රාජකීය කුමරා ඉපදෙන තෙක් ලෝකයම බලා සිටියා . නම් තැබීම ,මේ අතර තුර ,දැඩි විවේචනයටද ලක්වුණා . හේතුව නමෙහි බලයක් නොමැති බවක්ය . නැකත්කරුවන්ට අනුව , රජ කුමරාගේ කේන්දරයේද ගුණදොස් විචාරිය , ඒ අනුව පියාට අපල බවත් , දෙමාපියන්ගේ වෙන්වීමක් හෝ පියාගේ ඇත් වීමක් සිදුවෙන බවත් අනාවැකි පළකළහ .රාජකීය පවුල් ... පුවත් මවන බවත් ලෝකයම ඒ දෙස විමසිල්ලෙන් සිටින බවත් ප්‍රසිද්ධ රහසකි ඉතින් , අනාගතය කෙබදු උවද, නවතම පුවත නම් රජ කුමරාගේ සුන්නත් උත්සවයයි . මෙය අපට ආගන්තුක උවද එංගලන්තයේ රජ පවුලට හා එහි වංශවතුන්ට පැවති වැදගත් චාරිත්‍රයක් බව පැවසේ .
මෙම චාරිත්‍රය එංගලන්තයේ ආරම්භ වුයේ 1840 තරම් ඇත යුගයකයි . එනම් පළමුවැනි ජෝර්ජ් රජතුමාගේ රාජ්‍ය සමයේදීයි , පළමු වරට සුන්නත් කිරීමට ලක්වුයේ , හත්වෙනි එඩ්වර්ඩ් රජු බව ඉතිහාසගත වේ . එංගලන්තයේ වික්ටෝරියා මහ රැජින බයිබලයේද සදහන් වන ඊශ්‍රායලයේ දෙවෙනි ඩේවිඩ් රජතුමාගෙන් තමා පැවැත එන බව ,තදබල විශ්වාශයකින් ජීවත්වූ නිසා , ඇයගේ දරුවන් සියළු දෙනාම සුන්නත් කලබව කියවේ . ඒ හේතුවෙන් රාජකීය පවුලේ සියළු දෙනාත් , වංශවතුන්ගේ පිරිමි දරුවනුත් සුන්නත් කිරීමවික්ටෝරිය රැජින විසින් රාජකීය නීතියට බලාත්මක කල බව කියවේ .
ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයාද සුන්නත් කල බවත් , එහෙත් ඔහුගේ පුතුණුවන් වූ විලියම් හා හැරී කුමාරවරු සුන්නත් කිරීමෙන් ගැලවුනේ ඩයනා කුමරියගේ බලවත් විරෝධතාවයෙනි . ඇය මෙහිදී වයිධ්‍ය මතය විමසුවාය . සුන්නත් කිරීමේ වාසි හා අවාසි සොයා බැලුවාය . මේ අනුව , සිදුවන්නාවූ මෙම ශල්‍යකර්මයේ පසුවිපාක මත , කුමාරවරු සුන්නත් කිරීමෙන් වැළකුණහ . දෙවෙනි එලිසබෙත් රැජින හා පිලිප් කුමරා මේ හේතුවෙන් හිත් නරක්කරගත් අතර ඩයනා කුමරියගේ අභාවයෙන් පසුව කුමාරවරු සුන්නත් කල බවක් ආරංචි වේ .
එසේ වුවත් 1970 ගණන් වනවිට එංගලන්තයේ වංශවත් පවුල්වල දරුවන් සුන්නත් කිරීමෙන් වලක්වා ගත්හ . මෙම ශල්‍ය කර්මයෙන් පසුව සිදුවන විෂබීජ කාන්දුවීම නිසා හා හර්පිස් වැනි දරුණු සමාජ රෝගද , වෙනත් ආසදනද සිදුවීමට ඉඩ ඇති බැවින් , මෙයට දැඩි විරෝධතා එල්ලවී ඇත . එහෙත් අලුත් කුමරා මේ වනවිට සුන්නත් කිරීමට යෝජිත නිසා , කේට් කුමරිය ඩයනා කුමරිය මෙන් එඩිතර පියවරක් ගනීදැයි ලෝකයම විමසිල්ලෙන් හිදී .
No comments:
Post a Comment
Please write your comment .
Note: only a member of this blog may post a comment.