Monday 20 May 2013


පොල් කඩන්නාගේ ගීතය 

          උදසනින් නැගිට පාරට බහින්නේ මන් , පොල් ගහකට නැගල කියක් හරි හොයාගෙන දරු පැටවූ 4 දෙනාගේ බඩ පුරවන්න . ළමයි ලොකු මහත් කලේ මන් එහෙමයි . මට ඉන්න තැනක් තිබුනේ නැ . ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් මැදිහත් වෙලා මට , සුනාමි ගෙයක් අරන් දුන්නා . ඊට අමතරව දියුණු වෙන්න කියල , කිරි හරක් ජෝඩුවක් දුන්නා . මගේ බිරිද ටිකක් මෝඩයි , එත් මන් හරි ආදරෙයි . මගේ ජීවිතේම එයා කියලයි මන් හිතුවේ .

            මට ඉන්නේ දුල දෙන්නයි , පුත්තු දෙන්නයි . ලොකු එකිට 17යි ඊලග 16යි පුතා 13යි ,පොඩිපුතා අවුරුදු 2යි . මන් උන්ව කාලයක් පරිවාසේටත් දීල තිබුන . හදා ගන්න අමාරු නිසා , ගස් නැගල ආවම මන් ටිකක් බොනවා ඇගේ අමාරුවට , ඒ වැඩිපුර සල්ලි තිබුනොත් විතරයි . නැති දවසට කහට එකක් බිල , මන් පොඩි උන්ගේ බඩ පුරවනවා . අපේ පවුලේ දියුණුව ගැන හිතල , මන් හැමදේම කලේ , මගේ බිරිදගෙන් අහල . අර කිරි හරක් දෙන්න අපි රුපියල් 5000 කට විකුණුව , උන් හදන්න අමාරුයි , සල්ලි හදිසියක් වෙලා ගේත් උකස් කලා 8000 කට , 

         ලොකු දුව පිරිමි ළමයෙක් එක්ක යාලු වෙලා තණමල්විල පැත්තේ , මගේ බිරිද දැනුවත්ව උන් දෙන්න දැන් ඉන්නේ එක ගෙදර , කසාද බැදලත් නැ , වයස මදි . නැන්දම්මා , කෙල්ලට පවුල් සැලසුමකුත් කරලා දීල . අනිත් කෙල්ලත් යාළුවෙලා ඒකි නම් ගෙදර ඉන්නවා .පුතා නම් ඉගෙන ගන්න දක්ෂයි . මේ අස්සේ බිරිද වෙන කවුදෝ එක්ක පටලැවිල්ලක් හදාගෙන හොදින් කියල නතර කෙරෙව්වා . මොකද , මට  මගේ ගැනී නැතුව මට ඉන්න බැ .

          මේ අතර බිරිද මට කිව්වා අපි ගේ විකුණලා බලන්ගොඩින් වෙන ගෙයක් ගමු කියල , මාත් ඒක අහල ලක්ෂ 10 කට ගේ විකුණලා බලන්ගොඩින් ගෙයක් ගත්තා . ඉතිරි සල්ලි වලින් ලක්ෂ එකහමාරකට බිරිදට රත්තරන් බඩුත් අරන් දුන්න . ඒ අතර පොඩි එකාට අසනීප වෙලා ඉස්පිරිතාලේ නතර කලා . ඊට පස්සෙන්ද ,මන් පුතත් එක්ක පාන්දරම ඉස්පිරිතාලෙට ගියාම මේ ගොල්ල ඉස්පිරිතාලෙන් ටිකට් එකත් අත්සන් කරලා යන්න ගිහින් . මන් ගෙදර ගිහින් බැලුව ගෙදරත් නැ . 

          ආරංචි විදියට අර මිනිහත් එක්ක පැනල ගිහින් , මගේ ළමයත් අරගෙන . දවස් දෙකකට විතර පස්සේ ගෙදර තිබුන බඩුත් පටවාගෙන ගිහින් බැන ඇවිත් , අනිත් පුංචි එවුන්ගේ ඇදුනුත් ගෙනිහින් , උන්ට අදින්න කිසි දෙයක් නැ . තව ලක්ෂ 4ක් විතර තිබුන එකත් ගැනී අරන් ගිහින් , මන් පොලිසියේ පැමිණිල්ලක් දැම්ම , මේ ගැන කියල , ඒත් ඉන්න තැනක් දන්නේ නැ . මන් කොහොම හොයන්නද? මේ වෙනකොට අනිත් ළමයින් දෙන්න එක්ක මන් අතරමන් වෙලා . මට දැන් ගැනී එපා . මන් හොයන්නේ මගේ අර කිරි සප්පයව  , ගැනී මට ආයේ අහු උනොත් මරල දානවා . මගේ අසීමිත ආදරේට වෙච්ච දේ , මන් ඒකිව විශ්වාශ කලා . ආදරේ කලා . 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.