Sunday 5 May 2013

වෙනිසියුලාවේ  ප්‍රථම ඇමතිනිය 





        හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මදුරෝගේ නව රජයේ ක්‍රීඩා අමත්‍යන්සය භාරදී ඇත්තේ 32 හැවිරිදි ක්‍රීඩිකාවකටය .ඇය ,අලේහෙනද්‍ර බෙනිටිස්ය .අනුව වෙනිසියුලාවේ ප්‍රථම ඇමතිනිය ඇයයි . සුරූපී තරුණියක වන ඇය කඩු සටන් සුරියකි . 2004,2008, 2012 ඔලිම්පික් ක්‍රීඩා වලදී , වෙනිසියුලාව නියෝජනය කලේ ඇයයි . 
               ඇය පවසන අන්දමට ' මට ක්‍රීඩාවේදී නොයෙක් අභියෝග හමුවී තිබෙනවා , දැන් මට රට වෙනුවෙන් විශාල අභියෝගයක් බාරගන්න සිදුවෙලා ,මා උපරිමයෙන් රටට  සේවය ලබා දෙනවා . වෙනිසියුලාවේ සියලුම කාන්තාවන් වෙනුවෙන් ' යයි අලෙහෙන්ද්‍ර ට්විටර් වෙබ් අඩවියට අදහස් දක්වා ඇත . 

               ඇය දේශපාලනයට   පිවිසියේ මිට දෙවසරකට පෙරය . එහෙත් ඇයට හෝ වෙනත් කාන්තාවකට චාවේස්ගේ රජයේදී සමාජ මෙහෙවරක් කිරීමට අවස්ථාව උදාවුයේ නැත . මදුරෝ , වෙනිසියුලාව වෙනුවෙන් ලෝකයට දැනෙන වෙනසක් කලාදොයි , මේ අනුව අපට සිතේ . සුබවාදී ආදර්ශ අප අගය කරන්නෙමු . අපේ සුසන්තිකාටත් දැන් අවස්ථාව උදාවී ඇත . ඇයද මේ වන විට දේශපාලනයට පිවිසි සමාජ සේවිකාවකි . 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.