Saturday 9 March 2013



පැපරාසියකුගේ අභිරහස් මරණය 

                          හිසට එල්ල කල එක වෙඩි ප්රහාරයකින් ලෝ ප්රකට පැපරාසියකු වූ ඩැනියෙල් ලෝ රෝමයේ ටෙස්ටෂියෝ හිදී ,මරණයට පත්විය .උදැසන ව්යායාම සදහා දිවයන මාර්ගයේ ලේ විලක් මැද ඩැනියෙල් අවසන් ගමන් ගියේය . බොහෝ දෙනෙකු පවසන්නේ මෙය මාෆියා කල්ලියක වැඩක් බවය .මිය යන විට ඔහු 42 වෙනි වියේ පසුවිය

                            ඩැනියෙල් රහසේ පටිගත කල තාරකාවන් අතර රිහනා , බියෝන්සේ ස්කාර්ලට් ජෝහැන්සන් , මෝස්තර නිර්මාණ ශිල්පී , ස්ටෙෆානෝ ඩොල්ස් හා ඩොමිනිකෝ ගැබනගේ පෙම් සුව විදින චයාරුපද ඔහු විසින් පටිගත කෙරුණි . ඔහු ප්රසිද්ධියට පත්වුයේ මොල්ටවේදී බ්රදී පිටි වෙනත් කාන්තාවක සමග සමග සිටින චායරුප ගෙන ඒවා ලොවට හෙළි කිරීමත් සමගයි . මෙම පින්තුර නිසා බ්රන්ඩිගේ පෙම්වතිය ඇන්ජලින ජොලි දැඩි කෝපයට හා සංවේගයට පත්විණ . ඔහුගේ මෙවැනි කාර්යන් නිසා බොහෝ පුද්ගලයින් ලජ්ජාවට පත්වුණා වගේම ඔවුන්ගේ පව්ද්ගලිකත්වයට දැඩි සේ හානිවිය

                                    මෙම මරණයේ පරීක්ෂණ වල නිරත වූ නිලධාරීන් පවසන්නේ , ඔහු මාෆියා පව්ලක කෝපයට පත්වන යමක් කරන්නට ඇති බවත් , නැතහොත් ඔහු ගත්  චායාරුප ප්රසිද්ධ වනවාට අකමැති වූ කෙනෙකු මෙය කල වියහැකි බවත්ය . පසුගිය මාසයේදී , ඔහුගේ චායාරුප ශාලාවේ සේවය කල සේවකයකු යතුරුපැදි අනතුරකින් මරණයට පත්වීමද , සක සහිත තත්වයක් බව පරීක්ෂණ නිලධාරීන් පවසයි

                                   අනුන්ගේ කුණු අවුස්සා ලොවටම කීමෙන් ඒවාට ලක්වූවන්ට දුන් දුක් වේදනාවන්ගේ පලවිපාක මේ අයුරින් ඩැනියෙල් වෙත ලගාවිය .මෙය අන් අයගේ පව්ද්ගලිකත්වයට හානිවන අයුරින් තොරතුරු සොයන මද්යවේදීන්ගේ ඉරණමක අවසානය බව කිවහැක . පැපරාසි  යන්න නිර්මාණය වී ඇත්තේ , පාපටසියෝ නම් ඉතාලි වදනට අනුවය .මෙහි තේරුම මදුරුවෙකුගේ නාදයයි . පව්ද්ගලික තොරතුරු වාර්තාකරණයේදී මතුවන මානුෂික තත්වයන් සියලුම මද්යවෙදින් සැලකිල්ලට ගතයුතු කරුණක්  බව සිහිතබා ගත යුතුය .

ශෂිකලා පුංචිහේවා  

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.