Saturday 25 January 2014

රැල්ලෙන් රැල්ලට පාවෙන රැල්ලේ ....

            ලෝකය නිදහස්ය... නිවහල්ය.... මේ සුපින්වත් බිමේ, පය තබන්න කල පින් මදිද කියාත් සිතේ. ස්වභාවික යුක්තිය අහසින් බිමට විත්, පව්කාරයන්ට දඩුවම් කරන්නට පටන්ගෙන ඇත්දෝයි සිතෙන තරමට කරුණු කාරනා සිදුවෙන සැටියක් පෙනේ.යුක්තියේ  සමාජ රාමුව අභිබවා යා නොහැකි බවත්, බව තරණය කරන්නටම සිදුවෙන බවත් ඉදුරා පැවසිය හැක. නිදහස් නිවහල් මේ සාමකාමී මන්දාකිණියේ , සළෙලු වරම් ලබාදුන් දෙවියෙක්වත්, ගැත්තෙක්වත් නැති බව යුක්තියේ මාතාව අපට නැවතත් පසක් කළේය. සිදුවීම් බොහෝම සෙමින් සිදුවන විට, ඇයි මේ ඉක්මනක් ...... සියළු කරුණු අවබෝධ වීමෙන්ද නැතහොත් උන්මන්තක අවපීඩන පසුපස එලවන නිසාද .....අවසානය සොයා පා නැගුවේ , මුරුග පුරවරයට .
               ඔබට මෙසේද, තවකෙකුට එසේද සිදුවන අහඹු ප්‍රාතිහාර්ය ඔස්සේ දෙපා නගන විට තරු පිරිවරාගත් රග මඩලක නටන නලගනන් ...... විහිදුනු දෙපා සොලවමින් , අල්ලලන අළුත් කස්තිරම්, වැයෙන බෙර පදයට, ඔසවමින් සිය දෑත ...... පිළින දෙමින් සාමයේ රජ පරවී දහනක කිරුළු පළදින බවට, සපත වෙමින් දහසක් පොරොන්දු සමග අප .... ඔබ සමගයි ...... කියා. වෙනසක් සොයන හුදී ජනයාට ..... දිව කප්පරක් සිරි සැප දෙමුයි ....මතක බන කියමින්, රගන්නෝය, සිත් තුටින්. 
             අළුත් ලෝකයක් හදන්න ..... සතුටින් සාමයෙන් දිවි ගෙවන්න අප සිතන විටම, උදා වෙතයි, බලාපොරොත්තු වන ලෝකය ඇලඩින්ගේ පුදුම පහන මෙන්, මැවිම්වාදය .....දෙවියන්ගෙන් ලැබෙන තුටු පඩුරු ..... වලට කවුද ආස නැත්තේ...? රැල්ලට හසුවෙලා   ..... පාවෙලා යන .... ගහගෙන යනකොට තණකොළ පදුරු වල එල්ලෙන්න .....තාමත් අපට පුළුවන්. බලය හා ලෝභය මෝඩ ලෙස පාවිච්චි නොකරන තෙක්  ලෝකය තවමත් නිදහස් , නිවහල් තමයි..... ඒත් අපේ නිදහස ..... බාධාවක් නැතිව පාවෙලා යන්න පුලුවන්ද...? සියළු විප්ලවයන් හමුවේ..... හෙට බිහිවන අළුත් ලෝකය දෙස බලන් ඉමු අපි .... සංක්රාන්තියක් උදා වෙනකන් . 

ඔබ යන්න ගියා ඉගිලී .... ( 2 කොටස )

       දවසින් දවස ගෙවුනා ..... අපි අපේ ලොවේ දුවපැන ඇවිද්දා. ආදරය කොතරම් සොදුරුද කියල හිතන තරමටම අපිට කිසිත් බාධාවක් තිබුනේ නැ. සුදු මගේ පන වගේ මට දැනුනේ. දවසක් එයා , දේශපාලන රැස්වීමකට අකුරැස්සේ ගියා. මහින්ද මහත්තයාගේ රැස්වීමක් එදා තිබුනේ නෝනා .... , මම  හෙට උදෙන්ම අකුරැස්සේ රැස්වීමට යනවා. මං ඒක ඉවර වෙච්ච ගමන්ම ඔයාව බලන්න එනවා කියල ... මට කියල , හාදු වැස්සක් දීල එදා හවස මගෙන් සමුගත්තේ , සදාකාලික වෙන්විමකටද කියල ඇයි ..... මට එදා හිතුනේ නැත්තේ..... දන්නවනම් මං ඔයාට එදා යන්න දෙනවද.
            ඔයා යන්න ගියා..... යන්නම ගියා .....ඊට පස්සෙන්ද ... මං බලන් හිටිය, ඔයා ඒවි කියල. දවල් උනා. එකපාරටම බයික් එකක් ගේ ළග නතර කරා. මං හිතුවේ සුදු ආව කියල. දුවල ගියේ ඒ මුණ දකින්න. ඒත් සුදුගේ යාලුවෙක් ආවේ .... අපේ අම්ම එක්ක කතාවක, අම්ම මගේ මුණ බැලුව. ඒ ඇස් වල කදුළු. මං බයවුණා. අම්ම කිව්වා , පුතේ සුදු මහත්තය තුවාලවෙලා මාතර ඉස්පිරිතාලෙට ගෙනෙහින් කියල. මගේ ඇස් , නිලංකාර උනා.ඇදන්  හිටි ඇදුමෙන්ම , මං දිව්වේ මගේ සුදු බලන්න ඉස්පිරිතාලෙට. අකුරැස්සේ රැස්වීමට බෝම්බ ගහල හුගක් අයට තුවාලවෙලා. ඉස්පිරිතාලේ ඇදන් අස්සේ මං දිව්වේ පිස්සුවෙන් වගේ..... අනේ මගේ සුදු එතනත් නැ.....සමහරු මැරිලලු.

             මගේ සුදු මැරිලා නැ..... මං දැක්ක ..... එයා ඔපරේෂන් කරලා, දැඩි සත්කාර ඒකකයෙ , විදුරු පෙට්ටියක් ඇතුලේ ඉන්නවා.අනේ .... මට එයා ලගට යන්න බැ. ඔලුව සුදුපටි වලින් ඔතලා, කකුලුත් ඔතලා. මට ලගට යන්න දුන්නෙ නැ. මං කැ ගහල ඇඩුව. මගේ අසරණයා මෙහෙම ඉන්නවා බලන්න මට බැ. දවස , ගානේ ගෙවිල සතියක්ම ගෙවුන. ඒත් එයාට සිහියක් නැ. තාමත් විදුරු පෙට්ටියේ. කෑමක්, බිමක් නැතිව මාත් ඔහේ හිටියා. මගේ සුදු ඇස් අරිනකම් බලන් හිටිය. ආදරේ උනුවෙලා.... ලේ කදුළු වෙලා .... ගලා යනවා..... මටත් නොදනිම. මං මේ තරම් ආදරේ කරපු, මගේ සුදු වේදනාවෙන් ඉන්නවා දකිනකොට, මගේ හිත මං කොහොමද හදා ගන්නේ...... 
         (මතු සම්බන්ධයි )
          එක් සත්‍ය කතාවකි 

Sunday 5 January 2014

ඔබ යන්න ගියා ඉගිලී........

      ඔබ මා හමුව ගෙවීගිය කාලය සිහිවන විට .... අනේ.... මට මගේ ආදරය අපහු මා ගාවට ආවදෝයි සිතෙනවා. මට තාමත් ඔබව දැනෙනනවා. හීනෙන් වගේ මං ලගින් ඇවිද යන බවක් දැනෙනවා. ඒ අතීතය සුන්දරයි.... මට මගේ වර්තමානයට වඩා, දරුවා අඩනකොට , හිත දුරක ගියත්, මගේ හිත තාමත් ඔබ එතැයි ... මගබලා සිටිනවා.අපි දෙන්නා අත් අල්ලාගෙන පියමන් කරපු හැටි.... ඇස් වලට කදුළු එනකන් හිනාවුණු හැටි....... නෝනා .... කියාගෙන මගේ පස්සෙන් වැටි මට ආදරය දීපු හැටි.... ඒ හැමදේම මට තාම මතකයි.....
              ඔබට පුළුවන් නම් මගේ කතාව අසාගෙන ඉන්න ..... මේ වගේ දුකක් කිසිම කෙනෙකුට අත් නොවේවායි ..... මං ප්‍රාර්ථනා කරනවා. ඉස්කෝලේ යන කාලේ ඉදන් අපි දෙන්නා ආදරෙන් බැදුනා, සුදු ..... මට එයාගේ පනටත් වඩා ආදරේ කලා. අපි දෙන්නට දෙන්නා දවසක්වත් නොදක ඉන්න බැරි තරමට අපි.... අපට ආදරය කලා. අපේ ගෙදරින් සුදුට කැමති උනේ ඔහු ගුණ යහපත් වගේම, මට හුගක් ආදරය කල නිසා. අපි දෙන්නට පුදුම තරම් නිදහසක් තිබුනේ ඒකයි ....... ඒත්.... දවසක් අපි අපේ කේන්දර බැලුව, බදින්න ඉන්න නිසා නිකමට වගේ බැලුව.....දෙවියනේ අහස කඩා වැටුන වගේ...... අහන්න ලැබුනේ,  සුදුට ආයුෂ අඩු බව. පොරොන්දම් බලපු මනුස්සයා කිව්වේ නම්, ඉක්මනට බබෙක් හදන්න, එතකොට ඔය අපලය ඇරිල යයි කියල. 
        
            අනේ මගේ සුදු මේ කතාව පිළිගත්තේ නෑ. ඔහු කේන්දරේ එච්චර ගණන් ගත්තෙ නෑ. මං කිව්වා අපි ඉක්මනට බබෙක් හදමු කියල. ඒත් අපිට තව වයස තියෙන නිසා ඔහු ඉක්මන් තීරණයක් ගත්තේ නෑ. ඔහොම සතුටින් කාලය ගතවුනා .... මට ඒ කතාවත් අමතක වෙලා ගියා...... 

(එක් සත්‍ය කතාවක් )

මතු සම්බන්ධයි