Wednesday 17 April 2013


දිරියට  ශක්තියක්ව 

                72 හැවිරිදි යසරත්න දක්ෂ ක්රීඩකයෙකි . එහෙත් වයස්ගතභාවය සැලකිල්ලට නොගෙන මැරතන් ධාවන තරගයේ යෙදීම ,තරග සංවිධායකයන්ගේ හෝ ඔහුගේ වරදක් නොව , සැබවින්ම ප්රවීන ක්රීඩකයකු වූ යසරත්නට උපදෙස් දීමට තරම් තරග සංවිධායකයින්ට දැනුමක් නැත . තමන්ගේ හයිය දන්නේ යසරත්නම පමණි . ක්රීඩකයකුට , වයසට යාම යනු එතරම් සැලකිල්ලට ගතයුතු  කරුණක් නොව . අන්තිම තප්පරය දක්වාම තරග කිරීම ඔහුගේ අරමුනයි . මෙවැනි අවස්ථා වල රජයට දොස් කිමද වරදකි .
                   ක්රීඩා වලට සභාගි වූ ළමුන් පහුගිය දින වල මියයාමේ ප්රවනතාවයක් තිබුනද , මෙම සිද්දිය ඊට අනුරූපව වෙනස් තත්වයකි . යසරත්න ප්රවීනයන්ගේ මළල ක්රීඩා සදහාද සභාගි වූවෙකි . ප්රදේශයේ කලක සිට නම් දරු ක්රීඩකයෙකි . ඔහුගේ ඉදිරිපත්වීම අප අගය කල යුත්තකි . ඔහුට අසනීප තත්වයක් තිබුනේ නම් ඔහු මෙම ධාවන තරගයට ඉදිරිපත් වන්නේ නැත . ක්රීඩකයෝ සිය අත්දැකීමෙන්ම සුදුසු නුසුදුසුභාවය   දනී . යසරත්න එදින මියයන බව දන්නේ නම් , ඔහු දුවන්නේ නැත . ඔහු ගිනස් වාර්තා තබන්න ගියේ නැත . සංවිධායකයෝ ඔහුව දුවන්න පෙලෙබවුයේද නැත . එම මැරතන් තරගයට සභාගිවිම යසරත්නගේම තීරණයකි . එබැවින් මෙම හදිසි මරණයේ වගකීමද ඔහුම දැරිය යුතුය . එහෙත් ,  අප ඔබගේ දහිරියට ප්රණාමය පුද කරමි

ශෂිකලා පුංචිහේවා    

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.