Saturday 24 August 2013

Madras Cafe




        සුජිත් සර්කා අද්‍යක්ෂනය කල Madras Cafe ඉන්දියානු චිත්‍රපටියේ ප්‍රධාන චරිත රගපානුයේ ජෝන් ඒබ්‍රහම් හා නාගීස්ෆක්රි වේ .  මේ වනවිට Madras Cafe ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුනද දැඩි අර්බුර්දකාරී තත්වයකට මුහුණපාමින් සිටි . හේතුව නම් වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට පහර දීමට තනපු චිත්‍රපටයක් යයි , තමිල්නාඩු වාසීන් විසින් චෝදනා කරන හෙයිනි . මෙයට ලංකාවෙන්ද හොරෙන් උදවු ලබාදුන් බව තමිල්නාඩුව පවසති . යාපනය පසුබිම් කරගෙන නිපදවූ මෙම නිර්මාණය මුලින් නම් කරන ලද්දේ Jaffna නමිනි . 
         කෙසේ වෙතත් නිෂ්පාදන කණ්ඩායම මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් විශේෂ දර්ශනයක් හෙට වනවිට තිරගත වීමට සුදානම් කර ඇත . ඉන්දියාවේ ප්‍රබල දේශපාලන කණ්ඩායම් නායකයකු වන තම්සර් කියා සිටින්නේ , එල් ,ටි,ටි ,ඊ , සංවිධානය ත්‍රස්තවාදී කල්ලියක් ලෙස හදුන්වා ඇති බැවින් මෙම නිර්මාණය අප අනුමත නොකරන බවයි . 

       එහෙත් මෙයට පක්ෂපාතිව අදහස් දක්වන සිමන් නම් අද්‍යක්ෂකවරයා පවසන්නේ තමන්ට ශ්‍රීලංකාව සමග අමනාපයක් , අසුභවාදී සිතුවිලිත් නොමැති  බවත් , එහෙත් ශ්‍රිලන්කිය දෙමල ජනතාවගේ විමුක්තිය උදෙසා , තම ජීවිතය පිදු ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු ලෙස හැදින්වීම අනුමත නොකරන බවයි . එමනිසා තමිල්නාඩුවේ Madras Cafeප්‍රදර්ශනය කිරීම , අත්හිටුවන ලෙස ඔහු ඉන්දීය රජයෙන් ඉල්ලා සිටි . 

     ජෝන් ඒබ්‍රහම් පවසන්නේ තමා මෙම නිර්මාණය සදහා ත්‍රස්තවාදියකු ලෙස හැගීමෙන් පෙනී නොසිටි අතර , නිර්මාණයක් සදහා තම රගපෑම ලබා දුන් බවත්ය . එහෙත් අර්බුදකාරී වාතාවරණයක් මැද , සිටින Madras Cafe හෙට වනවිට මුදා හරින තෙක් අවිනිශ්තය . දේශපාලන හා , ත්‍රස්තවාදය මත දෝලනය වන මෙම නිර්මාණය , එකේක අයට එකේක විදියට බලපාන්නට පුළුවන . මෙය හුදු නිර්මාණයක් පමණක් යයි නොසිතන්නේ මන්ද? අලුත් දෙයක් දැකීමට අප නොඉවසිල්ලෙන් සිටින්නෙමු . මත හා ගැටුම් රාශියක් මත නිර්මාණය ඉබේටම ඉස්සරහටම තල්ලු වේවි යයි අපි සිතන්නෙමු .

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.