Tuesday 26 March 2013



අද්යාපන මිල්ටරිකරණය 

                                 පාසල් අද්යාපනය තුල බාහිර ක්රියාකාරකමක් ලෙස ශිෂ්යබට පුහුණුව ලබා දුන්නේ දැනට වසර ගණනාවකට පෙර සිටය . එහි වරදක් එදා නොදුටුවේය .නමුත් දැනට ජාතික පාසල් වල විදුහල්පතිවරුන්ගේ කැමැත්ත මත ඔවුන් සදහා හමුදා මුලික පුහුණුවක් ලබාදී කර්නල් පදවියක් ලබාදීම පිලිබදව නම් විවේචන බොහෝ එල්ල වෙමින් පවතී .මෙයට පෙර ශිෂ්යබට කණ්ඩායම් වල බාරව සිටින ගුරුවරුන් වෙතද මෙම පුහුණුව ලබා දී නිලයන් පිහිටවා ඇත .පාසල් අද්යාපනය සමග ළමයින් මිල්ටරිකරණය කිරීම තුල වරදක් ගැබ්ව ඇතැයි සිතන්නේ කෙලෙසින්දයි නොදන්නෙමි . අප බුද්ධාගම් රටක් බව සැබෑය .එහෙත් කාලෝචිතව වෙනස් වුවාට කම්නැති බව බුදුන් දේශනා කොට ඇත . රටක ඉදිරියට යාමේ අවශ්යතාවයක් පවතිත්දී ශක්තිමත් ළමා පරපුරක් බිහිවීමේ අවශ්යතාවය ඇති බව වටහා  ගත යුතුය .

                                          අප පාසල් යුගයේ ශිෂ්යබට අනුඛණ්ඩ පිහිටුවා තිබුනේ තෝරාගත් පාසල් කීපයක පමණි . එදා , අපට එම පුහුණුව ලබා ගැනීමේ අවශ්යතාවය තිබුනද ,ලබා ගැනීමේ හැකියාවක් , හා පහසුකම් අප පාසැල සතුව නොතිබුණි . විකල්පයක් ලෙස ක්රීඩා පුහුණුවීම් ලැබ එම අවශ්යතාවය තරමකට සපුරා ගතිමි . හමුදා පුහුණුවක් , ලැබීම නිල ඇදුමක් ඇදීම ආඩම්බරයක් බව මා  එදා වටහා ගෙන තිබුණි .පාසල් පොතපතට පරිභාහිරව යමක් ඇති බව හා මග පෙන්වීමක් අවශ් බව මට දැනුනි .නිර්මාණශීලි තර්කනයක් තිබිය යුතු බව හා කොටු නොවීම , ළමයකුට අත්යවශ් පියවරකි . අභියෝග දැරිය හැක්කේ එබදු පරපුරකට පමණි . මේ බව වත්මන් සමාජයේ දෙමාපියෝ වටහා  ගත යුතුය

                                              විශ්වවිද්යාල සිසුන් වෙතද මේ පුහුණුව දැනට ආරම්භ කර ඇත . දියුණු රටවල දරුවන් හටද අනිවාර්යෙන්ම හමුදා පුහුණුවක් ලබා දී ඇත. එසේ නම් අපේ සිසුන්ටද විශ්වවිද්යාලය තුල මෙම පුහුණුව ලබා දුන්නාට කම් නැත . විශ්වවිද්යාලයේ බාහිර විෂයන් ලෙස ඉංග්රීසි ඉගෙනුම පළමුවෙන්ද , පරිඝනක හැකියාව ලබාදීම දෙවනුවද ආරම්භ කලේ කාලින අවශ්යතාවය මතය . එසේ නම් ඔවුන්ටද මේ පුහුණුව පිළිබද ගැටළුවක් ඇති වන්නේ කෙලෙසින්ද?

                                               යොවුන් සේනාංක ආරම්භ කිරීමේදී , ඉතා හොද පියවරක් ලෙස දුටිමි , එහෙත් එයටද සභාගි වීමට හැකි උනේ ප්රාදේශීයව තොර ගත් කොටසක් පමණි , එයට බැදීමට නොහැකිව දුක් වූ තරුණ කොටස් එදා .සිටියහ . රජය මගින් ලබා දුන් මේ සීමිත පුහුනුවන් ලබා ගත නොහැකිව එදා මම කලකිරුනෙමි .එහෙත් දැන් ළමුන්ට සදහා ගැටළුවක් නැත . එබැවින් පාසල් අද්යාපනය මිල්ටරිකරණය කිරීමක් යයි සිතීම උචිත නොවේ . අද්යාපනය තුලට නවාංගයන් එකතු වීමක් පමණි සිදුව ඇත්තේ . ළමුන්ට පවතින ශරීර සවුක්ය මත කැමැත්ත අකමැත්ත මත තෝරා ගැනීමක් කිරීමේ අයිතිය ඇත . සම්ප්රදායික අද්යාපනයක කොටු වනවාට වඩා , නිම්වළලු පුළුල් කර ගැනීම වටින බව මගේ හැගීමයි . මේ සියලු කර්තව්යන් මා පසු කලෙක ලබා ඇති අත්දැකීම් බැවින් යෝග් අයෝග්යභාවය මා  දනිමි

ශෂිකලා පුංචිහේවා