Saturday 11 May 2013



බ්‍රිතානයේ හංසයින්ට අනතුරක්  



    හංසයින්ට වැඩි ගව්රවයක් දක්වන රටකි බ්‍රිතාන්‍ය . 1998 දක්වා හංසයින් රැජින සතු දේපලක් ලෙස එරට රජය සලකන අතර , හංසයින්ට හිරිහැර කිරීමද රාජ ද්‍රෝහී ක්‍රියාවක් ලෙස බ්‍රිතාන්‍ය සලකා ඇත  . සතුන්ට එරෙහි කෘරත්වය වැළක්වීමේ රාජකීය සංගමය හංසයන් මරා ආහාරයට ගැනීමට මිනිසුන් තැත් කරන බව දන්වා සිටියේ දුන්නකින් විද තුවාල කරනු ලැබූ හංස ජෝඩුවක් ඩොර්සෙට් අසල ගංගාවකදී හමුව තිබීම හේතුවෙනි . සංගමයේ නිලධාරියකු දැඩි උත්සාහ දරා පිරිමි සතා බේරාගෙන ඇති අතර ගැහැණු සතා මියගොස් ඇත . 

     හංසයින් රාජකීය වස්තුවක් ලෙස සලකන නිසා හා ඔවුන්ට පුජනිය වස්තුවක් බැවින් , මෙය වෙනත් අයකු අයකු කල අනතුරක් බවට සැක පහල කරයි .  ඩි .එන් .ඒ . පරීක්ෂණ මගින් අපරාධකරු සෙවීමට මේ වන විට එම සංගමය උත්සහ දරයි . 

     හංසයින් යුවල ප්‍රේමනීය බැදීමකි , එය ඔවුන්ට  උරුම ගති ලක්ෂණයකි . දෙදෙනා ලං ලංව වාසය කරයි . තුඩින් තුඩ නිරතුරුව සිප ගනියි . ජිවිත කාලයටම එක අයෙකුට බැදී පවතී . එකිනෙකාගෙන් වෙන්වීම , දරාගත නොහැකි සිදුවීමකි . එහෙත් අනතුරට ලක්වූ හංසයා තවමත් සිය පෙම්වතිය මියගොස් ඇතිබව නොදනී . ඔහු ඇය එනතුරු බලාසිටිම හා ඉච්චාභාන්ගත්වයට පත්වීම වැලැක්වීම සදහා සොදුරියගේ නිසල දේහය හංසයාට පෙන්වීමට කටයුතු ලේස්ති කර ඇත . 

     බුදු දහමේද මෙවැනි සිදුවීමක් අපට සද කිදුරු ජාතකයේ හමුව ඇති බව මතකයට  නැගුණි . එයද ආත්මීය බැදීමක් බව තහවුරු විය . හංසයින් , මිනිස් සමාජයටද ආදර්ශ සපයන බව මේ අනුව පැහැදිලි වේ . 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.