Sunday 3 April 2011


ගෝලිය ත‍්‍රස්තවාදය (දෙවන කොටස)

ලොව තාක්‍ෂණ හා සන්නිෙවිදනයේ දියුණුවත් සමඟ ත‍්‍රස්තවාදයේ මුහුණුවර වෙනස් වෙමින් මහා පරිමානයේ මිනිස් සමූල ඝාතන ඉලක්ක කොට ගැනීමක් අද වන විට පළමු අරමුණ වී ඇති බව මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම් වලින් සිදුවූ ක‍්‍රියාකාරකම් දෙස බැලීමේදී පෙනී යයි’ මේ වන විට ත‍්‍රස්තවාදී ව්‍යාපාර තම ආර්ථික ශක්තිය දියුණු කිරීම සඳහා යුධ අවි ජාවාරම්, මත් ද්‍රව්‍ය වෙළදාම, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවලින් ලබා ගන්නා මුල්‍යමය වටිනාකම මත ලෝකයේ ත‍්‍රස්තවාදී කණ්ඩායම් අද වන විට ලෝකය තුල ප‍්‍රධාන භූමිකාවක් වී ඇති ආකාරය දැක ගත හැක.

ත‍්‍රස්තවාදය නැමැති පුඵ’ල් මාතෘකාව ගැන සාකච්ඡ කිරීෙමිදී එය එක්විටෙක සංකීර්ණ මාතෘකාවක් බවට පත්වන අවස්ථාද ඇති බව ත‍්‍රස්තවාදය පිළිබඳ හැදෑරීමේදී හදුනාගත හිකි සංකල්පයන් වේ’. ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් යොදා ගන්නා ලද නිර්වචන කිහිපයක් අධ්‍යයනය සඳහා යොදා ගත හැක.


01. ත‍්‍රස්තවාදය යනු ජාතික විමුක්තියද?
02. ත‍්‍රස්තවාදය යනු විප්ලවකාරී ප‍්‍රචණ්ඩත්වයද?
03. අහිංසකයින් ඉලක්ක කර ගැනීම මුලික අරමුණද?

ත‍්‍රස්තවාදය යනු කුමක්දැයි හදුනා ගැනීමට මෙවැනි උපකල්පන යොදා ගැනීම අධ්‍යයනයේ පහසුව වැඩි වන්නේය.

ත‍්‍රස්තවාදය පිළිබඳව මතවාදයන් පලකල මහාචාර්යය නෙතන්යාහුට අනුව දේශපාලනක ප‍්‍රයෝජන සඳහා හිතාමතා සහ ක‍්‍රමාණුකූලව මිනීමැරුම් අංගවිකල කිරීම් සහ හිරිහැර කිරීම් වලට අහිංසකයින් ගොදුරු කිරීමයි’.

නමුත් පසුකලකදී මහාචාර්යය නෙතන්යාහු විසින්ම අහිංසකයින් යන වචනය වෙනුවට සිවිල් ජනතාව යන වචනය භාවිතා කරමින් එය විෂය මූලික සංකල්පය ලෙසත් එය නිර්වචනය කරන්නාගේ විෂය දැනුම පුඵ’ල් කරිම සඳහා අර්ථාන්විත වෙනස් වචන මාලාවන් යොදා ගෙන ඇති බව ත‍්‍රස්තවාදය පිළිබඳ විකාශනය හැදෑරීමේදී මෙවැනි කාලීන වෙනස්කම්ද සිදුව ඇති බව වටහා ගත හැකිය.

ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් විවිධ වූ නිර්වචන ඇතද පොදු වූ නිර්වචනයක් තවමත් සොයා ගත නොහැක’ය. යම් යම් උපකල්පන නිගමන පරීක්‍ෂණයන් මත ත‍්‍රස්තවාදය පිළිබඳ පර්යේෂන කටයුතුවල පහසුවට යම් යම් නිර්නායකයන් ද යොදා ගත් ආකාරය ශාස්ත‍්‍රීය ලිපි අධ්‍යයනයේදී දැක ගත හැක.

ත‍්‍රස්තවාදය යනු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා සිවිල් ජනතාව හෝ ඔනුගේ ඉලක්ක වලට එරෙහිව හිතා මතා හෝ තර්ජනාත්මක ප‍්‍රචන්ඩත්වය යොදා ගැනීමයි.

මෙම නිර්වචනයන්හීදී දුලබ කරුණු තුනක් ගැබ්ව ඇති ආකාරය අධ්‍යයන කටයුතු වලදී දැකගත හැක.
1. ක‍්‍රියාකාරිත්වය ප‍්‍රචණ්ඩකාරී වේ
2. ක‍්‍රියාවක අරමුණ සැමවිටම දේශපාලනික වේ’
3. ත‍්‍රස්තවාදයේ ඉලක්කය සිවිල් ජනතාවයි’

ත‍්‍රස්තවාදය පිළිබඳ මෙවැනි නිර්වචන කොතෙකුත් තිබුනද ත‍්‍රස්තවාදයේ මුහුණුවර කලින් කල වෙනස් වන ආකාරයද ලෝකයේ සිදුවූ ත‍්‍රස්තවාදි ක‍්‍රියා දෙස මෑත කාලීන විමසුමකදී දැක ගත හැකි විය.

වර්ෂ 2001 සැප්තැම්බර් 11 වන දින නිව්යෝර්ක් නගරයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදීම මගින් ත‍්‍රස්තවාදයේ මුහුණුවර වෙනස් කරමින් විශාල ප‍්‍රමාණයේ සිවිල් ජීවිත වලට හානි පමුණූවමින් මරාගෙන මැරෙන ප‍්‍රහාර සිදුකිරීමට පටන් ගෙන ඇති බව එම ප‍්‍රහාර වලින් දැක ගත හැක.

ත‍්‍රස්තවාදය පිළිබඳ ඉතිහාසය විමර්ශනයට ගත් කල හදුනාගත හැකි ලක්‍ෂණ කිහිපයක් හමු වේ.

 ඉතිහාසයේ වැඩි කොටසක් ත‍්‍රස්තවාදී ක‍්‍රියා සිදුවූයේ මැද පෙරදිග හා යුරෝපය සම්බන්ධව වීම.’
 ලෞකික පරමාර්ථ හෙවත් ආගමික පරමාර්ථ තිබීම.

ත‍්‍රස්තවාදය යන වචනය ප‍්‍රථම වරට යුරෝපීය භාෂාවට ඇතුලත් වූයේ 1789 ප‍්‍රංශ විප්ලවය ආශ‍්‍රිතවය. එකල යුරෝපයේ ඇති වූ මෙම ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා, ලේ වැගිරීම්, මිනිස් ඝාතන දක්වා වර්ධනය වූ බැවින් හා මෙය එක්තරා සංවිධානාත්මක මට්ටමක පැවැතුනු අතර එහි සිදු වූ යම් යම් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හේතුවෙන් ත‍්‍රස්තවාදය නැමැති වචනය බිහිවුවා යයි උපකල්පනය කිරීමට අධ්‍යයනවේදීන් සමත්ව ඇත.

10 වන සියවස වන විට ත‍්‍රස්තවාදය ආරම්භ වෙමින් පැවැති අතර මෙහිදී එවකට ගොඩනැගනු රාජ්‍ය නොවන සංවිධාන ත‍්‍රස්තවාදී කණ්ඩායම් ලෙස ගොඩනැගුණු අතර ජනතාවගේ කැමැත්ත* නමින් හදුනාගත් රුසියානු විප්ලවවාදී කණ්ඩායමක් බිහිවිය. ඔවුහු ත‍්‍රස්තවාදී යන වචනය තම කැමැත්තෙන්ම ආරෝපනය කරගන්නට පෙළඹුනහ. මොවුන් විසින් තමන්ට නරක යයි හදුන්වා ගත් නායකයින් ඝාතනය කිරීම සඳහා මුලිකව පෙළඹී ඇති බව ත‍්‍රස්තවාදය පිළිබඳ අතීතය විමර්ශනයේදී පෙනී යයි. ඒ සඳහා අවශ්‍ය කරන අවි ආයුධ ඔවුන්ම රැුස්කර ගන්නා ලදී. ඔවුන් මුලින්ම උත්සහ ගත්තේ දෙවැනි සාර්, ඇලෙක්සැන්ඩර් රජු ඝාතනය කිරීමයි. එහෙත් එය ආසාර්ථක ක‍්‍රියාවක් බවට පත්වුයේ යැයි සඳහන් වේ.

මෙතැන් සිට විකාශනය වූ මෙම ත‍්‍රස්තවාදය දේශපාලන නායකයින්, රාජ්‍ය නායකයින් ඉලක්ක කර ගනිමින් ඔවුන් ඝාතණය කිරීම සඳහා තම සැලසුම් සඳහා සකස් කර ඇත’ නමුත් විසිවන සියවස තුලදී ඔවුන්ගේ සැලසුම් බොහොමයක් අසාර්ථක වූ බවද වාර්තා වේ.

ත‍්‍රස්තවාදය වෙනස් වන මුහුණුවර තුළ තවමත් හදුනාගත හැකි පොදු ලක්‍ෂණ කිහිපයක් ඇත.

1. ත‍්‍රස්තවාදය තුළ ඇත්තේ සාමාන්‍යයෙන් නිල නොවන ස්වභාවයය.’ එමෙන්ම එය පොදු ජනතාවගේ හගීම් මතුවී ඒමක් ලෙස පෙන්නුම් කිරීමට තැත් කරයි’. එහෙත් ඇත්ත වශයෙන්ම දක්නට ලැබෙනුයේ බොහෝ ආණ්ඩු ඒවාට රහසින් හා යටින් උදව් හා අනුබල දෙන බවය.

2. ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් කෙරෙහි ත‍්‍රස්තවාදය විශ්වාසය තබා තිබෙන අතර නිතරම බලය නියෝජනය කරන සංකේත තම ඉලක්ක ලෙස තෝරා ගනී.

3. අහිංසකයින් වෙත පහරදීම ත‍්‍රස්තවාදීන් විසින් හිතාමතා වැඩි කරන අතර එමගින් තම රටවැසියන් ආරක්‍ෂා කිරීමට ආණ්ඩුව අසමත් බව පෙන්නුම් කරන්නට තැත් කරයි’.

4. දේශපාලන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට සාමාන්‍ය ජනයා දක්වන දැඩි පිළිකුල හා විරෝදය ත‍්‍රස්තවාදීන් විසින් අවතක්සේරුවට භාජනය කරයි’.

(ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේඅපරාධ විද්‍යා පර්යේෂන නිබන්දනය ආශ‍්‍රයෙන්)

ශෂිකලා පුංචිහේවා විසිනි




No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.