Saturday 20 April 2013





හුදෙකලා යව්වනිය 

සයුරු තෙර මායිමට නෙත හිය දුර යවා ......
සොයන රුව කවුරුන්ද හුදෙකලා යව්වනිය .....
ඔහු සමග ගත කෙරුණු  යව්වනයේ වසන්තය .......
නෙතට සිහිවිද අතීතය ඔබට .......

අඩ  අදුර මුසුවෙලා ..... අදුරු රැය  එළඹිලා  ......
ඇයිද ඔබ තවමත් මේ පාලු  වෙරළේ .....
සිතුම්  කැළ  විසිරිලා ... බිදෙන රල හා සමයි .....
තනිවිද යව්වනිය ඔබ ඔහු හැර ගිය පසු .....

අවුරුදු 22 කට පෙර ලියවූ පලවෙනි නිසදැස
තවමත් මා  හද මානයේ ඉදහිට එබිකම් කරයි .......
ආදරය .... හුදකලාව ....වේදනාව ..... සිනහව ..... කදුල .......
 අදටත් මා අතහැර නොයයි .....
මා ජිවත්වෙමි ..... ලෝකයට දැනෙන්න ......
ලෝකය මට දැනෙන්න ........
මා  දිනුවාද ...? පැරදුනද ...? එය ඔබ දනී .....
මටත් වඩා ........

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.