Saturday 30 November 2013

අලෙවි වන සිරියානු මනමාලියන්

         සොදුරුතම සිහින මැදින් මනාලියක් වන්නට පෙරුම්පුරන සිරියානු තරුණියන් ...... තම සිහින පසෙකට දමා යුධ කදවුරු තුල දිවි ගෙවමින් , අනාගතය නොදන්නා ඉසව්වකට පා කරමින් සිය දිවියම කදුලින් ගතකරන ආකාරය හා තම මනමාල සිහිනය තුල දුක්බරව ජිවත් වෙමින් සිටින ආකාරය මේ සටහන තුලින් දැකිය හැක. ජෝර්දානයේ ඝටාරී කදවුරු තුල සුදුපාට කුඩාරම් තුල ධුවිලි තැවරුණු මොට්ටක්කිලී තුල සිරවී අපා දුක් විදින තරුණියන්ගේ ඉරණම ඛේදජනකය.  
                ඔවුන් සිරියානුවන් වුවත්, නැවත උපන් රටට යා නොහැක. ජෝදනය තුල රැකියාත් නොමැත. කාන්තාරය මැද ඉදිකර තිබෙන කුඩාරම් තුලට වී, සරණාගතයන් ලෙස ජිවත් වෙමින් අපිරිසිදු අහාර, අපිරිසිදු පානිය ජලය හා දුවිලි තුල සම්මිශ්‍රණය වෙමින් දිවි ගෙවන     මොවුන්ගේ කුඩාරම් අසල දිගු අගල් කපාගෙන ඇත්තේ තම දියණියන්ගේ ආරක්ෂාව සලසන්නටය. පීඩනය දරාගත නොහැකි මව්පියන් දියණියන්ගේ  ආරක්ෂාව පතා සිදු කරනුයේ අඩු වයසින්ම තම ලාබාල දුවරු, විවාහය වෙනුවෙන් අලෙවි කිරීමය. 
               මැද පෙරදිග රටවල් වල සිරිත මනමාලයා විසින් මනමාලියගේ දෙමාපියන්ට මිලක් දී මනාලිය කැන්දාගෙන යාමයි. මේ තත්වය වාසියට ගත් මනාලයන්, පැමිණෙන්නේ අඩු මිලට මනාලියක් ලබා ගැනීමටයි. මනාලයන් කදවුරු තුලට පැමිණෙන්නේ මුලින් සරණාගතයින්ට ආධාර කරන දානපතියන් විලසිනි. අඩු වයස් ඇති දැරිවියන් සිටින පවුල් වලට මුලිකත්වය දෙමින්, උදව් කරමින්, එහෙත් අවසානයේ ආධාරය අවසන් වන්නේ ගනුදෙනුවක විලසින් බාල වයස්කාර දැරිවියක් වයස 60,50 පමණ වන මනමාලයෙකුට කසාද බන්දවමිනි. 
            මෙහි භයානකම තත්වය නම් , විවාහයෙන් සතියකට පසු මනමාලයා අතුරුදහන් වේ. හේතුව විවාහය පදනම් කොටගත් ලිංගික ගනුදෙනුවක් පමණක් වන අතර මෙහි සත්‍ය විවාහයේ අරමුණු ඉටුනොවුන බවය. මේ කාලය තුල ඔවුන් විදි ලිංගික පීඩන අපමණය. මේවා මව්වරු අසා සිටින්නේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාවෙනි. ආසරණකම හා දුප්පත්කම පමණක් උරුම ඔවුන්ට කාගේවත් පිහිටක් නැත. එලෙස විවාහ වූ තරුණියන්ට දික්කසදායාවත් ලැබෙන්නේ නැත. ඔවුන් වන්දබුවන් ලෙසම සිරියාවට යා නොහැකිව දිවි ගෙවීමට සිදුව ඇත. මේ සිරියානු මනමාලියන්ගේ තත්වයයි.  

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.