ලෝකයේ 1994 වසරදී තිබුනට වඩා සරණාගතයින්ගේ වැඩි වර්ධනයක් මේ වන විට සංඛ්‍යාලේඛන වල සටහන්ව ඇත. ගැටුම්කාරී තත්වයන් හා ජිවිත හානි විශාල වශයෙන් වාර්තා වුයේද, මේ ජන සංක්‍රමණ ආශ්‍රයෙනි. මින් වැඩි ප්‍රමාණයක් දේශපාලන රැකවරණ පතන අය බව එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව පෙනී යයි.
මින් බහුතරය, ඇෆ්ගනිස්ථානය හා මැද පෙරදිග රටවල් වලින් පැමිණෙන අතර, ඉන්දුනීසියාව හරහා බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වීමට පටන්ගෙන ඇත. මිට අමතරව මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපයේ සිට මද්‍යධරනි මුහුද හරහා ඉතාලියට පැමිණේ.
.jpg)
පසුගිය වසර දෙකේ සිරියාවේ ඇතිවූ ගැටුම් නිසා, මිලියන දෙකකට අසන්න පිරිසක් අවට රටවල අවතැන්ව ඇත. ලෝකය පුරාම රටක් නැති පිරිස මිලියන 12 ක් පමණ වෙතයි, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.