Thursday 28 February 2013



චන්ගුමිට නඩු වැටිලා 

                    ශ්රිලංකාවේ ජනප්රිය කොරියන් ටෙලිනාට්  කතා මාලාවක් වූ 'සුජාත දියණි ' නවකථාවක් ලෙස මුද්රණය වී , 'චන්ගුමි' යන නමින් නම්කර බෙදා හැරීමට ලක ලෑස්ති වෙද්දී , බෙදා හැරීම  හා විකිණීම තහනම් කරමින් , කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ වාරණ  නියෝගයක් පනවන ලදී . ශ්රීලංකා රුපවාහිනී සංස්ථාව විසින් ඉදිරිපත් කල කරුණු සලකා බැලීමෙනි .

                   විදර්ශන ප්රකාශනයක් ලෙස මුද්රණය වූ අතර එහි අයිතිකරු වූ , ජනක ඉනිමන්කඩ වෙත මෙම වාරණ නියෝගය පනවන ලදී . අනුව 'චන්ගුමි ' 'සුජාත දියණි ' හෝ ඒවා අර්ථ ගැන්වෙන චායාරුප හෝ වෙනත් මුද්රණ කටයුත්තක් නොකළ යුතු බවට මෙයින් වාරණය කර ඇත .

ශෂිකලා පුංචිහේවා 

Monday 25 February 2013



අතරමංවූ මියන්මාර ජාතිකයෝ සිය රටට යාම ප්රතික්ෂේප කරයි

                                     මුහුදේ අතරමංව සිට ශ්රීලංකා නාවික හමුදාව විසින් බේරාගත් , මියන්මාර ජාතිකයන් මේ වන විට මිරිහාන රැදවුම් කදවුරේ රදවා සිටි . මේ වන විටත් කීපදෙනකු රෝහල්ගතව ඇත .මින් වැඩි දෙනකු විජලනයෙන් හා පාචන තත්වයෙන් පෙළෙති . නැවතත් මොවුන් සිය රටට යාමට අකමැත්ත පළකරයි ඔවුන්ගේ රටේදී ඔවුන්ට සලකන ආකාරයත් , නඩු විභාගයේදී අත්වන ඉරණමත් පිළිබද භීතියෙන් සිටි .

                                       මෙම පිරස නැවත මියන්මාරයට යැවීමට රජය කටයුතු කලද සම්බන්ධව මියන්මාරය තවමත් අවශ් පියවර ගෙන නැත . මෙම මියන්මාර ජාතිකයන් අයත් වන්නේ , මියන්මාරයේ රෝහින්  නම් කුලයටය .එය ලෝකයේ අඩුම සැලකුම් ලබන ජන වර්ගයක් ලෙස සැලකේ . මුස්ලිම් ආගම අදහන මොවුන් , මියන්මාර හමුදා පාලන සමයේ , දැඩි ලෙස වෙනස්කම් වලට භාජනය වූ පිරිසකි . නිසාම මොවුන්ගෙන් වැඩි පිරිසක් බංග්ලාදේශයට හා තායිලන්තයට පැනගොස් ඇත . පසුගිය කාලයේදී මොවුන් මැලේයිසියාවට පැනයාමේ උත්සහයක් ගැනද වාර්තා විය .

ශෂිකලා පුංචිහේවා 

Saturday 23 February 2013


විරප්පන්ගේ ගෝලයන් එල්ලා මැරීම  කල්යයි  

                ඉන්දියාවේ අංක එකේ අපරාධකරුවෙකු වූ විරප්පන්   විශාල අපරාධ රැසක් සිදුකර ඇත .මේ සදහා සම්බන්ධ වූ ඔහුගේ ගෝලයන් හතරදෙනෙකුට මරණ දඩුවම නියම විය . මේ සදහා නැවත විමසා බැලීමේ අවශ්යතාවයක් පවතින බව එරට ශ්රේෂ්ටධිකරණය තීරණය කරඇත . එම හේතුවෙන් දඩුවම් ක්රියාත්මක කිරීම , නැවතත් කල් යන ලදී. 2004 වසරේදී ඔවුන් විසින් ජනාධිපතිතුමාගෙන් සමාව ඉල්ලා සිටියද එයද  නිෂ්පල විය . විරප්පන් 2004 වසරේදී පොලිස් වෙඩි ප්රහාරයකින් මරුමුවට පත්විය . ඔහු ,   මනුෂ් ඝාතන 100 ක් පමණද  පැහැර ගැනීම් ,වන සත්ව වෙලදාම් ඇතුළු අපරාධ රැසකට චෝදනා ලැබුවෙකි .

ශෂිකලා  පුංචිහේවා