Monday 15 April 2013


වලාකුළ 

වරෙක පාවෙනා .....සෙවන දිදී මට .....
සිසිලසක්ව හද මත වැතිර බැතිපෙම් පාන .....
නිරතුරු අනින අල්පෙනිති තුඩු අග රැදුනේ .....
කදුළු බින්දුවක්දෝ ලේ සුවද පිරි .....

සිතලාම රිදුම් දුන් මගේ හිත පිරිමැද ....
ආදරය වක්කරන් ගිනියම් නොවි  දාහය නැති  කරන් 
වලාකුළ නුඹ යන්න එපා චණ්ඩ මරුතයක්ව ....
ලෙන්ගතු හිතට හොරෙන් පෙම් පෙත් පාන්න ......

දෝතට වන් කුසුමක්ව සිප සනසන්නට 
පිනිබිදු අතුරා හද සිසිලක්ව ....නිබදව ....
පාවෙවී ඇතට යත්ම ලංවෙලා මුමුනන්න ......
හද දොර මටත් නොකියාම හැරගෙන විත් ....

ආදරෙයි ... මන් නුඹට .....නුඹමයි මගේ ලෝකය ......
කියගෙනවිත් ....සෙවන සදන ....මගේ ලෝකයට 
ලං වෙන්න බැරි අහේතුක සිහිනය මා නොදන්න ....
වලාකුළ .....නුඹ අයිති මට නොවෙයි .....අහසටයි ......

1 comment:

  1. This is a topic which is near to my heart.
    .. Best wishes! Where are your contact details though?



    Also visit my web blog ... http://www.pieceguitar.com/article.php?id=13166

    ReplyDelete

Please write your comment .

Note: only a member of this blog may post a comment.