Monday 28 January 2013

Social


අවිචාරය 

               මානුෂිය හැසිරීම් වලට සිමා මායිම් නැත . බන්ධන හා ගැලපිම්ද  නැත . නිදහස හා අභිරුචිය පමණක් අදාල වේ . පමණක් මනුෂ්යයෝ මෙලෙස ජිවත් වෙති .තවෙකෙකු දමාගත් රාමුවක ජිවත් වෙයි . විප්ලවීය සමාජ බිහි වෙන්නේ අවිචාර යුග තුල බව අපට පැහැදිලිය .  බොහෝ දේ කරනු ලබයි . ගෝලීයකරණය ඔවුන්ව ඉදිරියටම ගෙන යයි . විවිධ ඉසවු කරා , පිනුම් ගහමින් , අලුත් දේ උගෙනී . එහෙත්අවිචාරය ඔවුන් පසුපස හඹා එන බව නොසිතේ  , 
                බුද්ධිය හා අවිචාරය ගැටිය  හැකිදැයි මිනිසා  වටහා  ගෙන නොමැත . අවිචාරය බුද්ධිය ගිල ගනිමින් ඉදිරියටම යන ආකාරය වර්තමාන සමාජය දෙස බැලීමෙන් පෙනී යයි . ජීවත්වීම අද කලාවකි . එය විකුණගෙන කෑම බොහෝදෙනා විසින් මේ වන විට සිදු කරනු ලබයි .  පරාර්ථය ඉස්මතුවීම වරදක් . නොවේ . එහෙත් එය සමාජ  හානියක්   නම් , වරදක් වන්නේය . මේ වන විට සමාජ පිළිල   කිහිපයක් වර්ධනය වෙමින් පවතී . බලය හා මුදල් මත  පදනම් වෙමින් අවිචාරය ගලා  යයි .
                  යුක්තිය ගෙදර ගියාය , නොකළ  වරදකට ඇය ජීවිතය දුන්නාය , ගම්බිම් හා සතා සිව්පාවා විනාශ මුකයට ඇද .හැලුනහ . ජීවිතය  රගහලක් කර ගන්නට සිතු ඇයද මහමග ගුටි කා  බලහිදී . අවිචාරය  සියල්ල අබිබවමින් ඉදිරියටම යයි . මානුෂිය  හැගීම්  තවමත් සදාචාරය සෙවීම වරදක් නොවන්නේදැයි විමසිය යුතු වන්නේ , එලෙසිනි . සියලු දේට සදාචාරයක් තිබිය  යුතු යයි ,  කිව යුතුය . එහෙත් වාරණ අවශ් නැත . නිර්මාණශීලි ගතිකත්වය සමාජ දියුණුව  කරා    රැගෙන යයි . මිනිසා නැවතත් දෙපයින් සිටගත යුතුමය . එවිට අවිචාරය .පලායයි

 සටහන 
ශෂිකලා ඩි  ජී  පුංචිහේවා 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.