Sunday 2 March 2014

විලිබිය

        දඩයම් යුගයේ අපට කිසිත් බියක්, සැකක් නැතිව ජීවත්වෙන්න පුළුවන් වුනේ, අපි අප ගැන නොදන්නා නිසයි. අපිට අපේ කියා දෙයක් තිබුනේ නැ. අයිතිකර ගැනීම්,ඇත්තෙම නැ. පොදු දේපල ක්‍රමය, භාණ්ඩ හුවමාරුව විතරයි, ජීවත්වීම පිණිස අවශ්‍ය වුනේ. කන්න දෙයක් හොයාගෙන ගහක්, ගලක් යට වැටිලා නිදා ගත්තම ඒක තමයි ජිවිතේ කියන්නේ. සරල උපයෝගිතාව, මේ අඛණ්ඩ පැවැත්මට බාධා කරන්න පටන් ගත්තේ කවර කලෙක ඉදන්ද කියල මං හොයනවා . මොකද යැපුම් කෘෂි කර්මයට  කැමති නිසා. බලය පතා මිනිසා ඉදිරි ගමනට අවතීර්ණ වුවාදැයි හිතෙන්නේ, එදත් හයිය ඇති එකා, ලොකුම මස් කුට්ටිය අල්ල ගත්ත නිසයි. අතින් වහගෙන හංගන්න දෙයක් නැතිව හිටිය මිනිසාට මොකද වුනේ කියල දැන්නම් හිතෙනවා. ලැජ්ජාව කියන වචනය පටන් ගන්න ඇත්තේ එතැනින් වෙන්න ඇති. 
          විලිබිය ටික ටික දැනෙන්න  ගත්තේ ආවරණයක ඕනෑකම තිබුන නිසා, නිදහසේ ජිවත් වෙච්ච මනුස්සයා. සමාජ සංක්‍රමනයත් එක්ක විපරිත වෙන්න වුනා . දඩයම් යුගය අවසන් කරලා, සරල සමාජ හරහා දේශපාලනික ගමනක් ඇවිදින් අපස්ස හැරිලා බලන්නේ, මේක සදාචාරාත්මක ගමනක්ද කියල වෙන්න ඇති. විලිබිය දැනෙන්නේ, කරපු කී, දේ මතක් වෙලා වෙන්න ඇති කොයි පැත්තෙන් වහන්න හැදුවත් දැන්නම් වහගන්න බැරි තරමට කඩතොළු වැඩිවෙලා බව දැනෙන කොට. එදා හිටිය දඩයම් යුගයටම නේද අපි අපහු ආවේ කියල හිතෙනවා. එදා නොතිබුන විලිබිය අද දැනෙන්නේ සමාජ නිරුවත ඕනෑවටත් වඩා පෙනෙන හින්දද.....මන්දා ? 
               බලය අල්ලා ගතහැකි දෙයක් නොව, රදවා තබා ගතයුතු ක්‍රියාවකි. රැදෙන්න නම්, යහපාලනයක් තිබිය යුතුය. අතහැර යන කිසිම දෙයක් නැවත නොඑන්නේ, දැක්මක් නොමැතිකම හන්දයි. විලිබිය දැනේ නම් නැවත නොඑනු ඇත. එහෙත්, නැවත එන්නේ ලැජ්ජාවක් හෝ හිරිකිතයක් නැතිවය. මෙය වර්තමාන ජිවන රටාවයි. අපට අපේ කියල දෙයක් නැත. මට කියල දෙයක් ඇත. වෙන්න ඔබ මනාප නොබලන්න ඉවත...... අදත් මා ඔබ සමගයි. මා ඔබේ ජීවයයි. වනචාරී යුගය අවසන් .... නව යුගයකට අරුනළු උදාවී ඇත. නැවත නැවතත් කැරකෙන්නේ මේ විෂම චක්‍රයමයි කියල දන්නේ කියෙන් කීදෙනාද....? පාට වෙනස් උනත් පෙතේ අදින්නේ එකම දාමෝ සෙට් එකම තමයි. කියල හිතන්න බැරිද..........?  

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.