Saturday 24 September 2011


අපරාධය හා දඩුවම


අප ජිවත් වනුයේ තවමත් තිරිසන් යුගයක නොවන බව වටහා ගත යුතුය . මරණ දඩුවම අද වන විට අඩපන තත්වයක ඇත්තේ , අපරාධකරු මරණයට පත් කිරීමෙන් , සමාජයේ අපරාධ අඩු වූ ආකාරයක් දැක ගත නොහැක . තව දුරටත් මරණ දඩුවම ක්රියාත්මක කිරීම , යුක්ති සහගත නොවන්නේ , මිනිසා මරණයට පත්කලට පසුව වරදට නිසි දඩුවම හා සමාජ සාධාරණත්වය ඔහු වෙනුවෙන් ඉටු නොවන නිසාය .
 සටහන:- ශෂිකලා දුලාශිනි ජි . පුංචිහේවා

වනචාරී යුගයේ සිට මිනිස්සු අපරාධ කරති . එවකට පැවැති යුගයේ වරදට දඩුවම මරනයය් . නමුත් නීති හා සිමා එදා තිබුනේ නැත . මිනිස්සුන්ට කැමති දඩුවමක් දීමට හැකියාව පැවතුනි . නොයෙක් සමාජ අතර වැරදි සිදුඋනි .එදා ඔවුන්ට ඒවා අපරාධ යය් සැලකීමට උවමනාවක් හා දනුවත් බාවයක් නොතිබිණි . මේ අනුව ගැටීම හා සමාජ පෙරලි කීපයක් ඔස්සේ නවීන සමාජය දක්වා පැවැති පර්යාය වෙනස් උනි .සමාජ වෙනස්කම් මානුෂිය මුහුණුවරක් ගත අතර , ඒවාට ගැලපෙන නීති පද්ධතියක් සකස් කරන ලදී .නිත්යානුකුල සමාජයක මිනිසාට පැවතීමට ස්ථාවරභාවයක් තිබුණි . වරදට දඩුවම පැවැති හෙයින් , අපරාධ තරමක් දුරට පාලනය විය . නමුත් නිරන්තරයෙන් සමාජ ගැටුම් ඇති විය . නුතන සමාජය සමහර සමාජ වලට දරා ගත නොහැකි විය .

සමාජ විෂමතාවය හේතුවෙන් පුද්ගල ගැටුම් උත්සන්න විය . නොයෙක් වර්ගයේ අපරාධ බිහි විය . මේ සියල්ලටම හේතු ලෙස පවතින සමාජ ක්රමය ඉවහල් වුව යය් සිතිය හැක . එබැවින් අපරාධයක් සදහා පුද්ගලයා මෙහෙයවුයේ සමාජය යය් පිළිගන්නට සිදුවේ . අපරාධයක් සදහා පුද්ගලයා මෙහෙයවන ක්රම කීපයකි .

1 උපන් අපරාධකරු , එනම් මිනිසා ස්වභාවයෙන්ම අපරාධ නැමියා ඇත්තෙක්ය යන හේතු සාධකය ,

2 ජීව විද්යාත්මක අපරාධකරු , එනම් මිනිසා අපරාධ කිරීමට පෙලෙබෙන හේතු මත ඔහුගේ ශරීර අවයව පිහිට
ඇතිය යන මතය .

3 සමාජීය හේතු මත බිහි වූ අපරාධකරු එනම් , සමාජය අපරාධකරුව නිර්මාණය කරය් යන මතය .

ඉහත සදහන් හේතු අශ්රිතව අපරාධකරු බිහිවූවා යය් මේ අනුව සිතිය හැක . නමුත් බහුතර පිළිගැනීම වුයේ , සමාජය අපරාධකරු නිර්මාණය කරය් යන නවීන මතයය් . එබැවින් සමාජය නිර්මාණය කරන අපරාධකරු දඩුවම් ලබන්නේ සමාජය විසිනි . මනෝ මුලික සමාජයේ දඩුවම නිත්යානුකුල විය . එය ආණ්ඩු ක්රම ව්යවස්ථාවට අනුකුල වුවකි .

මේ වන විට ශ්රීලංකා ආණ්ඩුවේ දඩුවම් ක්රම කීපයක් අපරාධ සදහා ක්රියාත්මක විය .

1 බන්ධනාගාර ගත කිරීම ,

2 දඩ ගෙවීම ,

3 ශාරීරික දඩුවම් නැත

4 මරණ දඩුවම , මෙයද දැනට ක්රියාත්මක නොවේ .

අපරාධකරුවකු දඩුවම සදහා නිසි ක්රියාදාමයෙන් අනතුරුව , බන්ධනාගාර ගත වුවාට වරදක් නැත . එය කාලෝචිතය . දඩ ගෙවීමද වරදට අනුව සමජකාලිනය. ශාරීරික දඩුවම් අද වන විට සමාජයට උචිත නොවේ .

අප ජිවත වනුයේ තවමත් තිරිසන් යුගයක නොවන බව වටහා ගත යුතුය . මරණ දඩුව අද වන විට අඩපන තත්වයක ඇත්තේ , අපරාධකරු මරණයට පත් කිරීමෙන් , සමාජයේ අපරාධ අඩු වූ ආකාරයක් දැක ගත නොහැක . තව දුරටත් මරණ දඩුවම ක්රියාත්මක කිරීම , යුක්ති සහගත නොවන්නේ , මිනිසා මරණයට පත්කලට පසුව වරදට නිසි දඩුවම හා සමාජ සාධාරණත්වය ඔහු වෙනුවෙන් ඉටු නොවන නිසාය .

නීති ප්රතිසන්ශෝධනය විය යුතුය . සමාජයට ගැලපෙන දඩුවම් හා අප අනුගත විය යුතුය . පුනුරුත්ථාපන ක්රියාවලියක අවශ්යතාවය දඩුවම් සදහා ආදේශ කල යුතුය .

ලෝකයේ කිසිදු රටක මරණ දඩුවම ක්රියාත්මක කිරීමෙන් , අපරාධ අඩු වුයේ නැත . වෙනසක් දැකීමට හැකි වන්නේ සමාජ ප්රතිසංස්කරණයන් තුලින් පමණක් බව අප වටහා ගතයුතුය . අපරාධකරුවන් පුනුරුත්ථාපනය කල යුතේ එබැවිනි . ඒ සදහා අවශ්ය විකල්ප යෝජනා සම්මත කර ගන්නවා වෙනුවට දඩුවම් ප්රතිපත්ති තව දුරටත් වර්ධනය කිරීම සුබසාධක රජයක ප්රතිපත්තියක් නොවන බව අප වටහා ගත යුතුය .

 නීති වෙනස් විය යුත්තේ පුද්ගලයා සමාජ ගත කරන්නට මිස , සමාජයෙන් තුරන් කරන්නට නොවේ . අපරාධකරු ආරක්ෂා කලයුතුද නොවේ , එසේ නම් කලයුත්තේ කුමක්දය් සිතීමට විචාරශීලි විය යුතුය .එබැවින් අපරාධය හා දඩුවම අපරාධ විද්යානුකුල පියවරක් කර යා යුතු බව වටහා දීමට සිදුවේ . .






Tell a Friend
Posted by election on 10:20 AM. Filed under , . You can follow any 

1 comment:

  1. Hi, I do think this is a great web site. I stumbledupon it ;) I may
    come back once again since I book-marked it. Money and freedom is the greatest way to change, may you be rich and continue to help
    others.

    Look at my blog: Livejasmin

    ReplyDelete

Please write your comment .

Note: only a member of this blog may post a comment.