Saturday 11 May 2013


හර්ස් එකට සල්ලි නැතුව දියණියගේ මළසිරුර  බස් 
රියෙන් ගෙදර ගෙනියන්න ගිහින් 


                        චීනයේ  රෝහලකදී මියගිය සිය බිළිදු දියණියගේ සිරුර ගමට ගෙනියන්න මේ අම්මටයි , තාත්තටයි සල්ලි තිබිල නැහැ . ඒ තරමටම ඔවුන් දුප්පත් , ඒත් සිය දියණියට දැක්වූ ආදරය හේතුවෙන් , මළසිරුර දාල යන්න බැරිකමට ගමේ ගිහින් අවසන් කටයුතු කරන්නට මොවුන්ට උවමනා විය .නමුත් හර්ස් එකට දෙන්න සල්ලි නැති නිසා ,සිය දියණියගේ මල සිරුර කාටවත්ම නොකියම විශාල ගමන් මල්ලක බහා ,බස් රියෙන් ගමට ගෙනියන්නයි මොවුන් හැදුවේ .ඒත් බස් රියේදී සිදුවන ස්කෑන් පරීක්ෂණය නිසා මේ ගමන් මල්ලේ තිබු බිළිදු මළසිරුර සේකයන්ට අහුවෙලා පොලිසියට දැනුම්දීලා .

                           පොලිස් නිලධාරීන් පැමිණ කරුණු සොයා බැලීමෙන් පසුව ,සිදුව ඇති සානුකම්පිත තත්වය මත බිලිදු සිරුර දඩයක් නොගසාම  වෙනත් රථයකින් ගමට ගෙනිහින් දීල . 

මෙම දැරියගේ පියා , පොලිසියට කියා සිටියේ , බස් රථයේ සේවකයන් මේ ගැන කලබල වුනේ නැත්නම් , මගීන්ට නොදැනෙන්න  , අපි සිරුර ගෙනියනවා . ඔවුන් කලබල කළනිසා ,අපහසුතාවයට පත්වුණා . එත් , පොලිස් නිලධාරීන්ට අනුව මළසිරුරක් පොදු ප්‍රවාහන සේවයක ගෙනයාම නීති විරෝධී බවත් , එය මැරුණු කෙනාට කරන අගව්රවයක් බවත්ය . 

                      මැරුණත් අමරණීයත්වයට පත්වූවන් විල්ලුද පෙට්ටි වල අවසන් ගමන් ගියද ,දිළින්දකු මියගියපසු ,කාත් කවුරුවත් නොමැතිව පැදුරු කඩමල්ලක අවසන් ගමන් යති මනුෂත්වයේ වෙනස මෙයදැයි අප කෙසේ සොයම්ද?

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.