Wednesday 9 January 2013

Social


පවුල් උපදේශනය 

                                සෑම මහේස්ත්රාත් අධිකරණයකම පවුල් උපදේශන සේවාව පවුල් උපදේශන නිලධාරී  යටතේ ,  මේ වන විට ආරම්භ කර ඇතී බව , දැකගත හැක . මෙම සේවාව යටතේ ,අධිකරණයට යොමු වන දික්කසාද නඩු , පවුල් ආරවුල් ,නඩත්තු නඩු, ආදී මෙම සේවා ගණයට වැටෙන නඩු , විසදීමට විනිසුරුවරයාට පවුල් උපදේශන සේවාව උපකාරී වේ .

                                 මෙහිදී  පවුල් උපදේශන නිලධාරී විසින් විනිසුරුවරයා  යොමු කරන අදාල නඩු සදහා නිර්දේශ සපයනු ලබයි . නිලධාරියාපාර්ශවයන් තම නිල කාමරයේදී උපදේශනය හා දැනුවත් කිරීම් වලින් පොහොසත් කර නඩු පමාව හා පාර්ශවයන්ගේ අනවබෝධ ඉවත් කර , ඉක්මන් විසදුමක් වෙත යොමු කරයි

වරෙක මෙය සමාජ සේවාවකි . නිලධාරියට තෘප්තිමත් සේවයකි . දරුවන්ගේ අනාගතය හා සමාජ වටපිටාව තුල ආරක්ෂණය .කරන්නකි . පවුල් ප්රශ්න අදාල පාර්ශවයන් විවෘත භාවයෙන් යුතුව සාකච්චා වේ . තම අඩුපාඩු වටහා  ගනී . අනෙක් අතට නීති නිලධාරීන්ට නම් නඩු අඩු වීමක් හා නඩුවේ ඉක්මන් විසදුම් තුලින් තම ආර්ථිකයට හානියක් වේ . කෙසේ වෙතත් දුප්පතුන්ට නම් සහනදායි සේවාවක් මෙමගින් සැලසේ . අධිකරණ සේවාව තුල මෙවැනි උපදේශන සේවාවන් තිබීම එක් සමාජ ප්රශ්නයක් විසදිමකි .

සටහන 
ශෂිකලා  ඩි  ජි පුංචිහේවා 


No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.