Saturday 16 April 2011


SPECIAL: වහල්බාවය


ශෂිකලා පුංචිහේවා විසිනි.


"The Narrative of the Life of Frederick Douglas," Fredrick Douglass විසින් රචිත ඉංග‍්‍රීසි භාෂිත චරිතාපදනය නීතිඥ හර්ෂි පෙරේරා විසින් පාඨකයින් හට කියවීම සදහා සිංහළ භාෂාවෙන් රචනා කරන ලදි. මෙය ශ‍්‍රී ලාංකීය පාඨකයින් හට අළුත් අත්දැකීමක් වන්නේ වහල්බාවය ශ‍්‍රී ලංකාව තුළ නොතිබුනු සංකල්පයක් බැවිනි. ඇමරිකා ඵක්සත් ජනපදය පදනමි කරගත් මෙම සංසිද්දීන් අද වන විට වියැකී ගොස් ඇත්තේ හිටපු ඇමරිකානු ජනාධිපති ඵබ‍්‍රහමි ලින්කන් මහතාගේ මැදිහත් වී තූලිනි. මේ වන විට ශ‍්‍රීලංකාව තුළ පැවතියේ වැඩවසමි යුගයයි. වහල් යුගය බටහිර සංකල්පයක් බව සිතාගත හැක්කේ සියළුම පෙරදිග රටවල් තුළ වැඩවසමි ක‍්‍රමය ක‍්‍රියාත්මක වීම නිසාය.

ලෝකය විකාශනය විය. ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් ආරමිභ වු සමාජ විකාශණයේ දෙවන අදියර වහල් යුගයයි. වහලා හා වහල් හිමියා ඵම යුගයේ වැදගත් සංකල්පයන් විය. බලය හිමි පංතිය වහල් හිමියා වු අතර බලය අහිමි පංතිය වහලා බවට පත්විය. මෙම ගැටුම බටහිර සමාජය තූල ඵවකට නිරන්තරයෙන් සිදුවිය. මෙම ගැටුමි තීවිර වීමට තවත් හේතූවක් වුයේ සුදු කළු බේදයයි. සුද්දන් හා කල්ලන් වහල් සමාජයේ ප‍්‍රබල සාධක විය. බොහෝ වහළුන් කල්ලන් විය. ඵවකට පැවැති සමාජ තත්වය මනාව නිරූපණය කරමින් වහල්බාවය Federick Douglass මෙම කෘතිය රචනා කරන ලදි. මෙය හර්ෂි පෙරේරා අපුරුවට සිංහළ භාෂාවෙන් අප පාඨකයන් වෙත ගෙනෙන්නේ සිංහල සාහිත්‍ය වංශයේ ඵක් සංදිස්්ථානයක් බවට පත් කිරීමේ අභිලාෂයෙනි. මෙය අපේ කථාව නොවුනු නමුදු අප සමාජ අභ්‍යන්තරය ඵවකට වැඩවසමි යුගයේ සිද්ධාන්ත වහල් යුගය තුළින් පිළිබිඹු වන ආකාරය වටහා ගත හැක වහල්බාවය චරිතාපදනයකි. මෙය ඹහුගේම ආත්ම කථනයයි.

Fedrick Douglass ගේ අධිෂ්ඨානය වහල් බවෙන් මිදීමයි. ඹහු උපතින්ම වහලෙකි. මව කල්ලෙක්. පියා සුද්දෙකි. ඹහු තවත් සමාජ අසාධාරනයක ප‍්‍රථිපලයෙකි. වහළුන් බෝ කිරීමෙි ඵක් ක‍්‍රියාවක සංකේතයකි. වහල් සමාජයේ සාමාජික සංඛ්‍යාව වැඩි වුයේ කල්ලන්ගෙන් හා මේ ආකාරයට බෝ කරගත් නව සාමාජිකයන්ගෙනි. ශ‍්‍රමය පමනක් මුල් කරගත් මෙම යුගය ඉහල වටිනාකමක් ලබා ගන්නේ ශ‍්‍රමය සදහා පමනි. ඹවුන්ට වටිනුයේ මනුෂ්‍යයා නොව ශ‍්‍රම වටිනාකමයි. ඵ් සදහා ඹවුහු වහළුන් වදහිංසාවට ලක් කිරීමට තරමි පෙළඹුනේ ඹවුන්ගේ සමාජ දේශපාලනය ඵම ක‍්‍රියාවන් සාධාරණිය කල නිසාවෙනි. Fedrick Douglass ඹහු විදි අනේක දුක්ඛ දෝමනස්සයින් පෙල ගැස්සුවකි. හර්ෂි පෙරේරා ඵම සංවේදනාවන් ඵකින් ඵක ඇමිනුවේ තව දුරටත් මනුෂ්‍යත්වයේ නාමයෙනි.

මනුෂ්‍යයා ජීවත් විය යුත්තේ සමානාත්මතාවය රජයන සමාජයක වීම ස්වාභාවික නීතියේ මුලිකාංගයකි. නමුත් ඵදා වහල් සමාජය ඵ් සියල්ල ඹවුන්ට අහිමි කරන ලදි. Fedrick Douglass ඵ් බව මනාව පැහැදිලි කලෙය. වදහිංසා වලින් ගහණ සමාජයක උපත ලැබු Fedrick Douglass වහල්භාවයෙන් මිදීමට හා කැමැති ලෙස නිදහසේ ජීවත් වීමට ලැබු පන්නරය සියළුම වහළුන්ගේ විමුක්තිදායකයා වීම මුළු මහත් පීඩිතයන්ටම සැපයු ආදර්ශයක් විය.

හර්ෂි පෙරේරා මෙවැනි චරිතාපදනයක් පරිවර්තනය කිරීම සදහා තෝරා ගැනීම කාලීන මෙහෙවරක් බව මාගේ හැගීමයි. මන්දයත් වහල් යුගයේ නෂ්ඨාවශේෂ යමි අවස්ථාවන්හිදී අප සමාජයේද දක්නට ඇති නිසාය. ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් පටන් ගත් සමාජ විකාශණය මේ වන විට පන්ති ගැටුමක් දක්වා වර්ධනය වී ඇත. සමාජය යුගයෙන් යුගය පියවර තබයි. ඵහෙත් මනුෂ්‍යයින් ගෞරවාන්චිතව ජීවත් විය යුතූය. වදහිංසාව තුරන් විය යුතූය. Fedrick Douglass මේ බව අපට මතක් කර දී ඇත. ඵබැවින් මෙවැනි කෘතින් පරීවර්ථනය කිරීම සමාජ මෙහෙවරක් බව කිවයුතු මනාය.

Sunday 3 April 2011


ගෝලිය ත‍්‍රස්තවාදය (දෙවන කොටස)

ලොව තාක්‍ෂණ හා සන්නිෙවිදනයේ දියුණුවත් සමඟ ත‍්‍රස්තවාදයේ මුහුණුවර වෙනස් වෙමින් මහා පරිමානයේ මිනිස් සමූල ඝාතන ඉලක්ක කොට ගැනීමක් අද වන විට පළමු අරමුණ වී ඇති බව මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම් වලින් සිදුවූ ක‍්‍රියාකාරකම් දෙස බැලීමේදී පෙනී යයි’ මේ වන විට ත‍්‍රස්තවාදී ව්‍යාපාර තම ආර්ථික ශක්තිය දියුණු කිරීම සඳහා යුධ අවි ජාවාරම්, මත් ද්‍රව්‍ය වෙළදාම, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවලින් ලබා ගන්නා මුල්‍යමය වටිනාකම මත ලෝකයේ ත‍්‍රස්තවාදී කණ්ඩායම් අද වන විට ලෝකය තුල ප‍්‍රධාන භූමිකාවක් වී ඇති ආකාරය දැක ගත හැක.

ත‍්‍රස්තවාදය නැමැති පුඵ’ල් මාතෘකාව ගැන සාකච්ඡ කිරීෙමිදී එය එක්විටෙක සංකීර්ණ මාතෘකාවක් බවට පත්වන අවස්ථාද ඇති බව ත‍්‍රස්තවාදය පිළිබඳ හැදෑරීමේදී හදුනාගත හිකි සංකල්පයන් වේ’. ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් යොදා ගන්නා ලද නිර්වචන කිහිපයක් අධ්‍යයනය සඳහා යොදා ගත හැක.


01. ත‍්‍රස්තවාදය යනු ජාතික විමුක්තියද?
02. ත‍්‍රස්තවාදය යනු විප්ලවකාරී ප‍්‍රචණ්ඩත්වයද?
03. අහිංසකයින් ඉලක්ක කර ගැනීම මුලික අරමුණද?

ත‍්‍රස්තවාදය යනු කුමක්දැයි හදුනා ගැනීමට මෙවැනි උපකල්පන යොදා ගැනීම අධ්‍යයනයේ පහසුව වැඩි වන්නේය.

ත‍්‍රස්තවාදය පිළිබඳව මතවාදයන් පලකල මහාචාර්යය නෙතන්යාහුට අනුව දේශපාලනක ප‍්‍රයෝජන සඳහා හිතාමතා සහ ක‍්‍රමාණුකූලව මිනීමැරුම් අංගවිකල කිරීම් සහ හිරිහැර කිරීම් වලට අහිංසකයින් ගොදුරු කිරීමයි’.

නමුත් පසුකලකදී මහාචාර්යය නෙතන්යාහු විසින්ම අහිංසකයින් යන වචනය වෙනුවට සිවිල් ජනතාව යන වචනය භාවිතා කරමින් එය විෂය මූලික සංකල්පය ලෙසත් එය නිර්වචනය කරන්නාගේ විෂය දැනුම පුඵ’ල් කරිම සඳහා අර්ථාන්විත වෙනස් වචන මාලාවන් යොදා ගෙන ඇති බව ත‍්‍රස්තවාදය පිළිබඳ විකාශනය හැදෑරීමේදී මෙවැනි කාලීන වෙනස්කම්ද සිදුව ඇති බව වටහා ගත හැකිය.

ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් විවිධ වූ නිර්වචන ඇතද පොදු වූ නිර්වචනයක් තවමත් සොයා ගත නොහැක’ය. යම් යම් උපකල්පන නිගමන පරීක්‍ෂණයන් මත ත‍්‍රස්තවාදය පිළිබඳ පර්යේෂන කටයුතුවල පහසුවට යම් යම් නිර්නායකයන් ද යොදා ගත් ආකාරය ශාස්ත‍්‍රීය ලිපි අධ්‍යයනයේදී දැක ගත හැක.

ත‍්‍රස්තවාදය යනු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා සිවිල් ජනතාව හෝ ඔනුගේ ඉලක්ක වලට එරෙහිව හිතා මතා හෝ තර්ජනාත්මක ප‍්‍රචන්ඩත්වය යොදා ගැනීමයි.

මෙම නිර්වචනයන්හීදී දුලබ කරුණු තුනක් ගැබ්ව ඇති ආකාරය අධ්‍යයන කටයුතු වලදී දැකගත හැක.
1. ක‍්‍රියාකාරිත්වය ප‍්‍රචණ්ඩකාරී වේ
2. ක‍්‍රියාවක අරමුණ සැමවිටම දේශපාලනික වේ’
3. ත‍්‍රස්තවාදයේ ඉලක්කය සිවිල් ජනතාවයි’

ත‍්‍රස්තවාදය පිළිබඳ මෙවැනි නිර්වචන කොතෙකුත් තිබුනද ත‍්‍රස්තවාදයේ මුහුණුවර කලින් කල වෙනස් වන ආකාරයද ලෝකයේ සිදුවූ ත‍්‍රස්තවාදි ක‍්‍රියා දෙස මෑත කාලීන විමසුමකදී දැක ගත හැකි විය.

වර්ෂ 2001 සැප්තැම්බර් 11 වන දින නිව්යෝර්ක් නගරයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදීම මගින් ත‍්‍රස්තවාදයේ මුහුණුවර වෙනස් කරමින් විශාල ප‍්‍රමාණයේ සිවිල් ජීවිත වලට හානි පමුණූවමින් මරාගෙන මැරෙන ප‍්‍රහාර සිදුකිරීමට පටන් ගෙන ඇති බව එම ප‍්‍රහාර වලින් දැක ගත හැක.

ත‍්‍රස්තවාදය පිළිබඳ ඉතිහාසය විමර්ශනයට ගත් කල හදුනාගත හැකි ලක්‍ෂණ කිහිපයක් හමු වේ.

 ඉතිහාසයේ වැඩි කොටසක් ත‍්‍රස්තවාදී ක‍්‍රියා සිදුවූයේ මැද පෙරදිග හා යුරෝපය සම්බන්ධව වීම.’
 ලෞකික පරමාර්ථ හෙවත් ආගමික පරමාර්ථ තිබීම.

ත‍්‍රස්තවාදය යන වචනය ප‍්‍රථම වරට යුරෝපීය භාෂාවට ඇතුලත් වූයේ 1789 ප‍්‍රංශ විප්ලවය ආශ‍්‍රිතවය. එකල යුරෝපයේ ඇති වූ මෙම ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා, ලේ වැගිරීම්, මිනිස් ඝාතන දක්වා වර්ධනය වූ බැවින් හා මෙය එක්තරා සංවිධානාත්මක මට්ටමක පැවැතුනු අතර එහි සිදු වූ යම් යම් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හේතුවෙන් ත‍්‍රස්තවාදය නැමැති වචනය බිහිවුවා යයි උපකල්පනය කිරීමට අධ්‍යයනවේදීන් සමත්ව ඇත.

10 වන සියවස වන විට ත‍්‍රස්තවාදය ආරම්භ වෙමින් පැවැති අතර මෙහිදී එවකට ගොඩනැගනු රාජ්‍ය නොවන සංවිධාන ත‍්‍රස්තවාදී කණ්ඩායම් ලෙස ගොඩනැගුණු අතර ජනතාවගේ කැමැත්ත* නමින් හදුනාගත් රුසියානු විප්ලවවාදී කණ්ඩායමක් බිහිවිය. ඔවුහු ත‍්‍රස්තවාදී යන වචනය තම කැමැත්තෙන්ම ආරෝපනය කරගන්නට පෙළඹුනහ. මොවුන් විසින් තමන්ට නරක යයි හදුන්වා ගත් නායකයින් ඝාතනය කිරීම සඳහා මුලිකව පෙළඹී ඇති බව ත‍්‍රස්තවාදය පිළිබඳ අතීතය විමර්ශනයේදී පෙනී යයි. ඒ සඳහා අවශ්‍ය කරන අවි ආයුධ ඔවුන්ම රැුස්කර ගන්නා ලදී. ඔවුන් මුලින්ම උත්සහ ගත්තේ දෙවැනි සාර්, ඇලෙක්සැන්ඩර් රජු ඝාතනය කිරීමයි. එහෙත් එය ආසාර්ථක ක‍්‍රියාවක් බවට පත්වුයේ යැයි සඳහන් වේ.

මෙතැන් සිට විකාශනය වූ මෙම ත‍්‍රස්තවාදය දේශපාලන නායකයින්, රාජ්‍ය නායකයින් ඉලක්ක කර ගනිමින් ඔවුන් ඝාතණය කිරීම සඳහා තම සැලසුම් සඳහා සකස් කර ඇත’ නමුත් විසිවන සියවස තුලදී ඔවුන්ගේ සැලසුම් බොහොමයක් අසාර්ථක වූ බවද වාර්තා වේ.

ත‍්‍රස්තවාදය වෙනස් වන මුහුණුවර තුළ තවමත් හදුනාගත හැකි පොදු ලක්‍ෂණ කිහිපයක් ඇත.

1. ත‍්‍රස්තවාදය තුළ ඇත්තේ සාමාන්‍යයෙන් නිල නොවන ස්වභාවයය.’ එමෙන්ම එය පොදු ජනතාවගේ හගීම් මතුවී ඒමක් ලෙස පෙන්නුම් කිරීමට තැත් කරයි’. එහෙත් ඇත්ත වශයෙන්ම දක්නට ලැබෙනුයේ බොහෝ ආණ්ඩු ඒවාට රහසින් හා යටින් උදව් හා අනුබල දෙන බවය.

2. ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් කෙරෙහි ත‍්‍රස්තවාදය විශ්වාසය තබා තිබෙන අතර නිතරම බලය නියෝජනය කරන සංකේත තම ඉලක්ක ලෙස තෝරා ගනී.

3. අහිංසකයින් වෙත පහරදීම ත‍්‍රස්තවාදීන් විසින් හිතාමතා වැඩි කරන අතර එමගින් තම රටවැසියන් ආරක්‍ෂා කිරීමට ආණ්ඩුව අසමත් බව පෙන්නුම් කරන්නට තැත් කරයි’.

4. දේශපාලන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට සාමාන්‍ය ජනයා දක්වන දැඩි පිළිකුල හා විරෝදය ත‍්‍රස්තවාදීන් විසින් අවතක්සේරුවට භාජනය කරයි’.

(ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේඅපරාධ විද්‍යා පර්යේෂන නිබන්දනය ආශ‍්‍රයෙන්)

ශෂිකලා පුංචිහේවා විසිනි





ගෝලීය ත‍්‍රස්තවාදය (පළමු කොටස)



ශෂිකලා පුංචිහේවා විසිනි


ශ‍්‍රි ලංකාව තුළ උග‍්‍ර ලෙස උද්ගතව තිබූ ගැටඵ’ අතර ප‍්‍රධානතම ගැටඵ’වක් වී තිබුණේ ත‍්‍රස්තවාදය පිළිබඳ ප‍්‍රශ්නය බව පිළිගත යුත්තකි. දැනට මිනිස් ඝාතන හා විනාශාකාරී ක‍්‍රියාවන් නතරව තිබුණත් මෙම ප‍්‍රශ්නය සහමුලින්ම ලංකාවෙන් තුරන් කිරීමේ අවසන් අදියරේ පසු වන්නෙමු. මෙම ප‍්‍රශ්නය දැනට යම් තරමක් නතරව පැවැතුනද එය අවසන් වී යැයි අපට පැවැසිය නොහැක’ය. ඊට හේතුව මෙය අන්තර් ජාතික වශයෙන් පවා විහිදී පවතින නිසාවෙන් හා ඒවායෙන් සමහරක් වෙනත් වෙනත් මුහුණුවර ගෙන නැවතත් පැමිණීමට මානබලමින් සිටින නිසාවෙනි. එනිසා මෙය ලංකාවෙන් තුරන් කිරීමට තව තවත් බෝහෝ පියවර ගත යුතු වේ යැයි යන්න අපේ හැගීමයි’

ත‍්‍රස්තවාදය නිසා මිනිස් ජීවිත සියදහස් ගණනකින් විනාශ වී ගිය අතර රාජ්‍ය දේපල හා පෞද්ගලික දේපල ද විනාශයට පවත්ව ඇති බව පෙනෙ.් ආර්ථික මර්මස්ථාන වලට පහර දී රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල කරමින් සිවිල් පුරවැසියන්ගේ නිදහසට බාධා කරමින් මෙම ත‍්‍රස්තවාදි කටයුතු වල නියැලී ඇති ආකාර අපට හදුනාගත හැකිය’.

මෙම ත‍්‍රස්තවාදී උවදුර ශ‍්‍රී ලංකාවට පමණක් උරුම වූදෙයක් නොවි. ලොවපුරා ක‍්‍රියාත්මක වන ත‍්‍රස්තවාදී කණ්ඩායම් දෙස බැලීමේදී මෙය ලෝකයටම පොදු වූ මානුෂීය ප‍්‍රශ්නයක් බවට එම ලෝක ත‍්‍රස්තවාදී කණ්ඩායම් හදුනාගැනීමේදී පෙනී යයි.

ලොව ඉතාමත් බලවත් හා දරුණුතම තස්තවාදී කණ්ඩායම් දෙක ලෙස දැනට හදුනාගෙන ඇත්තේ අල්කයිඩා සංවිධානය හා ශ‍්‍රී ලංකාවේ එල් ටි ටි ඊ සංවිධානය හෙවත් ද්‍රවිඩ ඊලාම් කොට් සංවිධානයයි. මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම් දෙකෙහි නායකයින්ගේ ඡුායාරූප දකින ලොව කවරෙකුට වුවද මෙම සංවිධාන වල නායකයින් කවුරුන්දැයි හදුනාගත හැකි පරිදි ලෝකවාදී ජනතාවගේ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය පිළිබඳ දැනුවත් භාවය කෙබදු එකක්ද යන්න හදුනා ගැනීමට පුඵ’වන’

ලොව ජාලයක් සේ ක‍්‍රියාත්මක වෙමින් රටින් රට සාමාජිකයින් සංඛ්‍යාව වැඩිකර ගනිමින් හා විවිධ සංවිධානයන්ගෙන් හා පුද්ගලයින්ගෙන් දේශපාලන හා ආර්ථික වාසි ලබමින් පෝෂණය වන මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම්වල දරුණු භාවය නවීන තාක්‍ෂණය ඔස්සේ ප‍්‍රචාරණය වන බවත් දැක ගත හැක. මොවුන්ගේ ශක්තිය හා බලය විදහා පාමින් අති භායානක අනතුරු සිදු කරමින් දේපල හා ජීවිත දහස් ගණන් විනාශ මුඛයට ඇද දැමීමට තරම් කුරිරු වූත් මිලේච්ඡු වූත් ක‍්‍රමෝපායන් අනුගමනය කරන ආකාරය විමසීමේදී ඒ සඳහා යොදාගත් සිය ඥාන ශක්තිය කොතරම් උසස් ලෙස මෙහෙයවා ඇති බව හැදින ගැනීමේදී ත‍්‍රස්ත කණ්ඩායම්වල ඇති බුද්ධි මණ්ඩලයන් සාර්ථක සැලසුම් හා යොදාගන්නා ලද ශිල්ප ක‍්‍රම හා විද්‍යාත්මක ක‍්‍රමවේදයන් තුලින් ඔවුන්ගේ ශක්තිය හා බලය මනුෂ්‍ය සංහාරය සඳහා යොදා ගන්නා ආකාරය දැක ගත හැකිය.

ලොව මෙවැනිම දරුණුතම ත‍්‍රස්තවාදී කණ්ඩායම් අතඑ ප‍්‍රධාන සංවිධාන දෙකට අමතරව”

 හමාස් සංවිධානය
 හිස්බුල්ලා සංවිධානය
 හරාකටි උල් මුආඩින්
 අබු යසිෆ් කණ්ඩායම
 අබු නිඩාල් සංවිධානය
 ජපන් රතු හමුදාව
 අයරිෂ් පෙබ්ලින්ග් හමුදාව ආදී ත‍්‍රස්තවාදී සංවිධානද ඇත.

(ශ‍්‍රී ජයවර්දනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යා විෂය වෙනුවෙන් වු පර්යේෂණ නිබන්ධනය ආශ‍්‍රයෙනි.)*


සමාජ සංස්ථා තූලින් මතූවන විෂමතා


ශෂිකලා පුංචිහේවා


ශී‍්‍ර ලංකා ජන සමාජය ගොඩනැගි ඇති ප‍්‍රධාන ඵ්කක සමාජ සංස්ථා ලෙස හැදින්විය හැක. ජන සමාජයක් වෙනස් වීම කෙරෙහි වන බලපෑම මෙම සමාජ සංස්ථා තූලින් සිදුවන බව තේරුමිගත යුත්තක.ි සමාජීය පුනරාගමනයට හා ප‍්‍රතිනිර්මාණයට බලපෑ උක්ත සාධක මොනවාද යන්න හදුනා ගනිමු.

1. කූලය

 අප ජන 
සමාජය තූල කූලය නැමැති සාධකය නිලීනව කි‍්‍රයා කරන අයුරු දැකගත හැක. ප‍්‍රජාතන්ති‍්‍රය රාජ්‍යන් තූල කූලයට ඉඩක් නොමැත. ඇත්තේ සමානත්වය පමන.ි නමුත් ඵසේ සිතා ගත්තද කූලයද අත්‍යවශ්‍ය සමාජ කරුණක් බව දේශපාලන සංවිධාන තූල ආගමික ආයතන තූල රාජ්‍ය ආයතන තූලට පවා දැඩි බලපෑමක් ඵල්ල වන බව විමර්ශණයන් තූලදී දැකගත හැකිවිය. 

2.  පන්තිය
 
ශී‍්‍ර ලාංකීය ජන සමාජයේ පංති තූනක් ප‍්‍රධාන වශයෙන් කි‍්‍රයාත්මන වෙ.ී මෙහිදී ධනපති පංතිය හා මධ්‍යම පංතිය සමාජය තූල වැඩි කි‍්‍රයාකාරිත්වයක් දක්වය.ි නමුත් බහුතරයක් අයිති නිර්ධන පංතිය සතූව කිසිදු
බලයක් නොපැවතියත් අදවන විට පවතින පන්ති පීඩනය තූල සමාජීය වෙනස්කමි සිදුකිරීමට දැඩි ප‍්‍රයත්නයක් දැරීම තූල විප්ලවීය කි‍්‍රයා මාර්ග ගන්නා තැනට පත්වීම ශී‍්‍ර ලාංකීය ජන සමාජයට හිතකර නොවෙ.ී


3. ආගම
 
 සමාජයක සංස්කෘතිය දැඩිව බැදී ඇත්තේ ආගම තූලින්ය. නමුත් අප ජන සංස්කෘතිය තූල මෙි වන විට බොහෝ ආගමික දර්ශනයන් බිහිව ඇත්තේ  ව්‍යාපාර බිහිවන සේය. සමහර පුද්ගලයන් මෙම ආගමිවාදී දර්ශන පසුපස ඇදි ගියේ අධ්‍යාත්මික දියුණුව සදහා නොවන බවත් ආර්ථික වාසි සලසා ගැනීමට බවත් හැගී ගිය කරුණක.ි මෙි තත්වය තූල ආගම අධ්‍යාත්මික සංකල්පයකට වඩා ආර්ථික සංකල්පයක් දක්වා පරිණාමය වු බව අදාල ආගමික සංස්ථා අධ්‍යනයෙදි වටහාගත හැක.


4. දේශපාලනය 

 අද වන විට ශී‍්‍රලංකා ජන සමාජයේ අතිකි‍්‍රයාකාරිත්වයක් ඇති සංස්ථාව දේශපාලනය බවට පත්ව ඇත. ඉහතින් සාකචිචා කල කාරණා තූනම මෙම සංස්ථාව වෙත අතික‍්‍රමණය වී ඇතිබව විග‍්‍රහ කිරීමි තූලින් පිළිඹිඹු විය. අප ජන සමාජය මෙහෙයවන ගාමක බලවෙිගය බවට පත්වීම දේශපාලන සංස්ථාව ප‍්‍රබල සාධකයක් විය. ප‍්‍රජාතාන්ති‍්‍රක රටක් තූල කි‍්‍රයාත්මක වන සමානාත්මතාව පුද්ගල නිදහස හා අයිතිවාසිකමි මෙම සංස්ථාව තූලින් අහිමි වීමට පටන් ගෙන ඇති බව යමි යමි දේශපාලන සංවිධාන තූලින් දැකගත හැක. 

 ඉහත සියළු කාරණා අප සමාජ පර්‍යාය වෙනස් වීම කෙරෙහි දැඩි ලෙස බලපා ඇති බව මෙි අනුව සිතා ගත හැක. සමාජ විෂමතා පවතින රටක් සංවර්ධනය සදහා යා නොහැක. මුලික අවහිරතා ඉවත්කර නොගන්නා තෙක් ශී‍්‍රලංකාව තවදුරටත් තූන්වන ලෝකයේ රටක් ලෙස වැජඹෙනු ඇත.