Thursday, 29 May 2014

රිසානා






රිදී කාසි වල දිස්නය වැටිලද

පියඹුවේ නුඹ යස ඉසුරු සොයා

කෙලි කවට සැගවුනිද

සොදුරු ළමා වියේ

සමු දෙන්නන්ට පෙර නුඹ අයිති වියට

කීම අරමුණු දුරු කතර ගෙවන්නට

නොම වූ රස බොජුන් , සළුපිලි

නුඹේ කුටුම්භයට රිසි වූ

තෙල් සුවද විසිරුණු කාන්තාරයේ

බොල් සුළග සමග

ඉරි තැලුණු නුඹේ ආත්මය

ඉකි ගසන හඩ ඇසේ

අදුරු රාත්රියක

නොදැන උණු වරදක අරමුණු රහිතව

ශාපලත් දේශයක සිරගතව

අනුකම්පාව නොලද දැඩි අවසානයකට

දෝලනය වන නුඹේ ආත්මය

ආපසු ගන්නට හැකිවේද අපට .......


ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා

Monday, 31 March 2014

නුබ ගියදා ........






මහිසට සෙවන දුන් විසල් රුක විය නුඹ

මහිතට සිසිල දුන් සරා සද විය ඔබ

මනෙතට අමා වූ සොදුරු දසුන ඔබ

කියන් මට නොවලහා හිමි සදුනි මගේද ඔබ .....



ගිනි ගත්ත රත්ත්රියේ සද කදුළු බොද උනිද

පුදසුනට ගිනි ඇවිලී නෙත කදුළු විසිරුනිද

අග්නි ජලවක්ව මහද දොර අවුලුනිද

පතිකුලය දෙපා මුල ඇවිල ගොස් පතුරිනිද ......



නුබ යන්න හදන මුත් අතර මගේ විමානෙන්

හැර ලන්න හැකිද කිරි සිනහ පපුතුරෙන්

පෙන්වන්න හැකි නම් පුතු හඩනා විට සොවින්

යන්නේ නෑ නුබ .... කිසි විටෙක අපේ ලොවින් .....



ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා



Sunday, 30 March 2014

සිදන්ගනාවී............






නෙක වර්ණ උලා කසී සළු පොරව

අදුරු වූ මාවතේ පියමනින සිදන්ගනාවී

රොන්සුනු නැතද තැවරුණු වත්සුණු

නුබ වත බබලන්න ඉසිබුලය් නිශාවේ



ගැහෙන සිතුවිලි හදේ තෙරපා

වැටෙන්නට පෙරාතුව කදුළු බිදු දෑස වල

තොම්බුලන්නිය වැඩිම ලන්සුවකට

ඇග මස් විකුණන වෙන්දේසියක



නොදැන අතක පැටලී පියමනින

නොදැන බස් අහුරු තෙපලන්න රත්ත්රියේ

නොම වේද උණුසුමක් ගිනියම් වූ සදට

නාදුනන පුරවරයේ ...... නුබ සිදන්ගනාවී ......



ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා


Friday, 28 March 2014

සියදිවි නසා ගැනීම




සටහන
ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා

සියදිවි නසා ගැනීමේ සංසිද්දිය මේ වන විට ලංකාවේ වර්ධනීය තත්වයක් පෙන්නුම් කරන බව සමාජීය වශයෙන් හෙළි දරව් වී තිබේ . එයද බොහෝ අවස්ථා වල ක්ෂණික තීරණ මත කඩිනම් විසදුම් කර එලම්බවිමේ ප්රවනාතාවයකින් යුක්ත වේ . සියදිවි නසා ගැනීම සදහා වයස් භේදය නොවැදගත් වන අතර වයස අවුරුදු 15 සිට සිදුවන ක්රියාවක් බව සමාජ සමීක්ෂණ වලින් වැඩිමනක් හෙළිව ඇත .

පුද්ගලයකු සියදිවි නසා ගන්නේ ඇයි ? යම් කෙනෙකුට සිදුවන සමාජීය හුදකලාභාවය , ඔහු මරණිය තත්වයක් කරා ගෙන යාමේ මානසික ප්රවේගයක් ඇති බව බොහෝ විට හදුනා ගෙන ඇත . මෙහි ඇති න්යායත්මකභාවය එමිල් ඩර්කයිම් විසින් , සියදිවි නසා ගැනීමේ සංසිද්දිය න්යායකට ගොනු කරමින් , එයට ගොදුරු වන්නන්ගේ ජිවිත විවරණය කර ඇත . එයට දායක වෙමින් ,මනෝ චිකිත්සකයින් විසින් , පුරවා සංසිද්දීන් ගවේෂණය කොට සියදිවි නසා ගැනීම වලක්වා ලීමට මනෝ විද්යාත්මක ක්රම වේදයන් ඉදිරිපත් කරමින් , මෙම තත්වය අවම කිරීම සදහා උත්සහ ගෙන ඇත .

එහෙත් සියලු සාධක අභිබවමින් තවමත් සියදිවිනසා ගැනීම , ලංකාව තුල වර්ධනය වන ආකාරය සංක්යා ලේඛන සාක්ෂි දරයි . එයට හේතු කාරකයන් හා වෙනස් වූ සමාජ තත්වයන් කුමක්ද යන්න සොයා බැලිය යුතුය .
.
අප දන්නා තරමින් සියදිවි නසා ගැනීම සිදුවුයේ මේ ආකාරයටයි .

1. ආර්ථික පරිහානිය හා සමුර්ධියකදී
2. ප්රේම සබදතා බිද වැටීමකදී
3. මානසික රෝගී තත්වයන් තුලදී
4. වයස්ගථ භාවයකදි
5. තවත් අය වෙනුවෙන්
(ත්රස්තවාදීන්ගේ සියදිවි නසා ගැනීම් )
6. සමාජීය හුදකලභාවයකදී
7. ක්ෂණික කොපයකදී

මේ ආකාරයට ලංකාව තුල සියදිවි නසා ගැනීම හදුනා ගත හැකි උවද ත්රස්තවාදීන්ගේ සියදිවි නසා ගැනීම් පමණක් මේ වන විට සංක්යා ලේඛනයන්ගෙන් ඉවත් වී ඇත .

ලංකාවේ දුෂ්කර ප්රදේශ වල අද වන විට ස්වභාවික විපත් හේතු කොට ගෙන , එති වන ආර්ථික අවපීඩනය හේතු කොට ගෙන සියදිවි නසා ගන්න ආකාරය තවමත් දැක ගත හැක .

ප්රේම සම්බන්දත බිද වැටීම පාසල් වියේ පටන් මැදි වයස් මට්ටම වන තෙක් ඇති වන තත්වය දර ගත නොහැකිව , සියදිවි නසා ගැනීම සිදු වේ . මෙම කරුණ සමාජයට වඩාත් අහිතකර ලෙස බලප ඇති බව , වර්තමාන කරුණු අද්යනයේදී පෙනී යන්නේ තමා විසින් සියදිවි හානි කර ගැනීමට පෙර , තව කීප දෙනෙකුගේම ජිවිත හානි කර අපරාධ රාශියකට මුල පුරමින් , සිදු කරන ලද ක්රියාවන්ය . මෙම තත්වය අද වන විට සමාජයට අහිතකර ලෙස බලපාන බව පෙනී යයි .

මානසික රෝගී තත්වයන්හිදීද පුද්ගලයින් සියදිවි නසා ගැනීමට පෙළඹේ . මෙහිදී එම පුද්ගලයා එම ක්රියාවේ වගකීම නොදරන අතර මියයන තෙක් අරමුණක් හෝ වෙනත් ක්රියාවක් මෙම සන්සිද්දියට අදාල නොකරමින් , සියදිවි හානි කර ගනී . මෙවැනි පුද්ගලයින් හදුනා ගෙන ඔවුන් බලා ගැනීම සමාජීය වගකීමයි .

වයස්ගත භාවයද හේතු කොට ගෙනද පුද්ගලයින් සියදිවි නසා ගැනීමට පෙළඹේ . මෙහිදී පුද්ගලයා සමාජීය හුදකලභාවයට පත් වන අතර එය හේතු කොට ගෙන ඇති වන කලකිරීම තුලින්ද , ඔවුන්ට වැළදෙන අසනීප සුව නොවීමේ වේදනාව දරා ගත නොහැකිවද වයස්ගත වුවන් සියදිවි නසා ගැනීමට හේතු වී ඇත . මෙම පුද්ගලයින් බලා ගැනීමද සමාජීය වගකීම වේ .

මෙයට අමතරව ක්ෂණික කෝපයද මෙයට හේතු කාරක වේ . පුද්ගලයින් තුල හට ගන්න මානසික අර්බුදයන් විසදා ගැනීමට යාමේදී පාර්ශවයන් දෙකකදී ඇති වූ ගැටුම් හේතුවෙන් පාලනය කර ගත නොහැකි ආවේගයන් මත යම් අපරාධයක් සිදු කරමින් , සියදිවි නසා ගැනීම මේ තුලින් සිදු වේ . මෙය බොහෝ විට ත්රිවිධ හමුදා තුල ඇති වන පරිසර තත්වය හේතු කොටගෙන සිදුව ඇත .

ඉහත කරුණු සියල්ල හේතු කොට ගෙන ලංකාව තුල සියදිවි නසා ගැනීමේ සංසිද්දිය මේ වන විට වර්ධනීය තත්වයකට පත්ව ඇති බව සමාජ සමීක්ෂණ මගින් හෙළි දරව් වන අතර ලංකාවේ මේ මොහොත වන විටත් කොතනකදී හෝ සියදිවි නසා ගැනීමක් සිදුව ඇත . ඒ බව සංක්යත්මකව දිනපතා රාත්රී පුවත් විකාශනයේදී අපට ශ්රවනය කල හැක .රටක දියුණුව බැලීමේදී සමාජීය බිද වැටීම් වැඩි වන විට ගණනය කල හැකි තත්ත්ව සාධකයක් ලෙසද හදුනා ගත හැක .


Thursday, 27 March 2014


ලේබල්වාදය


සංකීර්ණ සංකල්පයක් ලෙස ලේබල්වාදය හැදින්විය හැකි යයි මට සිතේ . සමාජය හා එහි සැරිසරන සියලුම ජීවින් මෙම සංකල්පයට අනුකුල වන්නකි . තිරිසන් සමාජය මෙයින් බැහැර කොට සැලකිය යුතුය . අප කතා කල යුත්තේ , මිනිසුන් ගැන පමණි .

ලේබල්වාදයේ මුලික සංකල්පය ප්‍රධාන කරුණු දෙකක් ඔස්සේ විග්‍රහ කල හැක . එනම් හොද හා නරකය .මෙම විග්‍රහයේදී හොද යන සංකල්පය , ලේබල්වදයට අදාල උවද , මිනිසුන් විසින් පිළිගැනීමට කැමති සංකල්පයකි . සියලුම දෙන "හොද " යන සංකල්පයට වැටීමට කැමතිය .එම ලේබලයෙන් ජිවත් වීමට කැමතිය . සුදු කරපටි අපරාධකාරයින් පවා , මේ ලේබලයෙන් ජිවත් වන බව අප දන්නා කරුණකි .

අප වැඩි දුර සාකච්චා කරනුයේ ලේබල්වාදය නිසා මිනිසුන්ගේ ජිවිත වෙනස් වන ආකාරය හා එම චර්යාවන් සමාජයට බලපාන්නේ කෙසේද යන්න පිළිබද සොයා බැලීමයි . මෙය සමාජීය කරුණු කීපයක් ඔස්සේ විග්‍රහ කල හැක .

1 අපරාද

2 අන්තර් ආශ්‍රය
අපරාද සදහා ලේබල්වාදය වැඩි වශයෙන් බලපාන බව අප කව්රුත් දන්නා කරුණකි .මිනිසුන් අපරාද කරන විට ඔවුන් අපරාද කරුවන් යයි , සමාජය විසින්ම ලේබල් ගසා ඇත . එහෙත් මේ අතර සිටින නිවරදිකරුවන් ,සැකකරුවන් පවා සමාජීය වශයෙන් මෙම අපරාද ලේබලයට හසු වී , සමාජ අසාධාරණයට ලක්ව සිටිති .අනෙක එක වරදක් සිදුකල අයෙකුට නිවැරදි වීමේ අවස්ථාව නැති කරමින් , ඔහු සදාකාලයටම අපරදකරුවකු ලෙස හංවඩු ගසයි . මෙහිදී ඔහු දිගින් දිගටම , අපරාද කිරීම සදහා නැමියාවක් දැක්වීම සමාජයට අහිතකරය . අපරදකරුවකු වීම නිසා , සිය පවුලේ උදවියද මේ ලේබලයෙන් සමාජය විසින් තවත් අහිතකර තත්වයකට පත් වෙමින් සමාජයෙන් කොන් වී හුදකලභාවයට පත්ව ඇති බව පෙනේ .

අපරදකරුවන් නිර්මාණය කරන්නට සමාජය දරන වගකීම මෙම ලේබල්වාදය බව සිතෙන්නට ඇති . එහෙත් සමාජය බිද වැටීමට මෙම සංකල්පයද බෙහෙවින් බලප ඇත .

අන්තර් අශ්‍රයද ලේබල්වාදය හා ලංව යන කරුණකි . කිසියම් ලේබලයකින් පිදුම් ලැබූ අයෙක් , ආශ්‍රය කිරීමට අනෙක් අය අකමැතිය . ඔහු පිස්සෙක් අපරාදකාරයෙක් , නිකමෙක් යනාදී අන්වර්ථ නම් වලින් පුද්ගලයින් වර්ග කිරීම මිනිසා තව ආකාරයකින් සමාජීය හුදකලා භාවයට පත් වීම සිදු වේ . මෙයද සමාජයේ පැවැත්මට අහිතකර කරුණකි .
ඉහත සාකච්චා කල කරුණු මිනිසා හා ලේබල්වාදය අතර සහ සම්බන්ධතාවයක් ගොඩ නගන බව පෙනේ . එම නිසා ලේබල්වාදය , සමාජයට හිතකර නොවන සංකල්පයක් බවත් , මිනිසා තම ක්‍රියාවන් ස්වභාවික ආකාරයට සකසා ගැනීමට ඉඩ සලසමින් , අන්තර් සමාජ බාධක ඉවත් කිරීමට සිතට ගතයුතු බව සිහි කල යුතුය . මිනිසාට නිවැරදි වීමේ අයිතිය ලබා දිය යුතුය .

Wednesday, 26 March 2014



සිහිනය .......












රෝස පට හැන්දෑවක පැතු පැතුම් එක්තැන් කොට
දෑත දෑතේ පටලමින් ගිවිසුමකට එක්තැන්ව
පෙම්බර කවි මුමුණ මුමුණ
පාට පාට ලෝකයකට කැන්දාගෙන යන්නට
වරම් ලදිමි ... ලෝකෙන් .....
දෑස දෑසේ පැටලී පැටලී
යුගගියක එලිසමයේදී තනුවකට මැදිව ....
නොමැති රිද්මයක් කෙලෙස ගයන්නද ....
දෑත රැදුණු මල් පොකුරෙන් එකිනෙක ගිලිහෙන
පරවුණු මලක් වගේ පැතු පැතුම්
හිස් අහසට විසිර යද්දී ........
යුග දිවියට අවරගිරේ හිරු පායද්දි
පෙම්වත් වූ හිත දෙරණත දිවයද්දී .....
රෝස පාට හැන්දෑවේ තුරුල් වෙලා ...
 සීනයක් දුටු බව මතකය් ........
ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා

Wednesday, 19 March 2014

පොත් සහ මං

 
          මං පොත් කියවන්න පටන් ගත්තේ මං කියන්නේ කවුදවත් නොදන්නා කාලේ ඉදන්, මට මතකයි ගෙදර තිබුණ පත්තර කැලි, අම්මගේ ශ්‍රී සගරා තමයි, මං ඉස්සෙල්ලම ඇල්ලුවේ. 'දසුන ' 'සිත්තර ' 'මධුර' 'සතුට' තමයි මගේ පෙළපොත් උනේ. ඒවායේ තිබුනේ චිත්‍ර කතා මට අග මුලවත් තේරුනේ නැ.ඒත්, පින්තුර දිහා බලන් ඉදල මොකක් හරි අදහසක් ගත්තා. ආදරේ දුක, වේදනාව ,හිනහව පොත් වලින් තේරුම් ගත්තේ මං ඒ නොදන්නා කාලේ අවුරුදු පහක පමණ වයසකින්, බාලන්ශෙන් , එක , දෙකට විතර එද්දී, අම්මට පොත් ගේන්න මං පුස්තකාලෙට ගියා. ගෙවල් ළග නිසා. පොත් කබඩ් වලට උස නැතුවත්, ඇගිලි තුඩින් ඉස්සි, ඉස්සි මං ගත්තේ අතට අහුවෙච්ච ලොකු පොත්. ගෙදර ගෙනත් අම්ම පොත තියන වෙලාව බලන් ඉදල මං පොත අතට ගත්තා.ගොළු හදවත්, අක්කර පහ, පාරදිගේ තමයි, මං ඒ කියවල තියෙන්නේ. ඔහොම කියවන කොට, තුන,හතර, පහ,හය පන්ති පහු කරනකොට, හම්බ උනේ ශර්ලොක්ස් හොල්ම්ස්ගේ අභිරහස් කතා 
        කාලය කෙමෙන් ගෙවිල භිෂනයත් ආව . ඉස්කෝලේ වැහුව. පන්තිත් නැ. ගියා මං ළග යාලුවෙකුගේ ගෙදරකට කාලය ගෙවන්න. මගේ වෙලාවට තිබුණා, පොත් කබඩ් එකක් ඔක්කොම රුසියන් පරිවර්තන පොත්, 'අම්ම' 'සිටුවරයාගේ දියණියෝ ' විලියම් ශේක්ෂ්පියර්ගේ නාට්‍ය පොත් මං කියෙව්වේ එහෙන්, භිෂනයත් ඉවර වෙලා ආයෙත් මං ඉස්කෝලේ ගියා. සාමාන්‍ය පෙළ පංතියේ අන්තිම පේලියේ, යාලුවෝ සෙට් එකත් එක්ක මං ඉංග්‍රීසි පීරියඩ් ඒක වෙලාවේ පෙරලගෙන හිටියේ ' මං නරක ගැහැනියක් නොවේ' ටීචර් පොතත් අරන් මටත් බැනල ගියා. පස්සෙන්දා යාප්පුවෙලා පොත ඉල්ල ගත්තේ ටීචර් අපේ ගෙවල් ළග නිසා. යන්තන් සාමාන්‍ය පෙළත් පාස් වෙලා දෙයියන්ට පින්සෙද්ද වෙන්න උසස් පෙළත් පාස් උනේ පොත් කියවල තිබුන සාමාන්‍ය දැනීම නිසා කියල මං දන්නව. නැත්නම් හරියට පංතියේ ඉගෙන ගත්ත නිසා නෙමේ. 
              ඉතින් මේ වෙද්දී කියවපු පොතුත් මං මොනවද කියල ලියන්න ගත්තා. ලොකු ලිස්ට් එකක් එතන. පොත් සාප්පු ගානේ මං දවස් ගණන් රස්තියාදු වේවි අළුත් පොත් හෙව්වා. පොත් ප්‍රදර්ශන වලට ගිහින් අඩුවට පොත් ගත්තා. international book fair ඒක කොළඹ ඉන්නකම් වැරද්දුවේ නැ. කියවල, කියවල, මං දැන් ලියනවා. මගේ සිංහල භාෂාව, අකුරු හැකියාව, සාහිත්‍ය අවබෝධය වැඩි දියුණු උනේ ඉස්කෝලේ යද්දී නෙමේ. මේ ලගක් කාලේදී. ගුරුවරු නැතත් අපි දැන් ස්වයං අද්‍යනයට හුරුවෙලා. මොනවා හරි, කොහේ හරි ලියන්න හිතෙනවා. වෙලාවට love letters ලියන්නවත් දැන් බැනේ, කට්ටිය හිනා වෙනවා. දැන් එහෙම කලාවක් නැති නිසා.ඔන්න මං මේකේ ලිව්වා. මට මතක් වෙච්ච දේවල් ටිකක්.  

Tuesday, 18 March 2014

මඩේ ලගින තාරාවන් .......

            ඇය සදහටම යන්න ගියාය. ලංකා සමාජයට බොහෝ දේ ඉතිරිකර නික්ම ගියාය. නාට්‍ය ලෝකයේ කඩඉම් ...... නිම වළලු පුළුලු කර නාට්‍යවෙදින්ට හදාරන්නට ඉතිරි කල දේ බොහෝය..... මර්සි රංග පාසලක් විය. තාත්වික අභිනය ඉතා උසස් මට්ටමකට ගෙන එමින් නාට්‍ය කලාව සදහා කල  සේවය අනගිභවනීයයි. ඇය නවක රංගන ශිල්පීන්ට ලබා දුන් ආදර්ශ වෙන කිසිවකුට නොදෙවෙනිය. සැබවින් ඇය තාරකාවකි. බැස යන තරුවක් නොව, ජීවමාන තාරකාවකි.වේදිකාවට ගොඩනගින කාහටත්,  නිතැනින් සිහියට එන්නේ මර්සිගේ රංග විලාශයයි. මුවට නැගෙන්නේ වෙන කිසිත් නොව,
       මඩේ ලගින තාරාවන් නාවන්නද මං........
       ඌරු දලෙන් මොන ගජමුතු අර ගන්නද මං.......
       චපල හිමිගේ සිරි යහනේ සැතපෙන්නද මං.......
       එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගැනී මං.......
                 ඇයගේ රංග විලාශය සමග මුසුව එන සංගීතය තව කාලයක් අප අතර පවතීවි..... ශේක්ෂ්පියර්ගේ චෙරි උයන වගේ .....මේ නාට්‍යත් මං හිතන්නේ නාට්‍ය ඉතිහාසයේ සනිටුහන් තබාවි. මර්සි   අව්‍යාජ කාන්තාවක්, ඇය දත් සියල්ල කාටත් බෙදා දුන්නාය. නාට්‍ය කරන්න ඇය දහදිය හෙළුවාය..... අද මෙන් පහසුකම් තිබු යුගයක් නොවේ එදා තිබුනේ . සාරි කඩා ඇදුම් මසුවාය. කන්න බොන්න නැතුව කන කර උගස් තැබුවාය. එදා නාට්‍ය කියන්නේ කණ්ඩායම් හැගීමෙන් වැඩ  කරපු එක පවුලක දරුවන් මෙන් උදව් පදව් කරගත් විනෝදයෙන් ගත කරපු කලාවක්. එහෙත් .... අද රංගනය යනු හුදෙක් වානිජවාදී නැඹුරුවක් ඇති මාද්‍යක් බවට පත්ව හමාරය. මුදල් මත තමන්ගේ කොටස විතරක් කරලා අයින් ගහල ඉන්න ආත්මාර්ථකාමී කොටසක් බවට පත්වෙලා. එදා තිබු එකමුතුව වෙනුවට එකිනෙකාට මඩ ගහ ගන්නා, එහෙමත් බැරිනම් ගුටිබැටද දෙන කාලයක් බවට අද රංගන ශිල්පින් පත්ව හමාරය. මර්සි මේ යුගයේ රංගන ශිල්පීන්ට පුර්වාදර්ශ සැපයු කාන්තාවකි. ඇයට සාර්ථක ජීවිතයක්ද උරුම විය. සැමියා මිය යන තෙක් එකට ගතකල ආදරයෙන් පිරුණු ජිවිතයක් ඇයට තිබුණි. මේ සියල්ල ඇය කලාවෙන් ඉහෙන ගත්තාය.
         අද රංග ශිල්පින් මඩේ ලගින තාරාවන් මෙන් යයි සිතෙන්නේ, මඩ ගා ගත්තත් ලැජ්ජාවක් නොමැති කමත්,ඌරු දලෙන් උනත් කමක් නැ ගන්න පුළුවන් දේ ගන්න උත්සාහ කිරීමත්, මුදලට අන් හිමියන්ගේ සයනයේ කොටස් බෙදා ගනිද්දී, අපට කියන්න තියෙන්නේ මර්සි කිව්වා වගේ , එහෙම කලොත් ඒක තමයි ඔබ කරන ලොකුම මෝඩකම කියල.  මර්සි එදා එහෙම කියන්න ඇත්තේ, අනාගතයේ රංග කලාවට වෙන දේ දැකලද මන්දා.  

Saturday, 15 March 2014

බලවත්ම කාන්තාව කවුද....?

       බලවත්ම කාන්තාව කවුද කියල ඇහුවොත් ඔබ හිතන්නේ කා ගැනද? කාය සම්පන්න ශක්තිවන්ත සිරුරකින් හෙඹි චරිතයක් නේද? රූ රැජිනක් ගැන කතා කලොත් , නිතැනින් සිහියට එන්නේ කුමන ආකාරයක රුපයක්ද? ඉතාමත් සුරූපී චරිතයක්. අද වන විට මේ දෙකම යල්පැන ගිය ක්‍රමවේදයන් බවට පත්ව හමාරයි. කාන්තාව සතු ශක්තිවන්තභාවය හා රුපත්භාවය සෙවීම නවීන සමාජ වෙනසත් සමග වෙනස්ම ආකාරයකින් ලෝකය අර්තකථනය කර හමාරයි. ලෝකය නවීකරණය වෙද්දී අපේ සමාජ තාමත් පසුගාමී ක්‍රමවේදයන් භාවිතා කිරීම කණගාටුවට කරුණක්. කාන්තාව ලෝකයට මුහුණ දෙන ආකාරය, ගැටළු විසදා ගන්නා ආකාරය, ඇ සතු බුද්ධිමත්භාවය, අභියෝග වලට මුහුණ දුන් ආකාරය, මිනුම් දඩු නොවන තෙක්, කාන්තාවගේ ශක්තිමත්භාවය තීරණය කල නොහැක. ගෙදර සිටින බලවත්ම චරිතය අපේ අම්මා යයි, කීම නිවැරදිය. ඇය අප වෙනුවෙන් සියල්ල ඉටුකළ කෙනෙක් නිසා, ඇය ගවුරව සම්පන්න වුවාය. මේ ආකාරයට , ලංකාවේද බලවත්ම කතුන් ගවුරව සම්පන්න වුහ. 
         අප දන්නා තරමින් ලක් ඉතිහාසයේ එවැනි කතුන් කීප දෙනෙක් සිටිය බව ඉතිහාසය සාක්ෂි දරයි. විහාරමහා දෙවි, ගජමන් නෝනා, සිරිමාවෝ, යම් ආකාරයකින් රටට සේවයක් කල හෙළ කතුන්ය. ඔවුන් ජිවිතයට අභියෝග කල ඇත්තවුන්ය. ඔවුන්ගේ නිර්භීතභාවය හමුවේ ඇතැමෙක් දන නැමුහ. එහෙත් නවීන ලංකා සමාජයේ බලවත් යයි කතුන් තෝරාගන්නා  ආකාරය හාස්‍යජනකය. හරසුන්  පදනමක් මත   බලවත් යයි කීම, කාන්තාවන්ටම කරන අගව්රවයකි. සමාජය හමුවේ හාස්‍යට ලක්වූ චරිත බලවත් යයි මතුකර දක්වන්නේ බලවත්විමට හස්යෝත්පාදනය කල හැකි වීම නිසාද? ඔවුන් තේරී පත්වීම පිළිබද අපි ඔවුන්ට දොස් නොකියමු, මන්ද.......මෙය තේරීම් කමිටුවේ සුදුසුකම් පිළිබද ගැටලුවකි. මුදලට ආචාර්ය උපාධි පිරිනමන සමාජයක වගකිව යුත්තන් වන ඔවුන්ගේ බුද්ධිය පිළිබද ගැටළුවකි. 
        දහදිය මුගුරු හෙලමින්, මානසික පිඩාවන්ට ලක්වෙමින්, ලෝකයකට වැරදිකාරයො කරමින්, ජිවිතයද පරදුවටද තැබුවේ, එවන්  සුවිශේෂී වූ ලදුන් පමණි. ඔවුන් සැම විට බැබලුණහ. හරයක් ඇති, අරටුවක් ඇති, ගස් ගල් මෙන් නොසෙලුනහ. අපි ඔවුන්ට දන නමමි. මන්ද සදාචාර සම්පන්න ලෝකයකට අත්තිවාරම් දමන්නේ ඔවුන්ගේ ලේ කදුළු මතින් වන බැවිනි. සැලොලයෝට් යුගයක නිවී නිවී පත්තු වන තාරකාවන් නැග බැස යයි. රැල්ලට ගසා යයි. ඒ සිය පැවැත්ම උදෙසා පමණි. මානුෂිය හැගීම් ඉතිරි කරන්නට නම් ලෝකයටම ආලෝකයක් වෙන්න පුළුවන් කාන්තාව සැමදා බලවත් වන්නේය. ඇය අභිමානනීය කාන්තාවකි. කවුරු ඔවුන්ට සම්මාන නොදුන්නත් ජන සම්මානය නිතැනින්ම හිමිව අතීතයට නමක් රදවන්නිය.   

Friday, 7 March 2014

ජිනාදරියේ........

         පාට තවරා එක එක වෙස් ගත්තද, නුඹත් , අපේම කාලයේ ගැහැනියක් . ලෝකය සරුව පිත්තල වුවත් සත්‍යවාදීනියක් සේ පෙනී සිටින්නට ඇයි නුඹ අදහස් කලේ , කියලා නම් අපට හිතා ගන්න බැ. ජීවිතය ...... යථාර්තය ...... මොනවට පැහැදිලි කලත් ඇත්ත පිළිනොගන්නා ලෝකයට , නුඹේ ඇත්තෙන් වැඩක් නැතුවාසේය. නුඹට ගරහන ලෝකය නුඹේ පසුපසම කවදා හෝ එතැයි ..... දැනට අප සිතන්නම්. අප්‍රසන්න වූ ජිවත විවරණයක යෙදෙන නුඹ ගැන සිතුවොත් ඒ සියල්ල වර්තමාන සමාජයට අනුව සාමාන්‍ය යයි, කිව හැක. එහෙත් එය අභව්‍ය ගනයේ සිදුවීමක් ලෙස දෘෂ්ඨිවාදීන් තීරණය කරන්නේ ලංකා සමාජයේ සිදුවූ පලවෙනි සිදුවීම ..... ජිනාදරිගේ සිදුවීම යයි යන සිතිවිල්ලකට අනුවය. තත්‍ය ලෝකය තුල වූ සාමාන්‍ය ක්‍රියා, අසම්භාව්‍යක් කරන්නට කිසිවෙකුටත් නොහැක. මන්ද ජිනාදරිලා තවත් හිදින බව මතක් කලයුතු මනාය. ඔවුන් සියළු දෙනාම  තමන්ගේ කතාව ලිව්වේ කදුළු වලිනි. වෙනස එයයි. 
            කුඩා කල සිටම ලිංගික අපයෝජනයට ලක්වීම, අඩු සැලකිල්ල, දරිද්‍රතාවය යන මේ සියළු කරුණු එක්තැන් වූ විට, ළමා ලෝකය බිද වැටීමකට ලක්වීම නතර කල නොහැක. එදා කියා ගන්නට බැරිවූ ඒ කතාව ලෝකයට කෑගසා කිව්වේ , අනෙක් දරුවන්ටත් අද මේදේම , සිදු වෙතයි ඇයට සිතෙන්නට ඇති වූ නිසා වන්නට පුළුවන. ජිනාදරිගේ ලෝකය සුන්දර වුයේ නැත. නොකියවූ පොතක් වැනි වූ ඇගේ මුහුණේ වූ ඒ ....භයානක හැගීම් ඇය, එකිනෙක විවරණය කරන්නීය. ඉකිගසන ඒ සිතුවිලි කොතරම් භයංකාර වුවාද යන්න හැගෙන්නේ , ඇගේ ජිවිත කතාවට බයවූ නිවටයන් ඇයව විවේචනය කරන නිසාවෙනි. සුන්දරයි කියා සිතු සියල්ල බිද වැටෙන ඇගේ ජීවිතය තවමත් බිද වැටෙමින් තිබෙනවායි ඔබට සිතෙන්නට පුළුවන. නැත...... ඇය ශක්තිමත්ව සිටින්නීය. ඇගේ දුවරුන් දෙදෙනා ඉදිරියේ, ඇය ගලක් මෙන් නිසොල්මන්ය. 
             පාට තැවරු ලෝකයේ ජිවත් වෙන්න ඇය අපට පුර්වාදර්ශ සපයන්නිය. ලෝකය රගමඩලක් බව ඇය වටහා ගෙන අවසානය. එබැවින් ලෝකය ඉදිරියේ නිරුවත් වෙන්න ඇය, බිය නොවුවාය. ලෝකයා ඇයට ගල් ගැසුවද, ඇය නිහඩය. තනි තටුවෙන් පියාඹන්න නොහැකි බව ඇය දනී. එහෙත්, ඇය හුදෙකලාය. ජිවිත මංපෙතේ හමුවූ අත් වැලත් ගිලිහි අවසානය. සියල්ල පන්හිදට ගොනුකර අකුරෙන් අකුර අමුණන්න විය. කදුළු වල බරට වඩා, ජිවන බර ඇයව හෙම්බත් කරයි. එහෙත් ඇය ප්‍රබලය, පරාජය කල නොහැක කිසිවෙකුටත්. ජිවිත පන්නරය ඇයව ඉදිරියට ගෙන යනවා. ඇය සිනාසේ ...... ඒ සිනාවේ..... ආත්මාර්ථකාමිත්වයක් නොමැත. ලෝකය උඩු යටිකුරු නොකර දෙපයින් සිට ගෙන ඇය ..... ලෝකයට කැ ගහල කියන්නේ හෙට...... නුඹටත් මේ ටික වෙන්න පුළුවන් පරිස්සම් වෙයන්.....  ඒ ඇගේ 'පුනුරුක්තියයි '

Sunday, 2 March 2014

විලිබිය

        දඩයම් යුගයේ අපට කිසිත් බියක්, සැකක් නැතිව ජීවත්වෙන්න පුළුවන් වුනේ, අපි අප ගැන නොදන්නා නිසයි. අපිට අපේ කියා දෙයක් තිබුනේ නැ. අයිතිකර ගැනීම්,ඇත්තෙම නැ. පොදු දේපල ක්‍රමය, භාණ්ඩ හුවමාරුව විතරයි, ජීවත්වීම පිණිස අවශ්‍ය වුනේ. කන්න දෙයක් හොයාගෙන ගහක්, ගලක් යට වැටිලා නිදා ගත්තම ඒක තමයි ජිවිතේ කියන්නේ. සරල උපයෝගිතාව, මේ අඛණ්ඩ පැවැත්මට බාධා කරන්න පටන් ගත්තේ කවර කලෙක ඉදන්ද කියල මං හොයනවා . මොකද යැපුම් කෘෂි කර්මයට  කැමති නිසා. බලය පතා මිනිසා ඉදිරි ගමනට අවතීර්ණ වුවාදැයි හිතෙන්නේ, එදත් හයිය ඇති එකා, ලොකුම මස් කුට්ටිය අල්ල ගත්ත නිසයි. අතින් වහගෙන හංගන්න දෙයක් නැතිව හිටිය මිනිසාට මොකද වුනේ කියල දැන්නම් හිතෙනවා. ලැජ්ජාව කියන වචනය පටන් ගන්න ඇත්තේ එතැනින් වෙන්න ඇති. 
          විලිබිය ටික ටික දැනෙන්න  ගත්තේ ආවරණයක ඕනෑකම තිබුන නිසා, නිදහසේ ජිවත් වෙච්ච මනුස්සයා. සමාජ සංක්‍රමනයත් එක්ක විපරිත වෙන්න වුනා . දඩයම් යුගය අවසන් කරලා, සරල සමාජ හරහා දේශපාලනික ගමනක් ඇවිදින් අපස්ස හැරිලා බලන්නේ, මේක සදාචාරාත්මක ගමනක්ද කියල වෙන්න ඇති. විලිබිය දැනෙන්නේ, කරපු කී, දේ මතක් වෙලා වෙන්න ඇති කොයි පැත්තෙන් වහන්න හැදුවත් දැන්නම් වහගන්න බැරි තරමට කඩතොළු වැඩිවෙලා බව දැනෙන කොට. එදා හිටිය දඩයම් යුගයටම නේද අපි අපහු ආවේ කියල හිතෙනවා. එදා නොතිබුන විලිබිය අද දැනෙන්නේ සමාජ නිරුවත ඕනෑවටත් වඩා පෙනෙන හින්දද.....මන්දා ? 
               බලය අල්ලා ගතහැකි දෙයක් නොව, රදවා තබා ගතයුතු ක්‍රියාවකි. රැදෙන්න නම්, යහපාලනයක් තිබිය යුතුය. අතහැර යන කිසිම දෙයක් නැවත නොඑන්නේ, දැක්මක් නොමැතිකම හන්දයි. විලිබිය දැනේ නම් නැවත නොඑනු ඇත. එහෙත්, නැවත එන්නේ ලැජ්ජාවක් හෝ හිරිකිතයක් නැතිවය. මෙය වර්තමාන ජිවන රටාවයි. අපට අපේ කියල දෙයක් නැත. මට කියල දෙයක් ඇත. වෙන්න ඔබ මනාප නොබලන්න ඉවත...... අදත් මා ඔබ සමගයි. මා ඔබේ ජීවයයි. වනචාරී යුගය අවසන් .... නව යුගයකට අරුනළු උදාවී ඇත. නැවත නැවතත් කැරකෙන්නේ මේ විෂම චක්‍රයමයි කියල දන්නේ කියෙන් කීදෙනාද....? පාට වෙනස් උනත් පෙතේ අදින්නේ එකම දාමෝ සෙට් එකම තමයි. කියල හිතන්න බැරිද..........?