Sunday 3 April 2011

බමර වලල්ලේ පිනුම්කාරයෝ ........


සිනමා විචාර: බමර වලල්ලේ පිනුම් කාරයෝ



              හිරෙන් මුදාහල තාරුණ්‍ය නැවතත් සිර කල නොහැක. ඔහු හැඟීම් බර විය. රෝග ලක්ෂණ පහල විය. ස්වභාධර්මයට විරුද්ධ වීමට ඔහුට නොහැකි විය. ඒත් ඒ හැඟීම් කාට පවසන්නද? කීප විටක් උත්සාහ කලේය. එහෙත් සිදුවූයේ කුමක්ද? නැවත වතාවක් ඔහුට ඔහුම නැතිවිය. සමාජ ආර්ථික පසුතලය නැවතත් ඔහුගේ සිතුවිලි අතරමං කරන ලදී. තාරුණ්‍ය නැවත සිරගත වන ලදී.
ශෂිකලා පුංචිහේවා

                     බමර වලල්ල˜ සිනමා කෘතිය පසු ගිය වකවානූවේ දකුණේ භීෂනය සංකේතවත් වුවක්දැයි අතුල ලියනගේගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි. තාත්වික ක්‍රියාදාමයන් ඇතුලත්ව නිපදවූ මෙම සිනමා සිත්තම පාතාලයේ ඇතුලාන්තය කුමක්ද යන්න නිරූපිතයි. පාතාල ලෝකයේ සිද්දි කිහිපයක් අරඹයා නිර්මාණය වුවද අපරාධ වැලක ආරම්භය සහ අවසානය දම්වැලක පුරුක් මෙන් එකිිනෙකා අතර වූ සහ සම්බන්ධතා මිත්‍රශීලිත්වය, පරිත්‍යාගය හා කළගුණ සැලකීම ඉන් ඔබ්බට වූ බලහත්කාරය මේ සියල්ල කැටිවූ සංවේදනා මනුෂ්‍යත්වය තුල වූ සෞන්දර්ය කියා පායිද? කලාත්මක චිත්‍ර පටියකට වඩා වාර්තාමය චිත්‍රපටියකට වැඩි ඉඩක් ඇති නිර්මානයක් ලෙස බමර වලල්ල˜ හැඳින්විය හැක. සිනමා කෘතියක් ලෙස සාර්ථකය.

                                  පාතාල ලෝකයේ රජවරුන් කිරුළු පැලැන්දේ මේ ආකාරයටය. ලේබල් කිරීමේ සමාජ න්‍යාය, ගෝන මඩිත්තේ පොඩි එකා බිහි කලේය. ඌ ඉතා අහිංසකය. මනුෂ්‍යත්වයේ සර්ව සාධාරණය සොයන්න ගොස් ආවේගශීලී හැඟීම් මුදාහල මොහොකත පළවෙනි අපරාධය සඳහා අත්පොත් තබන්නට ඔහුට සිදුවිය. සමාජය ඔහු අපරාධකාරයකු කලේය. ඔහුගේ තාරුණ්‍ය සිරකොට තැබුවේය. අපරාධ නැමති විෂය හදාරන්නට බන්ධනාගාරය නැමති විශ්ව විද්‍යාලයට ඇතුලත් වීම සඳහා නොමිලයේ ශිෂ්‍යත්වයක් ඔහුට ලැබුනි. සියළු අධ්‍යාපන කඩ ඉම් ඉතාම සාර්ථක ලෙස හැදෑරු ඔහු උපාධියක් ලැබුවේය. අන්තර් ආශ්‍රය න්‍යාය, උප සංස්කෘතික න්‍යාය ,චර්‍යාවාදී න්‍යාය ගෝන මඩින්නේ පොඩි එකා විද්‍යාත්මකව බිහි කලේය. සියළු ශිල්පයන්හි කෙල දක්වමින් කඩු, දුනු ශිල්පද, පශ්චාත් උපාධිය ලෙස හදාරන ලදී. ඒ ඔහුගේ අධ්‍යාපනයයි. දැන් ඌ ශක්තිමත්ය.

              හිරෙන් මුදාහල තාරුණ්‍ය නැවතත් සිර කල නොහැක. ඔහු හැඟීම් බර විය. රෝග ලක්ෂණ පහල විය. ස්වභාධර්මයට විරුද්ධ වීමට ඔහුට නොහැකි විය. ඒත් ඒ හැඟීම් කාට පවසන්නද? කීප විටක් උත්සාහ කලේය. එහෙත් සිදුවූයේ කුමක්ද? නැවත වතාවක් ඔහුට ඔහුම නැතිවිය. සමාජ ආර්ථික පසුතලය නැවතත් ඔහුගේ සිතුවිලි අතරමං කරන ලදී. තාරුණ්‍ය නැවත සිරගත වන ලදී. ගෝන මඩින්නේ පොඩි එකා, දැන් ඔහුට නැතිවන්නට දෙයක් නැත. නව සමාජ රැල්ල ඔහුව ආදරයෙන් පිළිගන්නා ලදී. ජීවිතය ඔහුට නැවත ලැබුනි. ඒ විතරක් නොවේ සියළු දේ ඔහුට ලැබුනි. ඒ ඔහුට ලැබුනු දයාවන්තකම, සෙනෙහෙවන්තකම ලඟ පොඩි එකා ණය ගැති උනි.

             ඔහුගේ ඉරණම විසෙඳන මායාව ඔහු නොදත්තේය. පාතාලයේ රජවරු නිතර ගැටෙන බව ඔහු නොදත්තේය. ඒ සියල්ල ඔහුට බලා සිටින්නටත් ඒ තුලින් ණය ගෙවන්නටත් සමාජ රැල්ලේ මුදුනා වෙන්නටත් ඔහුට සිදුවුනි. පොඩි එකා දැන් අහිංසක නැත. නමුත් ඔහුගේ හිත හයයි. ඒ ඔහු මනුෂ්‍යයකු බැවිනි. ඔහු මෙහෙයවන්නේ සමාජ රැල්ලයි. අනන්‍යතාවය ඔහුට අහිමිව ඇති බව ඔහු තේරුම් ගෙන තිබුනි. සමාජ රැල්ලෙන් මිදීමට හා ඉන් ඔබ්බට යාම ඔහුට තහනම් විය. තව ණයගෙවිය යුතු ඇත. ඒ ඔහු ජීවිතය නැවත ලැබූ පාපයටය. එහෙත් ඔහු උපන් අපරාධකාරයකු නොවේ, ජීව විද්‍යාත්මක අපරාධ සාධකයද ඔහු තුල නැත. ඔහු අපරාධකාරයකු ලෙස නිර්මානය කලේ සමාජයමයි. පොඩි එකා ජීවිතය උගස් කලේය.  
            ලිංගික සූරාකෑම් පාතාලය තුල වූ එක් අත්‍යවශ්‍යය කොන්දේසියකි. රජවරුන්ට අන්තඃපුර අවශ්‍ය සේම පාතාල රාජධානියේද මෙය දක්නට ලැබුන බව බමර වලල්ලෙන් දිස්වේ. අවසානයේ සියල්ලෝම සතුටින් සිටින්නක් බව නොව සියල්ලෝම විනාශ වන බව බමර වලල්ලේ පිනුම් ගහන කෙරුම්කාරයෝ දැන සිට ඇත්ද? ස්වභාව ධර්මයා සිය නීතිය අවසානයේ අතට ගනියි. ස්වභාධර්මය නැමති අධිකරණයේ ස්වාභාවික යුක්තිය විත්ති කරුවන්ට දඩුවම් කරයි. නීතියේ මූලික සිද්ධාන්තය වඩාත් තහවුරු විය. බමර වලල්ලේ පිනුම් ගහන්නට සියළු දෙනාටම නොහැකි වන්නේ ඒ හන්දාය. එබැවින් පාතාලය මර්ධනය වන්නට විය. අතුල ලියනගේ දකින්න ඇත්තේ පාතාල ලෝකයේ පැතිකඩක්ද ? නැතහොත් ස්වාභාවික නීතිය සියල්ල විසඳන බවද ? පිළිතුර ඔබට භාරයි.
Tell a Friend



No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.