Sunday 3 April 2011


ගෝලීය ත‍්‍රස්තවාදය (පළමු කොටස)



ශෂිකලා පුංචිහේවා විසිනි


ශ‍්‍රි ලංකාව තුළ උග‍්‍ර ලෙස උද්ගතව තිබූ ගැටඵ’ අතර ප‍්‍රධානතම ගැටඵ’වක් වී තිබුණේ ත‍්‍රස්තවාදය පිළිබඳ ප‍්‍රශ්නය බව පිළිගත යුත්තකි. දැනට මිනිස් ඝාතන හා විනාශාකාරී ක‍්‍රියාවන් නතරව තිබුණත් මෙම ප‍්‍රශ්නය සහමුලින්ම ලංකාවෙන් තුරන් කිරීමේ අවසන් අදියරේ පසු වන්නෙමු. මෙම ප‍්‍රශ්නය දැනට යම් තරමක් නතරව පැවැතුනද එය අවසන් වී යැයි අපට පැවැසිය නොහැක’ය. ඊට හේතුව මෙය අන්තර් ජාතික වශයෙන් පවා විහිදී පවතින නිසාවෙන් හා ඒවායෙන් සමහරක් වෙනත් වෙනත් මුහුණුවර ගෙන නැවතත් පැමිණීමට මානබලමින් සිටින නිසාවෙනි. එනිසා මෙය ලංකාවෙන් තුරන් කිරීමට තව තවත් බෝහෝ පියවර ගත යුතු වේ යැයි යන්න අපේ හැගීමයි’

ත‍්‍රස්තවාදය නිසා මිනිස් ජීවිත සියදහස් ගණනකින් විනාශ වී ගිය අතර රාජ්‍ය දේපල හා පෞද්ගලික දේපල ද විනාශයට පවත්ව ඇති බව පෙනෙ.් ආර්ථික මර්මස්ථාන වලට පහර දී රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල කරමින් සිවිල් පුරවැසියන්ගේ නිදහසට බාධා කරමින් මෙම ත‍්‍රස්තවාදි කටයුතු වල නියැලී ඇති ආකාර අපට හදුනාගත හැකිය’.

මෙම ත‍්‍රස්තවාදී උවදුර ශ‍්‍රී ලංකාවට පමණක් උරුම වූදෙයක් නොවි. ලොවපුරා ක‍්‍රියාත්මක වන ත‍්‍රස්තවාදී කණ්ඩායම් දෙස බැලීමේදී මෙය ලෝකයටම පොදු වූ මානුෂීය ප‍්‍රශ්නයක් බවට එම ලෝක ත‍්‍රස්තවාදී කණ්ඩායම් හදුනාගැනීමේදී පෙනී යයි.

ලොව ඉතාමත් බලවත් හා දරුණුතම තස්තවාදී කණ්ඩායම් දෙක ලෙස දැනට හදුනාගෙන ඇත්තේ අල්කයිඩා සංවිධානය හා ශ‍්‍රී ලංකාවේ එල් ටි ටි ඊ සංවිධානය හෙවත් ද්‍රවිඩ ඊලාම් කොට් සංවිධානයයි. මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම් දෙකෙහි නායකයින්ගේ ඡුායාරූප දකින ලොව කවරෙකුට වුවද මෙම සංවිධාන වල නායකයින් කවුරුන්දැයි හදුනාගත හැකි පරිදි ලෝකවාදී ජනතාවගේ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය පිළිබඳ දැනුවත් භාවය කෙබදු එකක්ද යන්න හදුනා ගැනීමට පුඵ’වන’

ලොව ජාලයක් සේ ක‍්‍රියාත්මක වෙමින් රටින් රට සාමාජිකයින් සංඛ්‍යාව වැඩිකර ගනිමින් හා විවිධ සංවිධානයන්ගෙන් හා පුද්ගලයින්ගෙන් දේශපාලන හා ආර්ථික වාසි ලබමින් පෝෂණය වන මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම්වල දරුණු භාවය නවීන තාක්‍ෂණය ඔස්සේ ප‍්‍රචාරණය වන බවත් දැක ගත හැක. මොවුන්ගේ ශක්තිය හා බලය විදහා පාමින් අති භායානක අනතුරු සිදු කරමින් දේපල හා ජීවිත දහස් ගණන් විනාශ මුඛයට ඇද දැමීමට තරම් කුරිරු වූත් මිලේච්ඡු වූත් ක‍්‍රමෝපායන් අනුගමනය කරන ආකාරය විමසීමේදී ඒ සඳහා යොදාගත් සිය ඥාන ශක්තිය කොතරම් උසස් ලෙස මෙහෙයවා ඇති බව හැදින ගැනීමේදී ත‍්‍රස්ත කණ්ඩායම්වල ඇති බුද්ධි මණ්ඩලයන් සාර්ථක සැලසුම් හා යොදාගන්නා ලද ශිල්ප ක‍්‍රම හා විද්‍යාත්මක ක‍්‍රමවේදයන් තුලින් ඔවුන්ගේ ශක්තිය හා බලය මනුෂ්‍ය සංහාරය සඳහා යොදා ගන්නා ආකාරය දැක ගත හැකිය.

ලොව මෙවැනිම දරුණුතම ත‍්‍රස්තවාදී කණ්ඩායම් අතඑ ප‍්‍රධාන සංවිධාන දෙකට අමතරව”

 හමාස් සංවිධානය
 හිස්බුල්ලා සංවිධානය
 හරාකටි උල් මුආඩින්
 අබු යසිෆ් කණ්ඩායම
 අබු නිඩාල් සංවිධානය
 ජපන් රතු හමුදාව
 අයරිෂ් පෙබ්ලින්ග් හමුදාව ආදී ත‍්‍රස්තවාදී සංවිධානද ඇත.

(ශ‍්‍රී ජයවර්දනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යා විෂය වෙනුවෙන් වු පර්යේෂණ නිබන්ධනය ආශ‍්‍රයෙනි.)*

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.