Wednesday 9 October 2013

පොප් ගායිකා මැඩෝනාගේ අමිහිරි මතකය

                 ලෝකප්‍රකට පොප් ගායිකා මැඩෝනාගේ අමිහිරි අතීත මතකයන් ප්‍රථම වරට ජනමාද්‍ය ඉදිරියේ ඇය විසින් හෙළි කරන ලදී . ඇය මේ වන විට 55 හැවිරිදිය . ලෝකයේම ජනාදරයට පත්වුවද , ඇයටත් , ඇගේ අතීතය වේදනාකාරී වී ඇති බව ඇගේ ප්‍රකාශයෙන් හෙළිවිය . ලෝකයටම රහසක් කරගත් මේ සිදුවීම පිළිබද විචාරීමේදී පෙනී යන්නේ , ඇයද ලිංගික කෘරකම් සදහා මුහුණ දී ඇති ආකාරයයි . එය අද , ඊයේ කියා වෙනසක් නැතිවම කාන්තාව මුහුණදුන් තත්වයම  බව පෙනේ . සැම සාර්ථක ගැහැනියක්ම , අතීත පපොච්චාරණයේදී තමන්ට විදින්න සිදුවූ , ලිංගික අඩන්තේට්ටම් ගැන ඉතාම වේදනාවෙන් පවසා සිටියි . සමහර විටක ජීවිතය දිනන්න ඇය ලැබූ පන්නරයද මෙයට හේතුවක් වන්නට ඇතැයි අපට සිතේ .  
               මැඩෝනා නිව්යෝක් නුවරදී , ක්ෂේශ්ත්‍රයට පැමිණි මුල් යුගයේ දී , වයස 19දි , පිහියක් අතින් ගත් පුද්ගලයකු විසින් ,පැහැරගෙන ගොස් වහලයක් මතදී දුෂණයට ලක්කල  බව කියා සිටි . මගේ කාමරය තිබුනේ තුන්වෙනි මහලේ , මං කාමරයට යන සැම මොහොතකදීම මට මේ සිදුවීම මතක් වෙන්න ගත්තා . එම සිදුවීමෙන් වසර 20කට පස්සේ මං ජීවත්වීමේ අරුත සොයන්න පටන් ගත්තේ ,අද්යාත්මික ජීවිතයකට හුරු වෙමින් බව පවසයි . 
        මගේ කුඩා කාලයේදී මම අපයෝජනයට ලක්වුනත් , අසරණ ළමුන් වෙනුවෙන් පෙනී සිටියා . ඒ හන්ද මාව , ළමුන් පැහැරගෙන යන , ළමා ජාවාරමේ යෙදෙන අයෙක් බවට චෝදනා කළා . ඒ වගේම මගේ සිපවැලද ගැනීම් දර්ශන වලදී , මාද්‍ය එයත් විවේචනය කලා . මම දරුවන් හදා වඩා ගන්නේ , ඔවුන්ට සේවාවක් කරන්න , ඒත් .... එයත් මාද්‍ය විවේචන වලට ලක්වුවට,  පසු නොබසින බවමැඩෝනා කියයි . මේ ඇගේ ජිවිත යථාර්තය බව , ප්‍රථම වරට කරන ලද ප්‍රසිද්ධ හෙළිදරව්වකි .

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.