Saturday 16 March 2013



වැඩිපුර බරක් වූ චීනයේ ඉතුරු වූ ගැහැණු "ෂෙන්ග් නු "

                     චීනයේ අද වනවිට නව ගැටළුවක් නිර්මාණය වී ඇත . උගත් ,උසස් රැකියාවල නියුතු ගැහැණු , තරුණ වයස ඉක්මවා යනතුරුද , අවිවාහකව සිටීමයි . රටක අද්යාපනය හා සේවා දියුණු වන විට එම රටේ පවතින ගැටළු අවම වේ යයි සිතුවද, අප නොහිතන ගැටළු නිර්මාණය වීමක් මෙහිදී සිදුව ඇත .මෙය කොතරම් චීනය තුල කතා බහට ලක් වන්නේදැයි , එරටේ මාද්යකරුවන් මෙම ගැහැණු සදහා "ෂෙන්ග් නු" හෙවත් ඉතුරු වූ ගැහැණු ලෙස හැදින්විමටද පටන් ගෙන ඇත .

                       චීනයේ ස්ත්රී පුරුෂ සංක්යාව අසමමිතික බැවින් , මේ ප්රශ්නය දැඩිව බලපා ඇත .වාර්තා වලට අනුව  එහි වයස අවුරුදු 30 අඩු පිරිමින් සන්ක්යාවට වඩා ගැහැනුන් සංක්යාව මිලියන 20 කින් වැඩි පෙන්වයි , . 2007 වසරේ සිට රාජ් මාද් , "ඉතිරු වූ " ගැහැණු යන පදය භාවිතා කරන්නේ , විශේෂයෙන්ම උගත් කතුන් සම්බන්ධවයි

                         චීනයේ සංගණන වාර්තා දක්වන්නේ , අවුරුදු 25 ත් 29 ත් අතර සිටින කතුන් 5 දෙනෙකුගෙන් 1 ක් අයෙකු අවිවාහකව සිටින බවයි . මේ වයසේ පසුවන පිරිමින් සැම  විටම උත්සහ කරන්නේ , වයසින් අඩු හා තමන්ට වඩා උගත්කමින් අඩු කතුන් හා විවාහ වීමටය . චීනයේ පවතින මෙම අසමමිතික තත්වය  හා කාන්තාවන්ගේ අවිවාහක ගැටලුව නිසා , රජය විශේෂ පියවර ගෙන ඇත

                         මෙම උගත් කාන්තාවන්ට  සහකරුවන් මුණ ගැස්වීමට , විශේෂ අවස්ථා සංවිධානය කර ඇත .බොහෝවිට පිරිමි සහකරුවන් කලහකාරී කිරීමත් කලබල ඇති කරවීමත්  මගින් , ඔවුන් ඉක්මනින් විවාහ දිවියට ඇතුළු කිරීමට රජය උත්සහ දරා ඇත . මෙම ඉතිරි වූ ගැහැණු , ප්රියමනාප , හොද රැකියාවල නියුක්ත හා උපාධිදාරී වුවද ,ගැලපෙන සහකරුවන් මුණ නොගසිමෙන් , ඔවුන්ට තනිව සිටීමට සිදුව තිබෙනවා . එම හේතුවෙන් පළමුව තම පවුල තුල කොන්වීමෙන් හා මාද් මගින් මේ ගැන දිගින් දිගටම විවේචන එල්ල වීමෙන් , මෙම කාන්තාවන් දැඩි පිඩනයට ලක්ව ඇත . අවිවාහක වයස්ගත කාන්තාවන් පවල  තුල සිටීමෙන් , පව්ලේ පිරිමි මෙය ලජ්ජාවට කරුණක් යයි සිතා , නෑදෑ හිත මිතුරන් එකතු වන ස්ථාන වලට් රැගෙන යාමට පවා අකමැත්තක් දක්වයි

ශෂිකලා පුංචිහේවා  

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.