Friday 14 February 2014

අනියම් සබදතා හා එහි කෙලවර

          මේ දිනවල ලෝකයේ කථා බහට ලක්වූ අලුත්ම මාතෘකාව වන්නේ අනියම් සබදතායි. මෙයට හේතුව ලෝක ප්‍රකට නායකයන් කීප දෙනෙකුගේ විවාහය දෙදරා යන්නේ යයි, මාද්‍ය වර්තාකරණ නිසාවෙනි. නැවතත් පැපරාසීන් අනුන්ගේ කුණු අවුස්සමින්, පවුල් දෙකඩ කිරීමේ සමාජ සත්කාරයේ යෙදී සිටි. ලෝකයට අළුත් පුවත් මැව්වට, මේ මද්‍යවෙදින් සිදුකර ගන්නා පාපය අතිමහත්ය. සැම පවුලක් අතරම ගැටුම් තිබෙන්නට පුළුවන. එය ස්වභාවික සිද්දියකි.පවුල් අඩදබර, විසදා ගත යුත්තේ පවුල තුළදීමය. තුන්වන පාර්ශවයක් එයට මැදිහත් වීමෙන් පලක් වන්නේ නැත. ඔවුන් මැදිහත් වන්නේ උදවු කිරීමට නොව, ප්‍රශ්න තව තවත් අවුල් කිරීමටය. මේවා ලෝකයට අවුස්සා පෙන්වීමෙන් සිදුවූ හානිය පිළිබදවද විමසා බලමු.
                   ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ විවාහයේ ගැටළුද  මේ ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීමෙන්,දැන්  සිදුවන්නට යන්නේ දරු දෙදෙනෙකුගේ මවක්‌ වූ මිෂේල්ගේ මානසික අවපීඩන තත්වය තුල දික්කසාදයට මග පැදිමකි. මේ වන විට ඔවුන් වෙන්ව වාසය කරයි.ඔබාමාගේ ළග හිතවතියක වූ ගායිකා බියෙන්සේ සමග අනියම් සබදතාවයක් ඇති බව මද්‍යවෙදියකු පුන පුනා ප්‍රකාශ කරයි. ඔවුන්ගේ චායරුපද ප්‍රසිද්ධ කර ඇත. මෙය පවසා ඇති පැපරාසියා ප්‍රංශ ජනාධිපතිටද මෙවැනි ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ඔහුගේ පවුලද මේ වන විට දෙකඩ වී ඇත. ජනපති බ්රිද අසනීපව රෝහල්ගත වීමෙන් නොවැලකි , මන්දිරයද හැරදමා ගොස් ඔවුන්ගේ විවාහ ජිවිතයද අවසන් කර ඇත. ප්‍රංශ ජනපති ප්‍රන්ශුවා හොලන්ඩේ , නිලියක්  වන ජුලි ගයේට් සමග විවාහ වන්නට යන්නේ යයි , මෙම ප්‍රංශ ජාතික පැපරාසියා මේ වන විට වාර්තා කර ඇත. 
                මේ ආකාරයෙන් ඇමරිකානු හිටපු ජනපති , බිල් ක්ලින්ටන්ටද මෙවැනි තත්වයක් පැපරාසීන් විසින් උදා කර, බ්‍රිතාන්‍ය ජාතික මෝස්‌තර නිරුපන ශිල්පී එලිසබත් ගර්ලි සම්බන්ධ කර අනියම් සබදතාවයක් ඇති බව වාර්තා කල පුද්ගලයාම, දැන් පවසන්නේ එවැනි සම්බන්ධතාවයක් නොතිබූ බව පිළිගන්නා බවය. මෙවැනි සිද්ධීන් දෙස බැලීමේදී පෙනී යන්නේ ප්‍රබල මාද්‍ය වාර්තාකරණය නිසා,පවුල් සංස්ථාවේ ගැටළු වැඩිවී ඇති බවය.ජිවිත වල අඩුපාඩු මිනිසුන් ප්‍රසිද්ධ කරන්නේ නැත. එයින් දෙපාර්ශවයම අපහසුතාවයට පත්වීමත්, චරිත වල මඩගැවීමත් පමණි අවසානයට සිදු වන්නේ. අනියම් සබදතා යනු වැරදි හැසිරීමක් යයි කොතනකවත් දක්වා නැත. එයටම සුවිශේෂී වූ හේතු පුද්ගල සන්තානය තුල පැවතීම හේතුවෙන්, ඒවා ප්‍රශ්න නොකළ යුතුය. මෙය ..... අනියම් සබදතා සාධාරණිය කිරීමක් නොව, ස්වභාව ධර්මය වෙනස් කල නොහැකි නිසා සිදු වන්නකි. ජිවිත උපේක්ෂාවක් ඇති බිරියන් මේ තත්වය තේරුම් ගනියි. එහෙත්, සියළු බිරින්දෑවරුන් එසේ නොවේ, එම නිසා, විවාහ වෙන්වීම්, සියදිවි නසාගැනීම්, වැනි අතිරේක හේතු සාධක වල පිහිට පැතීමෙන් ජිවිත අවුල් කරගන්නේ අනෙකුත්  පාර්ශවයන්ද නොසලකාය. එනිසා, දෙස් විදෙස්, නියම් අනියම්, වර්තාකරුවනි, තමාගේ සමාජ කාර්ය පිළිබද මදක් නැවතී, සිතන්න. අමු අමුවේ ඕපාදුප කාරයකු නොවන්න.

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.