Sunday 25 August 2013

රයිසොවගේ හා යුලියාගේ අසාමාන්‍ය හාදුව


      මෙවර ලෝක ශුරතා තරගාවලියේ විශේෂ අවස්ථාවක් ලෙස  මීටර් 100-4 කාන්තා සහය දිවීමේ තරගය නැරඹීමට  ක්‍රීඩා ලෝලීන් උත්සුක විය . මන්ද , ඇමරිකාව ජය ලබනු ඇතැයි බලාපොරොත්තුවූ නිසාය . එහෙත් , රුසියාව එම ඉසව්වෙන් රන් පදක්කම් ලැබිය . තරගය උණුසුම් තරමට ක්‍රීඩිකාවන්ගේ හැගිම්ද උණුසුම් වූ අවස්ථාවක් ලෙස ජය සංකේත ප්‍රධානයේදී , ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගේ උණුසුම් හාදුවක් ලෝකයේම විවේචනයට ලක්වූ බව , අන්තර්ජාල ආරංචි මාර්ග පවසයි . 

      රුසියාව සමලිංගික සබදතා ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් නීතියක් පනවා ඇති අතර ,එයට නිහඩව විරුද්ධය පෑමක් ලෙස මෙම අවස්ථාව , රයිසෝවා හා යුලියා යොදාගත් බව විවේචකයන්ගේ මතය වී තිබේ . අනිත් ක්‍රීඩිකාවන් දෙදෙනා සාමාන්‍ය ආකාරයට සිප වැළද ගනිද්දී , මොවුන් දෙදෙනා පමණක් මේ ආකාරයට සතුට ප්‍රකාශ කරගත් ආකාරය ලෝක ජනමාද්‍යකරුවන් උපුටා දක්වා ඇත . 

      රන් පදක්කම් ලැබීමේදී පමණක් නොව තරග අවසානයේදීද මේ සිපගැනීම තිබු බව මාද්‍ය වාර්තා කරයි . මෙහි අසම්මත බවක්  බැලු බැල්මට ඇති බව පෙන්වා දෙති . ලෝකයා මෙම සමලිංගික හැසිරීම් ප්‍රතික්ෂේප කරනුයේ සමාජ රෝග වැඩි වශයෙන් වැළදීමේ අවදානමක් තිබෙන නිසා බව වාර්තා ගත කොට ඇත . විරුද්ධ ලිංගික සබදතා වලට වඩා සමලිංගික සබදතා ,පිලිකෙවූ කරනුයේ ඒ නිසාය . 

       කෙසේ වෙතත් එම ක්‍රීඩිකාවන් දෙදෙනා පවසන්නේ තමන් එවැනි දෙයක් නොසිතු බව හා , එම අවස්ථාවේ ජයග්‍රහණය තකා හැගීම් බරවූ බවය . මෙහි ඇත්තක්ද තිබෙන්නට ඇත . එහෙත් , අවුරුදු අටකින් නොලැබූ රන් පදක්කම අපට ලැබුණු පසු , ඒ සතුටට සීමාවක් නොමැති වූ බව , මෙම සිද්ධියට පිළිතුරු දෙමින් , රයිසෝවා පවසා ඇත . විශ්වාශයක් නැති ජයග්‍රහණයක් ලැබූ පසු , ආවේගයකින් අපි එකිනෙකාට සුභ පතා ගන්නාවිට දන්නෙම නැතුව අපේ තොල් එක්වූ බව තව දුරටත් ඇය විසින් පවසන ලදී . මෙවැනි විකාර අදහසක් පලකලේ කවුරුන්ද යන්න මවිත වන බව පැවසිය . 

        නමුත් , ලෝක ශුරතා තරගාවලියේ රිටි පැනීමේ ශුරිය වූ , රුසියාවේ යෙලේනා ඉසින්බයේවා මාද්‍ය අමතමින් මේ සිදුවීම සම්බන්ධව මෙලෙස අදහස් දැක්විය .'සමලිංගික සංකල්පය ප්‍රචාරය කරන්න අවසර දීල , මේ විදියට අනුබල දෙන්න බැ , එතකොට අපේ ජාතිකත්වය විනාශ වේවි මොකද අපි සාමාන්‍ය සම්මත ජාතියක් ' යනුවෙන් පැවසුවාය . 

      කෙසේ වෙතත් මේවන  විට අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණයට වඩා , මෙම අසම්මත හාදුව ගැන කතා කිරීමට ක්‍රීඩා විචාරකයන් උත්සුක වූ බව මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා නිදහසට කරුණු දක්වමින් තරයේම පවසති .