Thursday 15 August 2013

සිරිකට් රැජිනගේ රෙදිපිළි කවුතුකාගාරය


           මෙම කවුතුකාගාරය තායිලන්තයේ සිරිකට් රැජිනගේ 'උපකාර ' නම් පදනමට කරන ලද පරිත්‍යාගයකි . 1976 දී , රැජින විසින් අරම්ම්භ කරන ලද්දේ , තායි අත්කම් නිර්මාණ සදහා අතදීමක් ලෙසිනි . කවුතුකාගාරය තැනීමෙන් පාරම්පරික ඇදුම් ආයිත්තම් කලාව අනාගත පරපුරට දැක ගැනීම සදහා සංරක්ෂණය වීමද සිදුවේ . මෙහි ප්‍රධානම පරමාර්ථය අග්නිදිග, පෙරදිග,හා දකුණු ආසියා කලාප වල දුර්ලභ පැරණි රෙදිපිළි වර්ග ප්‍රදර්ශනය හා සංරක්ෂණයයි . ඇදුම් නිර්මාණ කලාව සදහා යමක් ඉගෙන ගන්න වේ නම් එයද මෙමගින් ඉගෙනගත හැක . 
          'උපකාර' පදනම විසින් නිර්මාණ අලෙවිකරණයද මෙහිදී සිදු කරයි . ඒවා නුතන හා පුරාතන වර්ගයේ ඒවා වේ . මෙයට අමතරව , නිවාස සැරසිලි සදහා උචිත භාණ්ඩ කපු සහ සිල්ක් මෝස්‌තර උපාංග ,ස්වර්ණාභරණ ,පොත්පත් , මල් වලින් කරන ලද අත්කම් ද මෙහි වේ . 
         සේද වලින් කල නිර්මාණ , රාජකීය මෝස්‌තර රැජිනගේ අතින්ම නිම කරන ලද දොළහකට අධික වූ ආයිත්තම් ද වේ . තායි පේෂ කර්මාන්තය ආරක්ෂා කිරීමද රැජිනගේ අරමුණ වේ. 'උපකාර' පදනම පිහිටීමෙන් දේශීය පේෂ කර්මාන්තය නගා සිටුවීම තායි කාන්තාවන්ට දැනුම හා හුරුව ලබාදී අමතර අදායම් මාර්ගයක් සාදාදීම රැජින විසින් ආරම්භ කර ඇත . තායිලන්තයේ ජාතික උරුමයන් හා සංස්කෘතිය රකිම හා එය ඉවහල් කරගත් ජිවන රටාවක් ලබාදීම සදහා රැජින විසින් ගත් මේ උත්සාහය ප්‍රසංසනීයයි . ලෝකයේ සංචාරකයින් තායිලන්තයට පැමිණෙන්නේනම් අනිවාර්යෙන්ම සිරිකට් රැජිනගේ රෙදිපිළි කවුතුකාගාරය නරඹනු ලබති .

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.