Saturday 2 March 2013




ක්රීඩාව සදහා වූ ළමුන්ගේ මරණ භීතිකාව 

පාසල් ක්රීඩා තරග වලට සභාගි වන ළමුන්ගේ ක්රීඩාව සදහා ඇති දරා ගැනීමේ ශක්තිය පිළිබද ප්රශ්නයක් ඇති බව , මේ දිනවල වාර්තා වන මරණ සංඛ්යාව සහ වෙනත් වර්ගයක මරණ ප්රතිශතයක් ලෙස ශ්රීලංකාව තුල මිය යන්නන්ගේ සංඛ්යාලේඛන වලට එකතු වී ඇත . මෙම සංසිද්ධියට හේතුව කුමක්ද යන්න තවම ,පැහැදිලි වූ නිර්වචනයක් නොමැති බැවින් , නිර්ණායක කීපයක් ක්රීඩාව පිළිබද වූ අත්දැකීම් ආශ්රයෙන් ඉදිරිපත් කල හැක .

මෙයට පෙර ක්රීඩාව සදහා වූ පාසලේ පළමු වාරය  තුල , ක්රීඩා කිරීම නිසා මිය යන්නාවූ සිද්ධීන් ඉතිහාසයේ වාර්තාගතව නැත . සෞඛ් සම්පන්න ඕනෑම ළමයෙකුට කැමති ක්රීඩාවක් සදහා ඉදිරිපත් විය හැක . සමහරු යම් ඉසව්වකින් ජයග්රහණය කරන අතර සමහරකු පරාජය ලබයි . ,එහෙත්  එම අන්තයන් දෙකම විදගැනීමේ  ශක්තිය අපේ ළමුන් තුල එදා තිබුණි . වන විට පැවති ආර්ථික වාතාවරණය තුල සමහර ළමුන් අඩු පහසුකම් සහිතව හා කුසට ආහාරයක් නොමැතිව ක්රීඩාවේ යෙදුනු අවස්ථා ඕනෑ තරම් විය . එදා ක්රීඩාව සදහා දියුණු තාක්ෂනයක්ද නොතිබිණි . ඇගේ හයිය ක්රීඩා කිරීමට තිබුණු එකම සාධකයයි 

එහෙත් අද මේ සියලු අඩුපාඩු සැපුරු පරිසරයක ක්රීඩා කරන , ළමයා , ක්රීඩාවක නිරත වීමෙන් මරණයට පත් වන්නේ නම් මෙය හදුනා ගතයුතු සමාජ සංසිද්ධියකි . මෙහිදී හේතු කීපයක් විමසිල්ලට ගතයුතු වේ .

01 . මෙය ශරීර සවුක්ය පිළිබද ප්රශ්නයක්ද ?

   ළමයා දිනකට ලබා ගන්නා අහාර පෝෂ්යදයි වේද ? නැතහොත් අහාර ප්රමාණය ප්රමනවත්වේද ? යන්නත් ළමයා නිරන්තරයෙන් වෙනත් රෝගාබාධ වලට ලක් වන්නේද? යන්න පිලිබදවත් නැතහොත්  උපතින්ම දරා ගැනීමේ ශක්තිය මදිකම පිළිබද ගැටළුවක් ,ශරීර සවුඛ් පිරිහියාමක් ඇතිවේදැයි සැලකිය හැක .

02 මෙය මානසික රෝගයක බලපෑමක්ද?
එක මරණයක් මේ ආකාරයට සිදුවූ බව දැනගන්නට ලැබුණු සැනින් ,පිළිබද තම මනසට රැගෙන 'සෙල්ලම් කරාම මැරෙන්නත් පුළුවන් ' යන ආකල්පයේ රැදෙමින් ක්රීඩාවක නිරත වන විට , ක්රීඩාව පිළිබද අරමුණ වෙනස්වී ,මරණය පිළිබද ආකල්පය ඉදිරියට ඒමට පටන්ගනී . ක්රීඩාවක යෙදෙන විට සිතට දැනෙන ලගම සිතුවිල්ල , ජයග්රහණය සදහා හෝ පරාජය සදහා ප්රබල වේ . නමුත් ළමා මනසට ක්රීඩා මනෝවිද්යාව පිළිබද දැනුවත්භාවයක් නොමැති බැවින් , තම සිතුවිලි හසුරුවාගත නොහැකිව , මෙවැනි හදිසි මරණයක් සදහා ප්රවේශයක් ලබා ගැනීමට හැකියාවක් ඇත .

පාසල් ළමුන් අතර ක්රීඩාව අනිවාර්ය කරවන්නේ රටට ජවසම්පන්න පරපුරක අවශ්යතාවය හා නිරෝගී පිරිසක් බිහිකර ගැනීමේ අරමුණු කරගෙනයි . මෙය ළමා තරුණ,වැඩිහිටි හා මහලු යන වයස් කාණ්ඩ දෙසටත් ගැලපෙන ලෙස ක්රීඩාවන් යොදාගෙන ඇත .මේ සදහා දියුණු තාක්ෂණයක් හා උපදෙස් ලැබීමද , ප්රාදේශීයව හා පාසල් මට්ටමින් පුහුණුකරුවන් යෙදවිමෙන්ද රටක අත්යවශ් අංගයක් සංවර්ධනය කිරීමට රජය උත්සහ දරා ඇත .

එහෙත් පාසල් ක්රීඩා සදහා නව චක්රලේඛ නිකුත්කර වයිද්ය පරීක්ෂණයකින් ක්රීඩාව සදහා දරා ගැනීමේ ශක්තිය පිළිබද මැන බැලීමෙන් , මෙම සංසිද්ධියට පැහැදිලි පිළිතුරක් ලබාගත නොහැක . එය ගුණාත්මක ප්රතිකර්මයක් නොවේ . එබැවින් මෙම නව සමාජ සංසිද්ධිය පිළිබද සමාජ විද්යාත්මක හෝ   මනෝ විද්යාත්මක පර්යේෂණයක් සිදුකෙරෙමින්  නිර්දේශ ලබා ගතයුතු බව පැහැදිලි වේ .නැතහොත් පාසල් ළමුන් තුල ක්රීඩාව සදහා මාරක භීතිකාවක් ඇති වීමෙන් කිසිවෙකුත් ක්රීඩා සදහා ඉදිරිපත් නොවන්නට පුළුවන .

ශෂිකලා පුංචිහේවා 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.