන්නේ අපේ භාෂාව ගැනයි .සිංහල යනු අලංකාරවත් බස් රටාවකි . එය අක්ෂර වින්යාස හා ව්යාකරණ නීති තුල පවතින්නා වූ රටාවකි . අප මේ රටාවට හුරු වන්නේ , අතීතයේදී නම් ,  බොහෝ විට පන්සල මුල් කරගෙනයි . මා  පිළිගන්නා ආකාරයට පිරිවෙන් අද්යාපනය තුල සිංහල භාෂාව නිසි ආකාරයට ඉගෙනගත හැක .එහෙත් පාසල් අද්යාපනය මේ සදහා වැඩි දායකත්වයක් නොදක්වයි . අවශ් පොතපත නොමැතිකම , නිසි අද්යාපනය ලත් ගුරුන් නොමැතිකම , පාසලේදී ලබා දී ඇති කාලවේලාව මදිකම හා ඉගෙන ගත්තද උගන්නන්න නොදන්නා කම යන හේතුමත සිංහල භාෂාව මේ වන විට නිසි ලෙස උගන් වන්නේ නැත

                       තවද අප භාෂාව සැදී ඇත්තේ හෙළය මුල් කර ගනිමින් හා වෙනත් විදේශික භාෂා එකතු වීමෙනි . අතීතයේ සිටද අනාගතයේද මෙබදු වෙනස් වූ භාෂා රටා තව දුරටත් එකතු වේ . එය අපට වෙනස් කල නොහැක . එබැවින් , සිංහළය තව දුරටත් වෙනස් වීමට ඉඩ ඇත . භාෂාවක් අවශ් වන්නේ අදහස් හා හැගීම් ප්රකාශනයටය . එය පහසු ලෙස හැසිරේ නම් අද සමාජයට ගැටලුවක්ද නැත . එහෙත් ඉතිහාසයක් ඇති අපේ රටට පැරණි බස රැකීම පිළිබද වටිනාකමක්ද ඇත . එය වෙනම ප්රශ්නයකි . ඉතිහාසගත සියලු දේ සංරක්ෂණය කරන අපට , භාෂාවද සංරක්ෂණය කරගතයුතු වන්නේ , අපගේ අනන්යතාවය රැක ගැනීමටය

                         සමාජ දියුණු වී , තාක්ෂණ හා මාද් ලෝකය පුළුල් වුවාට පසු භාෂාව වේගයෙන් වෙනස් වීම් වලට භාජනය විය . ලිඛිත භාෂාවේ වැදගත්කම අඩුවී , කථික භාෂාවමද ලිඛිත වන්නට විය . වයස් තේරුම් නොමැති උදවිය භාෂාව ගැන හරිහැටි නොදැන , කුමක් හෝ කියවන්නට පටන්ගත් යුගයක ආරම්භයක් දැනට උද්ගතව ඇත . ලෝකය වෙනස් වීම් වලට භාජනය වනවා සේම , මේ වෙනස්කම්ද අපට නතර කල නොහැක . එම නිසා උපකාරක පද මොඩ් වීමද , සම්බන්ධිවාචකයන් ලොප් වීමද දැකගත හැක . භාෂාව අප සංස්කෘතියේ සංකේතය වුවද , ඉස්සරහට එය එසේ නොවන්නේය . අද්යාපන  ප්රතිසංස්කරණ ඉදිරිපත් නොකොට භාෂාව නම් තව දුරටත් රැකිය නොහැක්කේය . නිසි බස ඉගෙන නොගැනීම ගැන හා භාවිතා නොකිරීම ගැන මතු පරපුරට දොස් නොකිය යුතුය . සුදුසු දේ කළහොත් සිංහළය තව දුරටත් රැකගත හැක .

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.