අඩ නිරුවත් සුරුපිකාවන්ගේ ගුවන් සේවය
නොක් එයාර් ලයින් තායිලන්තයේ අභ්යන්තර ගුවන් සේවයකි . ගුවන් යානයේ ඉදිරිපස තාරා හොටක් හැඩති පෙනුමක් සහිතව නිපදවා ඇත . මිල අඩු ගුවන් සේවාවක් වුවද මෙය එතරම් ජනප්රිය නොවුනි . මෙම ගුවන් සමාගමේ අදායම වැඩිකර ගැනීම සදහා ,අද්යක්ෂක මණ්ඩලය අපුරු උපක්රමයක් යෙදවිය . ෆේස් බුක් අඩවිය හරහා මෙහි සේවය කරන ගුවන් සේවිකාවන්ගේ අඩ නිරුවත් චායාරුප ගුවන් යානයක් ඉදිරිපිට සිටුවා ලබාගෙන ෆේස් බුක් වෙබ් අඩවියේ පලකරන ලදී . පාඨකයින් ලක්ෂ දෙකක පමණ කැමැත්ත ලැබුනා .
බිකිනියක් හෝ කොට කලිසමකින් සැරසී ගන්නා ලද මෙම චායාරුප හේතුවෙන් ආකර්ශනීය ලෙස පාරිභෝගිකයන් සීග්ර ලෙස වැඩිවූ අතර , රට තුල පමණක් නොව ලෝකයේම ප්රසිද්ධියක් ලැබිය . එබැවින් , මේ වනවිට මියන්මාරය වෙතද ගුවන් සේවාව ඇරඹීමට නියමිතය .
නොක් ගුවන් සමාගමේ අද්යක්ෂක පවසන අන්දමට , අප කලේ අන්දෝලත්මක දෙයක් , සමහර අවස්ථා වල අපට බැනුම් අහන්නත් උනා . එත් , සමහර සේවාදායකයින් අපේ අදහසට කැමති උනා . මේ නිසා අප විශාල ලෙස අදායම් ලැබුවා .
එහෙත් , ගුවන් සේවයේ ලාභය වෙනුවෙන් කාන්තාවන් අඩනිරුවත් කිරීම කිසිසේත් සුදුසු නොවන බව කාන්තා අයිතිවාසිකම් රැකීමේ සංවිධාන චෝදනා කරයි . තායිලන්ත සංස්කෘතික අමාත්යංශයට පවා මේ සම්බන්ධව පැමිණිලි කර ඇත . තවද , කලාපිය සෙසු ගුවන් සමාගම් වලින්ද මෙම ක්රියාවට දැඩි සේ විවේචන එල්ල කර ඇත .
' කාන්තාවන්ගේ සිරුරු පෙන්වා , මගින් ඇදගැනීම සුදුසු නොවන ක්රියාවක් බව චීනයේ විදේශ ගුවන් සමාගමේ ප්රධානි ජි යැන්ග් ජියෝන්ග් පවසා ඇත ' වෙළද පරමාර්ථ ඉටුකර ගැනීමට කාන්තාව අවියක් කොට ගත් තවත් අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැක . කාන්තාව ආකර්ශනීය වුව පමණින් මෙලෙස කටයුතු කිරීම යුක්ති සහගත නොවේ .
No comments:
Post a Comment
Please write your comment .
Note: only a member of this blog may post a comment.