Thursday 15 August 2013

කිඹුල් කෙල්ල



        ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ උපන් ඇෂ්ලි ලෝරන්ස් නිර්භීත කෙල්ලක් බව බය නැතුව කිඹුල්ලු අල්ලපු නිසා අද වන විට ලෝක ප්‍රසිද්ධ වෙලා . ඇය ෆ්ලොරිඩවේම අද්‍යාපනය ලත් අතර , කුඩා කල සිටම සතුන් හා සෙල්ලම් කිරීමට ඇල්මක් දැක්විය . ඇෂ්ලි මේ වන විට හැකියාව වගේම සිය රැකියාවද කිඹුල්ලු ඇල්ලීම කරගති . දැනට ඇය වසර පහක සිට ෆ්ලොරීඩාවේ  ජාතික උද්‍යානයේ කිඹුල්ලු ඇල්ලීම සිදු කරනු ලබයි . පිරිමින් හා එම රැකියාව කරන එකම කාන්තාවද ඇයයි . මේ වන විට ඇයට අවුරුදු 25 ක් විතර ඇති .

       ඇය මෙම  කටයුත්තේදී කිම්බුල්ලුන්ගේ කට ගැන සැලකිලිමත් වේ . දැනට ෆ්ලොරීඩාවේ තැන් තැන් වල අස්ථාන ගත වෙලා ඉන්න කිඹුල්ලු අල්ලලා වතුරට මුදා හැරීම කරයි ප්‍රදේශවාසීන් කියන්නේ මේ රස්සාව මෙයාගේ ඇගේම තියන එකක් බවයි ඇෂ්ලි පවසන්නේ සත්තුන්ගේ භාෂාව තමන්ට තේරෙන බවයි .ඒ හන්ද අනතුරක් නොවන බව ඇය පවසයි .

       ඇෂ්ලි මේ රස්සාවට ගොඩක් කැමතියි . සතාව මෙල්ල කර ගත්තම සතා එක්ක ගොඩක් දගලන්න ඕන නැතිලු . සත්තුන්ගේ හැසිරීම් රටාව ඇයට මේ වන විට හොදටම පුරුදුයි . වෙන රැකියාවක් ගැන නම් හිතන්නෙත් නැතිලු . ෆ්ලොරීඩාවේ කිඹුල්ලු මිලියන ගානක් වැවු ගංගා වල ජිවත් වන අතර , සත්තු ගොඩට ඒම නිසා මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ජිවිත වලටද තර්ජනයක් වෙන නිසා , ඇෂ්ලි මේ කටයුත්තට වඩාම කැමති වෙලා .

     මෙවන් නිර්භීත කෙල්ලන් හා සත්තුන්ට ආදරය දක්වන පරිසරහිතකාමියන් සිටීම ලෝකෙට යහපතක්ය .ඇය සතු සුවිශේෂී හැකියාවට හා ඒ සදහා ඇති ඇල්ම අගය කල යුත්තකි ..