Sunday 5 January 2014

ඔබ යන්න ගියා ඉගිලී........

      ඔබ මා හමුව ගෙවීගිය කාලය සිහිවන විට .... අනේ.... මට මගේ ආදරය අපහු මා ගාවට ආවදෝයි සිතෙනවා. මට තාමත් ඔබව දැනෙනනවා. හීනෙන් වගේ මං ලගින් ඇවිද යන බවක් දැනෙනවා. ඒ අතීතය සුන්දරයි.... මට මගේ වර්තමානයට වඩා, දරුවා අඩනකොට , හිත දුරක ගියත්, මගේ හිත තාමත් ඔබ එතැයි ... මගබලා සිටිනවා.අපි දෙන්නා අත් අල්ලාගෙන පියමන් කරපු හැටි.... ඇස් වලට කදුළු එනකන් හිනාවුණු හැටි....... නෝනා .... කියාගෙන මගේ පස්සෙන් වැටි මට ආදරය දීපු හැටි.... ඒ හැමදේම මට තාම මතකයි.....
              ඔබට පුළුවන් නම් මගේ කතාව අසාගෙන ඉන්න ..... මේ වගේ දුකක් කිසිම කෙනෙකුට අත් නොවේවායි ..... මං ප්‍රාර්ථනා කරනවා. ඉස්කෝලේ යන කාලේ ඉදන් අපි දෙන්නා ආදරෙන් බැදුනා, සුදු ..... මට එයාගේ පනටත් වඩා ආදරේ කලා. අපි දෙන්නට දෙන්නා දවසක්වත් නොදක ඉන්න බැරි තරමට අපි.... අපට ආදරය කලා. අපේ ගෙදරින් සුදුට කැමති උනේ ඔහු ගුණ යහපත් වගේම, මට හුගක් ආදරය කල නිසා. අපි දෙන්නට පුදුම තරම් නිදහසක් තිබුනේ ඒකයි ....... ඒත්.... දවසක් අපි අපේ කේන්දර බැලුව, බදින්න ඉන්න නිසා නිකමට වගේ බැලුව.....දෙවියනේ අහස කඩා වැටුන වගේ...... අහන්න ලැබුනේ,  සුදුට ආයුෂ අඩු බව. පොරොන්දම් බලපු මනුස්සයා කිව්වේ නම්, ඉක්මනට බබෙක් හදන්න, එතකොට ඔය අපලය ඇරිල යයි කියල. 
        
            අනේ මගේ සුදු මේ කතාව පිළිගත්තේ නෑ. ඔහු කේන්දරේ එච්චර ගණන් ගත්තෙ නෑ. මං කිව්වා අපි ඉක්මනට බබෙක් හදමු කියල. ඒත් අපිට තව වයස තියෙන නිසා ඔහු ඉක්මන් තීරණයක් ගත්තේ නෑ. ඔහොම සතුටින් කාලය ගතවුනා .... මට ඒ කතාවත් අමතක වෙලා ගියා...... 

(එක් සත්‍ය කතාවක් )

මතු සම්බන්ධයි 


No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.