Thursday 27 March 2014


ලේබල්වාදය


සංකීර්ණ සංකල්පයක් ලෙස ලේබල්වාදය හැදින්විය හැකි යයි මට සිතේ . සමාජය හා එහි සැරිසරන සියලුම ජීවින් මෙම සංකල්පයට අනුකුල වන්නකි . තිරිසන් සමාජය මෙයින් බැහැර කොට සැලකිය යුතුය . අප කතා කල යුත්තේ , මිනිසුන් ගැන පමණි .

ලේබල්වාදයේ මුලික සංකල්පය ප්‍රධාන කරුණු දෙකක් ඔස්සේ විග්‍රහ කල හැක . එනම් හොද හා නරකය .මෙම විග්‍රහයේදී හොද යන සංකල්පය , ලේබල්වදයට අදාල උවද , මිනිසුන් විසින් පිළිගැනීමට කැමති සංකල්පයකි . සියලුම දෙන "හොද " යන සංකල්පයට වැටීමට කැමතිය .එම ලේබලයෙන් ජිවත් වීමට කැමතිය . සුදු කරපටි අපරාධකාරයින් පවා , මේ ලේබලයෙන් ජිවත් වන බව අප දන්නා කරුණකි .

අප වැඩි දුර සාකච්චා කරනුයේ ලේබල්වාදය නිසා මිනිසුන්ගේ ජිවිත වෙනස් වන ආකාරය හා එම චර්යාවන් සමාජයට බලපාන්නේ කෙසේද යන්න පිළිබද සොයා බැලීමයි . මෙය සමාජීය කරුණු කීපයක් ඔස්සේ විග්‍රහ කල හැක .

1 අපරාද

2 අන්තර් ආශ්‍රය
අපරාද සදහා ලේබල්වාදය වැඩි වශයෙන් බලපාන බව අප කව්රුත් දන්නා කරුණකි .මිනිසුන් අපරාද කරන විට ඔවුන් අපරාද කරුවන් යයි , සමාජය විසින්ම ලේබල් ගසා ඇත . එහෙත් මේ අතර සිටින නිවරදිකරුවන් ,සැකකරුවන් පවා සමාජීය වශයෙන් මෙම අපරාද ලේබලයට හසු වී , සමාජ අසාධාරණයට ලක්ව සිටිති .අනෙක එක වරදක් සිදුකල අයෙකුට නිවැරදි වීමේ අවස්ථාව නැති කරමින් , ඔහු සදාකාලයටම අපරදකරුවකු ලෙස හංවඩු ගසයි . මෙහිදී ඔහු දිගින් දිගටම , අපරාද කිරීම සදහා නැමියාවක් දැක්වීම සමාජයට අහිතකරය . අපරදකරුවකු වීම නිසා , සිය පවුලේ උදවියද මේ ලේබලයෙන් සමාජය විසින් තවත් අහිතකර තත්වයකට පත් වෙමින් සමාජයෙන් කොන් වී හුදකලභාවයට පත්ව ඇති බව පෙනේ .

අපරදකරුවන් නිර්මාණය කරන්නට සමාජය දරන වගකීම මෙම ලේබල්වාදය බව සිතෙන්නට ඇති . එහෙත් සමාජය බිද වැටීමට මෙම සංකල්පයද බෙහෙවින් බලප ඇත .

අන්තර් අශ්‍රයද ලේබල්වාදය හා ලංව යන කරුණකි . කිසියම් ලේබලයකින් පිදුම් ලැබූ අයෙක් , ආශ්‍රය කිරීමට අනෙක් අය අකමැතිය . ඔහු පිස්සෙක් අපරාදකාරයෙක් , නිකමෙක් යනාදී අන්වර්ථ නම් වලින් පුද්ගලයින් වර්ග කිරීම මිනිසා තව ආකාරයකින් සමාජීය හුදකලා භාවයට පත් වීම සිදු වේ . මෙයද සමාජයේ පැවැත්මට අහිතකර කරුණකි .
ඉහත සාකච්චා කල කරුණු මිනිසා හා ලේබල්වාදය අතර සහ සම්බන්ධතාවයක් ගොඩ නගන බව පෙනේ . එම නිසා ලේබල්වාදය , සමාජයට හිතකර නොවන සංකල්පයක් බවත් , මිනිසා තම ක්‍රියාවන් ස්වභාවික ආකාරයට සකසා ගැනීමට ඉඩ සලසමින් , අන්තර් සමාජ බාධක ඉවත් කිරීමට සිතට ගතයුතු බව සිහි කල යුතුය . මිනිසාට නිවැරදි වීමේ අයිතිය ලබා දිය යුතුය .

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.