Sunday 11 August 2013

අපරාධ පාලනය කරන පාත්ත පොලිසිය


             චීනයට මුහුණ දීමට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයකි අපරාධ පාලනය . මෙම අපරාධ පාලනය කිරීම සදහා චීන පොලිසිය සම්ප්‍රධායික හා සම්ප්‍රධායික නොවන ක්‍රමද භාවිතා කිරීමට උත්සහ ගෙන ඇත . මේ අනුව චීනයේ සින්ජියන්ග් ප්‍රාන්තයේ අපරාධකරුවන් අල්ලා ගැනීම සදහා , එහි පොලිසිය අළුත් නිලධාරීන් පිරිසක් යොදවා ඇත . එම නිලධාරීන් නම් 20 දෙනා බැගින් වූ පාත්තයන් කණ්ඩායමකි . මෙම වසර මුලදී ඇරඹි , පාත්ත පොලිසිය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව චීනයේ 'ද පීපල්ස් ඩේලි' පුවත්පත වාර්තා කරයි .

                  පාත්තයින් කුකුළු පවුලට අයිති වන අතර , ඉතා හොද සෝදිසි මට්ටමක් ඇති , තියුණු ශ්‍රවන තත්වයක් ඇති සත්ව විශේෂයකි . මෙම තීක්ෂණ සංවේදී , එඩිතර සත්වයින් සින්ජියන්ග් ප්‍රාන්තයේ අපරාධ පාලනය කිරීමට මහත් දායකත්වයක් දක්වයි . බල්ලන්ටත් වඩා සුවිශේෂී හැකියාවක් මොවුන් පෙන්වයි . දැන් මුළු චීනය පුරාම පාත්ත පොලිසිය යෙදවීමට සාකච්චා මට්ටමේ පවතින බව හෙළිවේ .
 
         මෙම පාත්තයින් සතුරා දුටු විට පහර දීමට තටු විහිදා සටන පටන් ගනී . හරියට විදුලි බලය හෝ වෙනයම් බලශක්ති ප්‍රභවයකින් තොරව රේඩාර් යන්ත්‍රයක් වගේ ක්‍රියා කරයි . මෙම පාත්ත පොලිසිය නිසා , කලබලකාරී සින්ජියන්ග් ප්‍රාන්තයට ආරක්ෂාකාරී භාවයක් හා ලබාදී ඇත .පසුගිය ජුනි මාසයේ පොලිස් මුලස්ථානයට කඩා වැදී , මෝටර් සයිකලයක් පැහැරගෙන යාමට තැත් කරද්දී , එම සොරා අල්ලා දීමට පාත්ත පොලිසිය සමත්වී ඇත . මේ අනුව බලන විට සතුන්ගෙන් සිදුවන ආරක්ෂාකාරී සේවාව අතීතයේදී මෙන් නවීන යුගයේදීද වැදගත් බව පෙන්වා දී ඇත . ලෝකය සමග අප ඉදිරියට ගියාද නැතහොත් නැවතත් පුනරාගමනය කලාද යන්න සිතා ගත නොහැක .