Wednesday 30 November 2011

වීදී කොන Uploaded by admin asia, feature, Shashikala Punchihewa, social, Weeklyb 9:42 PM ශ්රී ලංකාව තුල යාචකයින් සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් පර්යේෂණයක් සිදුකර ඇත . එය ශ්රිලංකාවේ යාචකයෝ නමින් ප්රකාශයට පත් කර ඇති අතර , මේ වන විට විෂය විද්යාල වල විෂය නිර්දේශයට පවා ඇතුලත් කරමින් , සමාජ ගැටළුවක් විග්රහ කරමින් නිර්දේශ පවා මෙමගින් ඉදිරිපත් කර ඇත . නමුත් ඒ සියල්ල මේ වන විට උපන්යසයකට පමණක් සිමා වෙමින් , නිගමන හා නිර්දේශ පොතකට පමණක් සිමා වන ලදී . අදහස; ශෂිකලා දුලාශිනි ජි . පුංචිහේවා ශ්රීලංකා සමාජයේ එක් උප සංස්කෘතියක් ලෙස යාචක සමාජය හැදින්විය හැක . මොවුන් සමාජයට දැඩි බලපෑම් එල්ල කල හැකි පිරිසක් බවට අද වන විට පත්ව ඇත . අතීතයේ පටන් අද දක්වාම යාචකයින් බිහිවීම වැළක්විය නොහැකි විය . ලෝකයේ පවා සෑම රටකම යාචකයින් සිටීම සුලබ දසුනකි . ධනවාදී මෙන්ම තුන්වන ලෝකයේ රටවල පවා මෙමෙ උවදුර දැකිය හැක . මොවුන් සමාජයක අත්යවශ්ය කොට්ටාශයක් නොවේ .එහෙත් සමාජයෙන් ඉවත් කල හැකි කොටසකුත් නොවේ . හේතුව ඔවුන්ටත් මේ දීපය තුල ජිවත් වීමේ අයිතිය ඇති නිසාය , ඔවුන්ද මනුෂ්යින් වන නිසාය . ශ්රී ලංකාව තුල යාචකයින් සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් පර්යේෂණයක් සිදුකර ඇත . එය ශ්රිලංකාවේ යාචකයෝ නමින් ප්රකාශයට පත් කර ඇති අතර , මේ වන විට විෂය විද්යාල වල විෂය නිර්දේශයට පවා ඇතුලත් කරමින් , සමාජ ගැටළුවක් විග්රහ කරමින් නිර්දේශ පවා මෙමගින් ඉදිරිපත් කර ඇත . නමුත් ඒ සියල්ල මේ වන විට උපන්යසයකට පමණක් සිමා වෙමින් , නිගමන හා නිර්දේශ පොතකට පමණක් සිමා වන ලදී . යාචකයින්ගේ ගැටලුව සදහා කිසිදු ක්රියා මාර්ගයක් ගෙන නොමැත . යාචකයින් ජිවත් වනුයේ කඩපිල් වල හා අගුපිල් වලය මොවුන්ට බොහෝ විට නිවෙස් නොමැත . සිගමනින් අහිංසකව ජිවත් වේ එය සම්ප්රධායය් . නමුත් මේ වනවිට එම තත්වය වෙනස් වී , මැර කමින් , මංකොල්ල කමින් , හා වෙනත් නීති විරෝධී ක්රියා සිදු කරමින් ජිවත් වන කොටසක් බවට යාචකයින් පත්ව ඇත . මොවුන් වරෙක පාතාලයේ ක්රියා කාරකම්ද , ත්රස්ත ක්රියා සදහා ඉත්තන් වීමද , පහුගිය වකවානුවේ දැකිය හැකි විය . මෙහිදී යාචකයින් තුලින් වීදී ගණිකාවන් බිහි වීමද , වීදී දරුවන් බිහි වීමද දක්නට ලැබුණි . මොවුන් සියලුම දෙනා සංක්රමිකයන්ය . ළදරුවාගේ සිට මහල්ලා දක්වාද ආබාධිතයින් හා මන්ද බුද්ධිකයින් දක්වාද ඔවුන් සදහා ආර්ථික වටිනාකමක් විය . යාචකයින් සමාජයට කරදරයක් වූ විට උන් හිටි තැන් නැති අය, වරෙක පොලිසිය අධිකරණය මගින් රිදියගම නිවර්තන නිවාසයටත් , ගංගොඩවිල නිවර්තන නිවාසයටත් , මානසික රෝගීන් අංගොඩ මානසික රෝහලටත් , ළමුන් පරිවාසය හරහා ළමා නිවාස වලටත් යොමු කරනු ලැබිය . එක් යුගයකදී , කොළඹ සිටි සියලුම යාචකයින් බලහත්කාරයෙන්ම රිදියගම නිවර්තන නිවාසයට ගල් කරන ලදී . එහෙත් , පිරිසක් එම නිවාසයෙන් පල ගිය අතර නැවත යාචකයින් කොළොඹ පෙදෙසේ විය . මේ අතර පදික වෙලදුන්ද වෙනත් ගමන් ගිය වයසක උදවියද සාමාන්ය ජනතාවද එම ගාල් කිරීමට ලක්විය . යාචකයින් සදහා එම විසදුමද උචිත නොවන බව අදාල පාලන අධිකාරීන් වටහා ගන්නට ඇත . යාචක පැවැත්ම හා ඔවුන් සම්බන්ධයෙන් වූ වැදගත් සිද්දීන් ඉහත පරිදි විය . එහෙත් මෑතක සිදුවෙමින් පවතින සිද්දීන් දෙස බැලීමේදී , යාචක ඉතිහාසයට නොව අනාගතයට කණකොකා හඩන බව ඔවුන් මේ වන විට දැන ගෙන ඇත . ලංකාවේ අනෙක් පෙදෙස් වල නොව දැනට කොළොඹ ප්රදේශයේ තැන් තැන් වල 20 ක් පමණ යාචකයින් මද්යම රාත්රියේ නිදාගෙන සිටියේදී , හිසට පහර දී මැර දැමීමය් . යාචක ලෝකය තුල භිෂණය මේ වන විට අරක් ගෙන ඇත . මොවුන් මරා දමා ඇත්තේ එකම ආකාරයකටය . එහෙත් සිගන්නෙක් උවද , මනුෂ්ය ජීවිතයකි . ඔහුටත් අන් යට මෙන් ජිවත් වීමේ අය්තිය ඇත . මරා දැමීම යුක්ති සහගත නොවේ . මෙය සංවිධානත්මක සංසිද්ධියක් යාචක පැවැත්ම හා ඔවුන් සම්බන්ධයෙන් වූ වැදගත් සිද්දීන් ඉහත පරිදි විය යාචකයින් මර්ධනය කිරීම සදහා යාචක සංහාරයක් අවශ්ය වුයේ මන්දය් තවමත් ගැටලුවකි . ඔවුන් වෙනුවෙන් මීට වඩා සාධාරණ සැලසුම් සකස් කල යුතුය . එහෙත් මෙම මරණයන් සිදු කරන්නේ කව්රුන් විසින්දය් සෙවිය යුතුය . ජිවිතයට ඇති අය්තිය ආරක්ෂා කරදීම සමාජයට ඇති යුතුකමකි . යාචකයින් සමාජයට අනවශ්ය පිරිසක් බව සැබෑය . එහෙත් ඔවුන් වෙනුවෙන් මීට වඩා මානුෂිය විය යුතු බව මතක් කර දීමට කැමැත්තෙමි .

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.