Tuesday 28 May 2013

විරූප උන සුරූපී 





ලස්සන වෙන්න තරුණියන් ආසයි , ඒත් ලස්සන වෙන්න ගිහින් එක එක ක්‍රම භාවිතා කරන්න හොද නැ කියල මේ ගොල්ලන් හිතන්නේ නැත්තේ ඇයි ? මෙහෙම ලස්සන වෙන්න ගියපු කොරියානු මෝස්‌තර නිරුපිකාවක් වන මීයකු හට වෙච්ච දේ , අනිත් අයටත් හොද පාඩමක් .

ඇය රූමත් තරුණියක් ඒත් , සම මෘදු කරගන්න ,ය අමුතු ප්‍රතිකර්මයක් අත්හදා බලා තිබුණා . ඇය විසින් සිලිකන් හා පොල්තෙල් මිශ්‍ර කොටගෙන මුහුණට එන්නත් කරන්න පටන් අරන් තියෙන්නේ වයස 28දී , එම හේතුවෙන් සම සියුමැලි වෙද්දී , ඇය මේක දිගටම කරගෙන ගිහින් , නමුත් මුහුණ ක්‍රමයෙන් එල්ලා වැටෙන්න පටන් ගත් නිසා ,ඇය වයිද්‍ය ප්‍රතිකාර සදහා යොමුවෙලා තිබුණා .


වයිද්යවරුන් විසින් මුහුණෙන් සිලිකන් ග්‍රෑම් 60ක පමණ ප්‍රමාණයක් පොල්තෙල් සමග ඉවත් කර තිබුණා . ඇගේ බෙල්ල ප්‍රදේශයෙනුත් 200ග්‍රෑම් පමණ ඉවත්කර තිබුණා . මේ අතර ඇය සැත්කම් 10කට පමණ යොමු කර තිබුණා . ඒත් තිබුන ලස්සන පෙනුම නම් ආපහු ගන්න බැරි උනා . මෙම අවාසනා තත්වය ගැන හැමෝම දුක් උනා , එරට වැසියෝ මේ වියදම් සදහා මුදලින් පවා ආධාර කලා . 

වයිද්යවරුන්ගේ මතය වුයේ තව දුරටත් මුහුණ සැත්කම් කිරීම සදහා යෝග්‍ය නොවන බවයි . ඉහලම තාක්ෂනය යෙදුවද නැවත මුහුණ යථා තත්වයට ගන්න බැරිඋනා . වයිද්යවරුන් ඇයව ප්‍රශ්න කරනු ලැබුවා . පසුව ඔවුන්ගේ නිගමනය මත ,ඇයව මානසික වයිද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරනු ලැබුවා . මින් ඉදිරියට වයිද්‍ය උපදේශයකින් තොරව කිසිම , රුප ලාවන්‍ය කටයුත්තක් නොකල යුතු බව සියලුම කාන්තාවන් දැනුවත් විය යුතුය .

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.