Saturday 25 January 2014

ඔබ යන්න ගියා ඉගිලී .... ( 2 කොටස )

       දවසින් දවස ගෙවුනා ..... අපි අපේ ලොවේ දුවපැන ඇවිද්දා. ආදරය කොතරම් සොදුරුද කියල හිතන තරමටම අපිට කිසිත් බාධාවක් තිබුනේ නැ. සුදු මගේ පන වගේ මට දැනුනේ. දවසක් එයා , දේශපාලන රැස්වීමකට අකුරැස්සේ ගියා. මහින්ද මහත්තයාගේ රැස්වීමක් එදා තිබුනේ නෝනා .... , මම  හෙට උදෙන්ම අකුරැස්සේ රැස්වීමට යනවා. මං ඒක ඉවර වෙච්ච ගමන්ම ඔයාව බලන්න එනවා කියල ... මට කියල , හාදු වැස්සක් දීල එදා හවස මගෙන් සමුගත්තේ , සදාකාලික වෙන්විමකටද කියල ඇයි ..... මට එදා හිතුනේ නැත්තේ..... දන්නවනම් මං ඔයාට එදා යන්න දෙනවද.
            ඔයා යන්න ගියා..... යන්නම ගියා .....ඊට පස්සෙන්ද ... මං බලන් හිටිය, ඔයා ඒවි කියල. දවල් උනා. එකපාරටම බයික් එකක් ගේ ළග නතර කරා. මං හිතුවේ සුදු ආව කියල. දුවල ගියේ ඒ මුණ දකින්න. ඒත් සුදුගේ යාලුවෙක් ආවේ .... අපේ අම්ම එක්ක කතාවක, අම්ම මගේ මුණ බැලුව. ඒ ඇස් වල කදුළු. මං බයවුණා. අම්ම කිව්වා , පුතේ සුදු මහත්තය තුවාලවෙලා මාතර ඉස්පිරිතාලෙට ගෙනෙහින් කියල. මගේ ඇස් , නිලංකාර උනා.ඇදන්  හිටි ඇදුමෙන්ම , මං දිව්වේ මගේ සුදු බලන්න ඉස්පිරිතාලෙට. අකුරැස්සේ රැස්වීමට බෝම්බ ගහල හුගක් අයට තුවාලවෙලා. ඉස්පිරිතාලේ ඇදන් අස්සේ මං දිව්වේ පිස්සුවෙන් වගේ..... අනේ මගේ සුදු එතනත් නැ.....සමහරු මැරිලලු.

             මගේ සුදු මැරිලා නැ..... මං දැක්ක ..... එයා ඔපරේෂන් කරලා, දැඩි සත්කාර ඒකකයෙ , විදුරු පෙට්ටියක් ඇතුලේ ඉන්නවා.අනේ .... මට එයා ලගට යන්න බැ. ඔලුව සුදුපටි වලින් ඔතලා, කකුලුත් ඔතලා. මට ලගට යන්න දුන්නෙ නැ. මං කැ ගහල ඇඩුව. මගේ අසරණයා මෙහෙම ඉන්නවා බලන්න මට බැ. දවස , ගානේ ගෙවිල සතියක්ම ගෙවුන. ඒත් එයාට සිහියක් නැ. තාමත් විදුරු පෙට්ටියේ. කෑමක්, බිමක් නැතිව මාත් ඔහේ හිටියා. මගේ සුදු ඇස් අරිනකම් බලන් හිටිය. ආදරේ උනුවෙලා.... ලේ කදුළු වෙලා .... ගලා යනවා..... මටත් නොදනිම. මං මේ තරම් ආදරේ කරපු, මගේ සුදු වේදනාවෙන් ඉන්නවා දකිනකොට, මගේ හිත මං කොහොමද හදා ගන්නේ...... 
         (මතු සම්බන්ධයි )
          එක් සත්‍ය කතාවකි 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.