Saturday 30 November 2013

අලෙවි වන සිරියානු මනමාලියන්

         සොදුරුතම සිහින මැදින් මනාලියක් වන්නට පෙරුම්පුරන සිරියානු තරුණියන් ...... තම සිහින පසෙකට දමා යුධ කදවුරු තුල දිවි ගෙවමින් , අනාගතය නොදන්නා ඉසව්වකට පා කරමින් සිය දිවියම කදුලින් ගතකරන ආකාරය හා තම මනමාල සිහිනය තුල දුක්බරව ජිවත් වෙමින් සිටින ආකාරය මේ සටහන තුලින් දැකිය හැක. ජෝර්දානයේ ඝටාරී කදවුරු තුල සුදුපාට කුඩාරම් තුල ධුවිලි තැවරුණු මොට්ටක්කිලී තුල සිරවී අපා දුක් විදින තරුණියන්ගේ ඉරණම ඛේදජනකය.  
                ඔවුන් සිරියානුවන් වුවත්, නැවත උපන් රටට යා නොහැක. ජෝදනය තුල රැකියාත් නොමැත. කාන්තාරය මැද ඉදිකර තිබෙන කුඩාරම් තුලට වී, සරණාගතයන් ලෙස ජිවත් වෙමින් අපිරිසිදු අහාර, අපිරිසිදු පානිය ජලය හා දුවිලි තුල සම්මිශ්‍රණය වෙමින් දිවි ගෙවන     මොවුන්ගේ කුඩාරම් අසල දිගු අගල් කපාගෙන ඇත්තේ තම දියණියන්ගේ ආරක්ෂාව සලසන්නටය. පීඩනය දරාගත නොහැකි මව්පියන් දියණියන්ගේ  ආරක්ෂාව පතා සිදු කරනුයේ අඩු වයසින්ම තම ලාබාල දුවරු, විවාහය වෙනුවෙන් අලෙවි කිරීමය. 
               මැද පෙරදිග රටවල් වල සිරිත මනමාලයා විසින් මනමාලියගේ දෙමාපියන්ට මිලක් දී මනාලිය කැන්දාගෙන යාමයි. මේ තත්වය වාසියට ගත් මනාලයන්, පැමිණෙන්නේ අඩු මිලට මනාලියක් ලබා ගැනීමටයි. මනාලයන් කදවුරු තුලට පැමිණෙන්නේ මුලින් සරණාගතයින්ට ආධාර කරන දානපතියන් විලසිනි. අඩු වයස් ඇති දැරිවියන් සිටින පවුල් වලට මුලිකත්වය දෙමින්, උදව් කරමින්, එහෙත් අවසානයේ ආධාරය අවසන් වන්නේ ගනුදෙනුවක විලසින් බාල වයස්කාර දැරිවියක් වයස 60,50 පමණ වන මනමාලයෙකුට කසාද බන්දවමිනි. 
            මෙහි භයානකම තත්වය නම් , විවාහයෙන් සතියකට පසු මනමාලයා අතුරුදහන් වේ. හේතුව විවාහය පදනම් කොටගත් ලිංගික ගනුදෙනුවක් පමණක් වන අතර මෙහි සත්‍ය විවාහයේ අරමුණු ඉටුනොවුන බවය. මේ කාලය තුල ඔවුන් විදි ලිංගික පීඩන අපමණය. මේවා මව්වරු අසා සිටින්නේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාවෙනි. ආසරණකම හා දුප්පත්කම පමණක් උරුම ඔවුන්ට කාගේවත් පිහිටක් නැත. එලෙස විවාහ වූ තරුණියන්ට දික්කසදායාවත් ලැබෙන්නේ නැත. ඔවුන් වන්දබුවන් ලෙසම සිරියාවට යා නොහැකිව දිවි ගෙවීමට සිදුව ඇත. මේ සිරියානු මනමාලියන්ගේ තත්වයයි.  

Monday 18 November 2013

මට මගේ නොවන ආදරයක් තිබුණා.......

       ජීවිතය පුරා සුවද හමන ආදරයක් මට තිබුණාද......නැත්නම් කවදාක හරි තියේවිදැයි හොයාගෙන යනවිට .......දැන් තියෙන්නෙත් එයමැයි කියල වරෙක සිතන විට ..... හිත නතරවුණේ කොතනදැයි සිතිය යුතු කාලය දැන් එළඹ ඇත. මේ කොතැනක හෝ ඔබ සහ මං නතර වෙලා ඇති. එය මගේම යයි අයිතිකරගන්න හදන විටම අල්ල ගන්න බැරි දුරකට පාව යන්නේ ඇයිදැයි නොදනිමි.මේ තරමට හිත අතරමං වන ආදරය දෙවියෝ දුන්නේ ඇයිදැයි වරෙක සිතේ. ආදරය කරන්න ගොස් මේ හැම ජීවිතයක්ම අවුල් උනේ මන්දැයි කවුරුත් නොදනී.දුරස් වෙන්න වෙන්න ලංවෙන ....ඈත් වෙන්න වෙන්න .... ඕන වෙන මේ ආදරය කොතරම් බලගතුදැයි ඔබ දන්නවා ඇත.
               සමනල පිහාටුවක් වගේ පාවෙන..... සමනල සංධ්වනියක් වගේ හිත තුල නින්නාද වන ...... මේ ආදරය සුවද හමන පොහොට්ටුවක් වගේ සියුමැලියි. මනෝ මුලික ලෝකයක සැරිසරන මේ ආදරය ජිවිතයේ ලොකු වෙනසක් කරා ගෙනියපු විදිය ඔබ දන්නව ඇති. හොදට  හෝ නරකට හිටියෙත් එයම යයි ඔබට හිතෙන්නත් ඇති. අයිතිකර ගන්න බැරිව විනාශ කලෙත්, ජිවිත කාලයම දුක් විදින්නෙත් මේ මහා බලගතු ආදරය හින්දයි. සියළු දේ අහිමි කර ගනිමින්, ජිවත් වීමේ අයිතියද නැති කර ගනිමින්, විදවන්නෙත් විදින්නෙත් මේ සොදුරු ආදරයමයි, කියල කිව්වොත් ඒක සහතික ඇත්ත. 
                    සාලිය ,අශෝකමාලා ලබා ගන්න රජකමත් අත හැරලා, චිත්‍රා එක්ටැම් ගෙයක හිරවෙලා, සකුන්තලා දිග යන්නත් පෙර බඩදරු උනෙත් , මේ අනගි ආදරය හින්දමයි. ඒ අතිතයේය, වර්තමානයේ , මෙය අත්දුටුවේ වෙනස් මුහුනුවරෙකිනි. සෙව්වන්දි මාලබන්ධන අතින් මරුනෙත් , ඔහු ඒ හන්ද ජීවිතාන්තය දක්වා හිරබත් කන්නෙත් , රෝයල්පාර්ක් සුන්දරිය මියගියෙත් ඔහුට මරණිය දණ්ඩනය නියම වුනෙත් මේ සොදුරු ආදරය හින්දා නේද.......? දස්කොන් ප්‍රමිලා වගේ ආදර බන්ධනත් අද කොතෙකුත් ඇති, ඒත්..... අවසානය ...... මට මගේම ආදරයක් තිබුණා කියල විතරයි කියන්න වෙන්නේ. 
                  සියළු හිරවීම් වල හිරවෙන මේ උතුම් ආදරය සැම පරම්පරාවකටම ඒක සේ බලපාන නිරතුරු විදින..... උගුලක්දෝයි සමහරුන්ට සිතුන බව කියවේ. ආත්මාර්ථකාමී බවක් දැනෙන නිසාදෝ , මේ සියළු දුක් ගැහැට ...... සුන්දර අතීතයක් අයිති ආදර අන්දරයක් කොතැනක හෝ එදා තියෙන්න ඇති....... කුස ..... පබා රැවට්ටුවෙත් , අයිති කර ගන්න තරම් ආදරය බලවත් වුනු හින්ද. මෙලෙස නියම් අනියම් වූ මේ පෙම් කතන්දර ....සමාජයේ කොතනත් ඇති, ඉතින් මට මගේම කියල ආදරයක් තිබුනේ..... මේ තරම් හැලහැප්පිලි තිබුන නිසා නේද.....?   

Sunday 10 November 2013

පසුපස එන සොදුරු දස්කම්

              සොදුරුතම තාරුණ්‍යයේ ස්වභාවධර්මයා අපට කොතෙකුත් දස්කම් දී ඇත. විටක එය ආශීර්වාදයකි. වෙස්වෙලාගත් අභාග්‍යක අදුරු සෙවනැලි ඒ තුල ගැබ් උනේ කෙලෙසින්දයි, අපහට නොසිතේ. පිනුම් ගසන තාරුණ්‍ය හැකියාවලින් පිරිපුන් වනවිට එයින් ප්‍රොයෝජන නොගන්නා කිසිවෙකුත් ඇත්දැයි සිතේ ......... ඉරණම් ගමනක නැවතුම් පොළක් ළග, උන්මාදනීය වන රුවැත්තියන් සියතින්, ගෙල සිද ගන්නේදැයි පැහැදිලි නැත. යන ගමනේ වරදක් නැත. එහෙත්, වරද කොතැනකදැයි, කවුරුවත් දන්නේදැයි විමසා බැලීමක් කරමු. 
                   ප්‍රශ්නය ..... කැමරුන් බේ, කදුළු සලමින් කියා සිටියේ තමා සිටි සුන්දර අතීතය ගැන දැන් දුක්වන බවයි. හේතුව මේ වන විට ඇය, HIV වයිරස් අසදිතයෙක් වූ නිසාය. මේ එක් ප්‍රකාශයක් පමණි. තරුවක් වූ ඇය, අද වනවිට දුක්ඛිත ජිවිතයක් ගත කරයි. අපි ඇය වැරදි යයි කියන්නේ කෙසේද......? තවත් සුන්දරියන්ගේ ප්‍රකාශ තුලද මේ වන විට මෙවැනි අනුවේදනීය කතන්දර හෙළිවෙමින් පවතී . ඔවුහු සිය අතීත ක්‍රියාකාරකම් වල බරපතල තත්වය ,  අද වනවිට අත්  විදින්නේ කිසිවක් කරකියා ගත නොහැකියාවෙනි. 
                  තාරුණ්‍ය ඉක්මවූ පසු, කවුරුත් ගණන් නොගන්නා තත්වයකට පත්වන ඇය, පෙරදී තරුවක් වුවත්,හැගී යන්නේ  සමාජ පිළිකුලට ලක්ව ඇති බවය. රංගනය කොතෙකුත් ගව්රවනිය උවද, දේවත්වයෙන් සැලකුවද, ආසියානු  කාන්තාවට මෙය සාමාන්‍යකරණය නොවන බව , මෙවැනි උදාහරණ තුලින් වටහාගත යුතුය. ලංකාව පසුබිම් කරගතහොත්, මෙවැනි තත්වයක් උද්ගතවූ එක් තරුවක්, ප්‍රතික්ෂේපය නිසා, ලංකාව හැර ගියාය. තවත් තරුවක්, සියල්ල හැරගිය පසු තනිව් දිවි ගෙවන්නේ, අතීතයට ශාප කරමිනි. 
              මේ සටහන එවැනි නිරුපනයේ යෙදෙන අයට කරන ගැරහීමක් නොව, අස්ව්සිල්ලක් හා යථාර්තය අවබෝධ කරවන්නකි. අප යමක් ඉගෙන ගත යුත්තේ අන් අයගේ අත්දැකීම් පාදක කොට ගෙනය. සිතා මතා, කිසිවකුත් වැරදි පාරක නොයන්නේය. මුදල....... පදනම් කොට නොගන්න. ජීවිතය සමබරව විදින්න පුළුවන් තරුවක් වන්න. හඩමින්, තැවෙමින් අතීතය මෙනෙහි නොකරන. තැනට පත් නොවන්න. රෝමයේ සිටි ....... නම් රෝමවරු මෙන් ජිවත් වන්න යයි පැරණි කියමනක්ද ඇත්තේ, මේ නිසාය. මෙය අපේ අදහසක් නොවුනත්, අප අසියතිකයින් වීම, රෝමය තරමටම බලවත් වේ.පෙර අපර දෙදිගම ජිවත් වන්නේ මනුෂ්‍ය හැගීම් ඇති මනුෂ්‍යන් බව සිතිය යුතුය.තම  සියළු ක්‍රියාකාරකම් ගැන වැටහීමෙන් ජිවත් වන්න.   
                     

Saturday 9 November 2013

වරදින් කෙලවර වූ මානසික අවපිඩනය

         අපි කවුරුත් වැරදි කරති . වැරදි නොකරන කෙනෙක් මෙදියත නැති බව සුභාෂිතය කතුවරයා පැවසුවේය. පව්කාරයට ගල් ගසන්න යයි ජෙසුතුමාද කීහ. එසේනම් වැරදි නොකරන්නන් කිසිවකුත් නොවන බව කිවමනාය. වරද නම් මෙය නොව, වරදක  අවසානයේ දැනෙන මානසික පීඩනය ඔබට කවරදාක හෝ දැනිල ඇති. ඒ...... අපි අතින් වෙච්ච පුංචි වරදක් හින්ද වෙන්න ඇති. ඒක නම් .... ටික වෙලාවකින් ඇරිලා යන සාමාන්‍ය තත්වයක්. 
            නමුත්, සිතා මතා සැලසුම් සහගතව කරන වැරදි සදහා නම් අවසානයේ දැනෙන පීඩනය හරියට අර .....දුම් දමන තෙක් නටන දිය හැලියේ ඉන්න කකුළුවා, වගේමයි. ලෝකයේ සිටි බොහෝ කෙරුම් කාරයින්ට අත්වූ ඉරණමද මෙකි විය. වැරදි කරන්න එපා යයි , මිනිසුන්ට කියන්නේ මේ නිසාය. සියල්ලෝම මේ සමීකරණය ඇස් දෙකින්ම දකින්නත් ඇති, ඒත් තවදුරටත් කරන්නෙම මෙයමය. වැරැද්දේ පාපය හා අනෙකාට වූ සියළුම අකටයුතුකම් තමා පිටින්ම යන්නට පටන්ගත් විට, එල්ලෙන්න වත් වැලක් නැති බව පසක් වන්නේ...... මානසික රෝහලක කෙලවරෙනි. 

                මානසික රෝහලක බිත්ති අතර යකඩ කූරු ගනින කොට, ප්‍රකෘතිය පවා හැරගිය විට, පශ්චතාප වනන්නවත්, ඉඩක් නොතබම...... හිස් බැල්මෙන් අහස දෙස බලා හිදින්න පමණි උරුම වන්නේ. විසදුමක් නැති අනාගතයකට ජීවිතාන්තය තෙක්, පව් ගෙවනකොට ...... දෑස කළුවර පමණි පෙනෙන්නේ. හිරු උදාවෙයි, අදුර නැග එයි, ජීවිතය අවසන් නොවේ. සියල්ල විදිය යුතු නිසා, විදවන්න ඕනෙ නිසා. 
                  මරණය එන තෙක් බලහිදින , පෙර සිටි කෙරුම්කාරයන් අංගොඩ මානසික සවුක්‍ය ආයතනයේ ප්‍රතිකාර ලබන ආකාරය , එහි ගියවිට දැකිය හැක. (මෙය එහි සිටින  අහිංසකයින්ට අදාල නොවේ.) වරදින් මිදෙන්න වයිද්ය වාර්තා ගන්න හදන අයද මේ අතර සිටියද. ඔවුන්ද දසදහස් වාරයක් මැරී මැරී උපදින්නේ නඩුවට මොනවා වෙයිද කියල බිය සැකෙනි. මේ සියල්ලෝම නියම පිස්සෝද වෙති. සැනසීම ඔවුන්ට ලගපාතකවත් නැත. එබැවින් සියල්ලෝම වරදින් මිදෙත්වා කියල තමයි කියන්න වෙන්නේ.   
             

Thursday 7 November 2013

දකුණේ සක්විත්තෝ

           මුදල් පිරමිඩ  ක්‍රමය මේ වන විට නැවතත් රටම ගිලගෙන ඇති බව වාර්තා වන සිද්ධීන් වලට අනුව සිතිය හැක. වරක් සමාජ ව්‍යසනයක් වූ මෙම ක්‍රියාවලිය නැවත වෙනස් මුහුණුවරකින් හිස ඔසවන්නේ ඇයිදැයි සෙවිය යුතුය. රජය ජනතාව දැනුවත් කළේය. අධිකරණ ක්‍රියාදාමයන් තවමත් මේ සම්බන්ධව විමර්ශනය කරයි. දඩුවම්ද නියම කර ඇත. එහෙත්, තවමත් ජනතාව ඔවුන්ගේ මුදල් සෙවීමේ සිහිනයේම සැරිසරති. 
              පසුගිය යුගයේ මෙම මුදල් සෙල්ලම නිසා, සමහර මිනිසුන් දිවි හානි කරගත්තේ ණයවී, ගත් මුදල්ද ඉඩම්, වටිනා භාණ්ඩ උගස් කරගත් මුදල් පිරමිඩ ක්‍රමයට ආයෝජනය කරන්න ගොසිනි. සමහරුන් සදාකාලික රෝගී තත්වයට වැටුණි. තවත් සමහරෙක් ඇතිවූ ආර්ථික සමුර්ධිය දරාගත නොහැකිව, නොයෙකුත් අපචාර සදහා යොමුවුණි. මේ සිදුවූ අහිතකර බලපෑම්ය.අන්තිමට සිදුවුයේ, තමන් හුන් තැනිනුත් පහලට වැටීමය. 
             මේ සියල්ල දත් ශ්‍රීලංකාවාසීන් නැවතත් මේ සෙල්ලමේ කොටස් කාරයන් වී ඇති බව දකුණේ සංචාරය කළහොත් අසන්නට ලැබේවි. මේ ජාවාරම දැන් කොටුකරගත නොහැකි තත්වයටම තාක්ෂනය හා දැනුම යොදා ආයෝජනය පටන්ගෙන ඇත. මිනිසා දියුණු වන්නේ උගත්කමෙන් හා ලබන අද්‍යාපනය හේතුවෙනි, එහෙත් එම මතය බොරු කරමින් මේ සියල්ල මෙහෙයවන මහා මොළකරුවන් බිහි වන්නේ, සමාජ පීඩනය හා දරිද්‍රතාව මුල්කරගෙනය. ඔවුන්ට මහ උගත්කමක් හෝ සමාජ තත්වයක් අවශ්‍ය නැත . පරමාර්ථය මුදල් සෙවීම පමණය. 
                 මේ නුල් සුත්තරයේ පැටෙලිමින්, තාමත් උගත් මිනිසුන් සැරිසරති. නුගතුන් යයි කොටසක් සමාජයේ  සිටිනවා යයි, මා නම් අදහන්නේ නැත. දෑල එලන්නේ සමාජය විසින් නුගතුන් යයි නම්කර ඇති කොටසයි.දැලේ පැටලෙන්නේ, උගතුන් යයි කියාගත් කොටසයි. මේ උඩු යටිකුරු වූ වෙනස සිදුවුයේ මුදල් නිසාදැයි සෙවිය යුතුය.ජිවත් වන්න මුදල් මදිකම හේතුවෙන්, මේ සෙල්ලමේ කොටස්කාරයන් වුයේ උගතුන් මේ ආකාරයටය.
                ජනතාව  වෙත ආර්ථික සමුර්දිය උදාවී ඇත. සතියකට සැරයක් බඩු මල්ලක්, පව්ද්ගලික ගිණුමට මසකට දැනෙන ගානක්, මේ සියල්ල නිකන් සිට ලැබෙනු ඇත. අවශ්‍ය නම් අන්තර්ජාලය හරහාද මුදල් සෙවිය හැක. වෙළද දැන්වීම් පමණක් බැලුවම ඇති. දකුණ අවදියෙන් ඇත.රජයේ සේවකයන් බහුතරයක් මේ උගුලේ හිරව ඇති බව පෙනේ. එහෙත් නුල් සුත්තරයේ නුල් දැන් පැටලෙමින් ඇති බව වටින් ගොඩින් ආරංචි වේ අලාභ වුවාට සාධාරණය පැතිය නොහැක. නීතිමය කිසිදු සාක්ෂියක් නැත. සියල්ල තම තමන් නිහඩවම දරාගත යුතුය. 
       

Saturday 2 November 2013

ලොවපුරා සරණාගතයින්ගේ විශාල වැඩිවීමක්

     ලෝකයේ 1994 වසරදී තිබුනට වඩා සරණාගතයින්ගේ  වැඩි වර්ධනයක් මේ වන විට සංඛ්‍යාලේඛන වල සටහන්ව ඇත. ගැටුම්කාරී තත්වයන් හා ජිවිත හානි විශාල වශයෙන් වාර්තා වුයේද, මේ ජන සංක්‍රමණ ආශ්‍රයෙනි. මින් වැඩි ප්‍රමාණයක් දේශපාලන රැකවරණ පතන අය බව එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව පෙනී යයි. 
       මින් බහුතරය, ඇෆ්ගනිස්ථානය හා මැද පෙරදිග රටවල් වලින් පැමිණෙන අතර, ඉන්දුනීසියාව හරහා බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වීමට පටන්ගෙන ඇත. මිට අමතරව මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපයේ සිට මද්‍යධරනි මුහුද හරහා ඉතාලියට පැමිණේ. 
          මේ සියල්ලටම හේතුවුයේ, යුද්ධය හා දේශපාලන අස්ථාවරභාවයයි. එමෙන්ම, දුප්පත්කම යන කරුණු හේතුවී ඇත. අළුත් ජිවිතයක් බලාපොරොත්තුවෙන් ජිවිත පරදුවට තබා, සංක්‍රමණයේ යෙදේ. මේ අනුව බලන විට මිලියන 26 ක පමණ ජනතාවක් සංක්‍රමිකයන්ගේ ඝනයට වැටේ. ඉන් මිලියන 10.4 ක් භූමියෙන් පිටත්, 15.6 ක් උපන් භූමියේත් සරණාගතයින් බවට පත්ව ඇත. 
           පසුගිය වසර දෙකේ සිරියාවේ ඇතිවූ ගැටුම් නිසා, මිලියන දෙකකට අසන්න පිරිසක් අවට රටවල අවතැන්ව ඇත. ලෝකය පුරාම රටක් නැති පිරිස මිලියන 12 ක් පමණ වෙතයි, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.