Thursday 7 November 2013

දකුණේ සක්විත්තෝ

           මුදල් පිරමිඩ  ක්‍රමය මේ වන විට නැවතත් රටම ගිලගෙන ඇති බව වාර්තා වන සිද්ධීන් වලට අනුව සිතිය හැක. වරක් සමාජ ව්‍යසනයක් වූ මෙම ක්‍රියාවලිය නැවත වෙනස් මුහුණුවරකින් හිස ඔසවන්නේ ඇයිදැයි සෙවිය යුතුය. රජය ජනතාව දැනුවත් කළේය. අධිකරණ ක්‍රියාදාමයන් තවමත් මේ සම්බන්ධව විමර්ශනය කරයි. දඩුවම්ද නියම කර ඇත. එහෙත්, තවමත් ජනතාව ඔවුන්ගේ මුදල් සෙවීමේ සිහිනයේම සැරිසරති. 
              පසුගිය යුගයේ මෙම මුදල් සෙල්ලම නිසා, සමහර මිනිසුන් දිවි හානි කරගත්තේ ණයවී, ගත් මුදල්ද ඉඩම්, වටිනා භාණ්ඩ උගස් කරගත් මුදල් පිරමිඩ ක්‍රමයට ආයෝජනය කරන්න ගොසිනි. සමහරුන් සදාකාලික රෝගී තත්වයට වැටුණි. තවත් සමහරෙක් ඇතිවූ ආර්ථික සමුර්ධිය දරාගත නොහැකිව, නොයෙකුත් අපචාර සදහා යොමුවුණි. මේ සිදුවූ අහිතකර බලපෑම්ය.අන්තිමට සිදුවුයේ, තමන් හුන් තැනිනුත් පහලට වැටීමය. 
             මේ සියල්ල දත් ශ්‍රීලංකාවාසීන් නැවතත් මේ සෙල්ලමේ කොටස් කාරයන් වී ඇති බව දකුණේ සංචාරය කළහොත් අසන්නට ලැබේවි. මේ ජාවාරම දැන් කොටුකරගත නොහැකි තත්වයටම තාක්ෂනය හා දැනුම යොදා ආයෝජනය පටන්ගෙන ඇත. මිනිසා දියුණු වන්නේ උගත්කමෙන් හා ලබන අද්‍යාපනය හේතුවෙනි, එහෙත් එම මතය බොරු කරමින් මේ සියල්ල මෙහෙයවන මහා මොළකරුවන් බිහි වන්නේ, සමාජ පීඩනය හා දරිද්‍රතාව මුල්කරගෙනය. ඔවුන්ට මහ උගත්කමක් හෝ සමාජ තත්වයක් අවශ්‍ය නැත . පරමාර්ථය මුදල් සෙවීම පමණය. 
                 මේ නුල් සුත්තරයේ පැටෙලිමින්, තාමත් උගත් මිනිසුන් සැරිසරති. නුගතුන් යයි කොටසක් සමාජයේ  සිටිනවා යයි, මා නම් අදහන්නේ නැත. දෑල එලන්නේ සමාජය විසින් නුගතුන් යයි නම්කර ඇති කොටසයි.දැලේ පැටලෙන්නේ, උගතුන් යයි කියාගත් කොටසයි. මේ උඩු යටිකුරු වූ වෙනස සිදුවුයේ මුදල් නිසාදැයි සෙවිය යුතුය.ජිවත් වන්න මුදල් මදිකම හේතුවෙන්, මේ සෙල්ලමේ කොටස්කාරයන් වුයේ උගතුන් මේ ආකාරයටය.
                ජනතාව  වෙත ආර්ථික සමුර්දිය උදාවී ඇත. සතියකට සැරයක් බඩු මල්ලක්, පව්ද්ගලික ගිණුමට මසකට දැනෙන ගානක්, මේ සියල්ල නිකන් සිට ලැබෙනු ඇත. අවශ්‍ය නම් අන්තර්ජාලය හරහාද මුදල් සෙවිය හැක. වෙළද දැන්වීම් පමණක් බැලුවම ඇති. දකුණ අවදියෙන් ඇත.රජයේ සේවකයන් බහුතරයක් මේ උගුලේ හිරව ඇති බව පෙනේ. එහෙත් නුල් සුත්තරයේ නුල් දැන් පැටලෙමින් ඇති බව වටින් ගොඩින් ආරංචි වේ අලාභ වුවාට සාධාරණය පැතිය නොහැක. නීතිමය කිසිදු සාක්ෂියක් නැත. සියල්ල තම තමන් නිහඩවම දරාගත යුතුය. 
       

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.