Wednesday 13 March 2013



හිස ගසා දැමීම වෙනුවට වෙඩි තැබීම දැන් සව්දියේ 

                    අපරාධකරුවන්ගේ හිස ගසා  දැමීම සදහා පළපුරුදු කඩු භාවිතා කරන්නන් හිගයක් සව්දියේ දැන්  ඇති බැවින් හිසගසා දැමීම වෙනුවට වෙඩි තැබීම සුදුසු යයි සව්දි අමාත් මණ්ඩලය තීරණය කර ඇත

                   එසේම මෙම නව ක්රියා මාර්ගය කිසිසේත්ම ෂරියා නිතිය උල්ලංඝනය කිරීමක් නොවන බව අමාත් මණ්ඩල වාර්තාවේ සදහන්ව ඇතැයි අන්තර්ජාල ආරංචි මාර්ග පවසයි

                     නමුත් මේ පිලිබදව අල් ජසිරා පුවත්පත වාර්තා කරන්නේ , දිගින් දිගටම සව්දි අරාබියේ වරදකරුවන්ගේ හිස ගස දැමීම නිසා ජාත්යන්තරයේ දැඩි විවේචන සවුදි රජයට එල්ල වී ඇති බවයි

                        එමන්ම රිසානා නෆීක්ගේ හිස ගසා දැමීම නිසා , එරටට මෙම විවේචන  දැඩිව එල්ල වීමෙන් ඇති වූ පීඩනය නිසා , මෙවැනි දඩුවමක් තීරණය කර ඇති බවයි .

                       සවුදිය 2012 වසරේදී පුද්ගලයන් 76 දෙනෙකුගේ හිස ගසා දමා ඇති අතර 2013 වසර මේ දක්වා 15 දෙනෙකුගේ හිස ගස දමා ඇති බව අල් ජසිර පුවත් සේවය දක්වා ඇත

ශෂිකලා පුංචිහේවා 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.