1999 වසරේ ආර්ජන්ටිනාවේ ලලුලයිලසෝ ගිනිකන්ද අසබඩ සුසානභුමියක තිබී ගැහැණු ළමයකුගේ මමියක් සොයා ගෙන ඇත . වසර 500 ක් තරම් පැරණි බව , පර්යේෂකයන් විසින් සනාථ කලද , මමිය , හොදින් සකස්කර ජීවමාන ආකාරයට සකස් කලේ ඇයිද යන්න , මේ වනවිට පර්යේෂණ පවත්වති . වයස 13 ක් යයි අනුමාන කළහැකි මෙම දැරිය , පර්යේෂකයන් මෙම මමිය 'ලා ඩෙන්සේලා ' ලෙස සිංහලෙන් කන්‍යාවිය ලෙස නම්කර ඇත .

ඉන්කාවරුන්ගේ ඉතිහාසයේ සදහන් වන අන්දමට මෙම බිලිපුජාව හදුන්වා ඇත්තේ , 'කැපකොව ' නමිනි . ගෝත්‍රයේ පාලකයන්ට ආශීර්වාද පතා මෙවැනි බිලිපුජා පවත්වා ඇත . ඇය මැරුණු ඉරියව්වෙන්ම ,මෙම චායාරුප ගතකොට ඇත . එරමිණිය ගොතාගෙන සීතලට වකුටුවෙලා , අත් කකුල්දෙක උඩ තියාගෙන , ඔළුව පහත් කරන් , කුරුළු පිහාටු වලින් හදපු හිස් පළදනාවක් දමාගෙන ඉද ඇත . කොන්ඩෙත් හොදින් පීරා සකසා ඇත .
බිලිදෙන්න අවුද්දකට කලින් මෙයාව තෝරාගෙන , මේ මත් ද්‍රව්‍ය ක්‍රමයෙන් දී ඇත . වඩාත් ශාන්තව සිටීමට මත් ද්‍රව්‍ය වැඩිපුර දී සිහි නැති උනාට පසු ගිනි කන්ද අසලට ගෙනවිත් , සීතලත් එක්කම මැරෙන්න ඉඩ ඇර ඇත . ගෝත්‍රික සමාජ සිරිත් ඉටු කිරීමට ඉතිහාසයේ කර ඇති තවත් මිලෙජ්ච ක්‍රියාවක් , මේ මමී හමුවීම නිසා , සොයාගත හැකිවිය . එහෙත් මෙවැනි ඉරණම් පොලවයට සදාකාලිකවම වැළලී ඇති බවත් , ඒවා සදාකාලික රහස්ම ලෙස අතීතයට එකතු වන්නට ඇති බවත් මේ අනුව අපට සිතාගත හැක .
No comments:
Post a Comment
Please write your comment .
Note: only a member of this blog may post a comment.