Saturday 18 May 2013


මින් ඉදිරියට පිරිමි රුපරාජිනියන් .....?


ලෝකයේ තාක්ෂනය දියුණු වීමත් සමග නොයෙක් තරග බිහිවේ , එහෙත් මෙම තරගයේ වෙනස , පවතින තරගයකට වෙනස් මුහුණුවරක් ලැබීමය . රුපරාජිනියන් තරගයට පිරිමි තරගකරුවන් ඉදිරිපත්වීම මෙහි විශේෂත්වයයි . වයිද්ය විද්‍යාවේ මෑතකදී සිදුකරනු ලබන ලිංග විපර්යාසය නිසා පිරිමි ගැහැණු බවට පත්වීම මේ වන විට සාමාන්‍ය ක්‍රියාවකි . මේ සදහා නීතිමය බාධාවන් නොමැත . ගැහැණු තරමටම ස්ත්‍රී ලාලිත්‍ය මතුකරලීම නිසා , වෙනසක් දකින්නන්ට නොපෙනේ . එම නිසා , රුප සුන්දරී තරග සදහා ඉදිරිපත් වීමට මෙම ගැහැණු බවට පත්වූ පිරිමිද ආශාවක් දක්වයි .

එහෙත් සින්ගපුරුවාසීන් එකිනෙකට වෙනස් මත දරයි . ඔවුන්ගේ මතයට අනුව කෘතීම ලිංග විපර්යාසය නිසා , තරගය අර්ථවත් වී ඇති බව පවසයි . තවත් සමහරක්ගේ මතය වුයේ , මෙම අය ඉදිරිපත්වීම තුලින් තරගයට කිසිසේත් නොගැලපෙන අත්දැකීමක් එක්වන බවයි . එහෙත් මින් ඉදියට ජයග්‍රහණය කරන්නේ පිරිමියෙක් නම් , එය අපට නැවැත්විය නොහැක . ලිංග විපර්යාසය ලෝකය පිළිගෙන ඇති නිසා , ජයග්‍රාහිකව අපටද පිළිගන්නට සිදු වේ . ප්‍රේක්ෂකයෝ මෙයට අකමැති නම් ,මෙම තරග නීති වෙනස් කල යුතුය . එහෙත් අන්තර්ජාතික වශයෙන් බලවත් විරෝධතා මතුව ඇත්තේ , පසුගිය මාසයේ කැනේඩියානු ජාතික තරුණයකු එහි පැවැත්වූ රු රැජින තරගයකට නොසුදුස්සකු කිරීමත් සමගය . 23 හැවිරිදි ජිනා වලක්කෝවා , විසින් සංවිධායකයන්ට විරුද්ධව නඩු මගට බසින්නට සුදානම් වීමත් සමග , නැවත ඉදිරිපත් වීමේ අවස්ථාව සංවිධායකයෝ ඔහුට ලබාදුනි . කෙසේ නමුත් මෙම සිද්ධිය හරහා ලෝකයටම කතා කිරීමට දැන් නව මාතෘකාවක් ලැබී ඇත .

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.