Friday 28 February 2014

අද්‍යාපනය , හමුදා පුහුණුව හා face book

      මේ කාරනා තුනම මුල් කර ගත්තම, එක් වරම මතකයට නැගෙන්නේ වෙනුෂි ඉමන්දී, මේ ඇයගේ කතාව නොවේ. වෙනුෂි ගැන ඕන තරම් කතාකරා. සිදුවීම කණගාටුදායකයි. නැවත එවැන්නක් සිදු නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. මෙය පුද්ගලවාදී සිදුවීමක් මිස අද්‍යාපන ක්‍රමයේවත්, හමුදා පුහුනුවෙවත් වරදක් නොව. මනුස්සයා තුල සහජයෙන් තිබු එක් පැතිකඩක කලඑළි බැසීමක් ලෙස අදහස් කල හැක. මිනිස් මනසේ වූ මෙවන් නිලින ලක්ෂණ කවර හෝ අවස්ථාවක එළිදැක්වීම හා සොබාදහමට විරුද්ධ වීම හේතුවෙන් ඔහුගේ පැවැත්ම බිද වැටීමේ ලක්ෂණයක් ලෙස මෙවන් වූ කෘර භාවයක් විද්‍යමාන වන්නට ඇතැයි සිතිය හැක. මෙය පාසැල තුල හෝ තම ගෘහය තුල සිදුවිය හැකි කාරණාවක් විය හැක. හමුදා පුහුණුව තුල පවුරුෂය ගොඩ නැගීමක් මිස, විනය විරෝධී ආකල්ප ඉගැන්වීමක් සිදු නොවේ. මක් නිසාද යත් සිවිල් සේවයට වඩා , දැඩි විනය ආයතනයක් වීම හේතුවෙන් පුද්ගලයා තුල කෘර ලක්ෂණ බිහි වීමට ඉඩක් නැත. නිල ඇදුමක් අදින පුද්ගලයා බබළන්නේ මනස සමබර හේතුවෙන් මිස කෘරත්වය පෙන්නුම් කිරීමක් නිසා නොවේ. මේ න්‍යායට පටහැනි වන නිලයන් බිද වැටෙන්නේ, පැවැත්මට උචිත නොවන නිසාය. මෙය කා තුලත් දක්නට ඇති පොදු ලක්ෂණයකි. 
               අප ලබන අද්‍යාපනය කෙබදු ආකාරයේ එකක් වුවද, එය අපට ජිවිතයට මග පෙන්වන්නකි. අපගේ සහජ ලක්ෂණ මුල් කරගෙන, අපට ගැලපෙන  අද්‍යාපන ක්‍රමවේදය අපම තෝරා ගන්නේ එබැවිනි.දක්ෂතා සියළු දෙනාටම ඇත. වරද නම් අප එය හදුනාගෙන නොසිටීමයි. වෙනුෂා සැබවින්ම දක්ෂ ළමයෙකි. ඇය බබළන්නට වුවාය. එහෙත්, ඇය ජීවිතය හැර ගියේ, ජිවිත පන්නරය නොලැබීම හේතුවෙනි. මේ ඇය තුල තිබු ශක්තියයි. අප අපගේ කුඩා කල පාසල් අද්‍යාපනය ලබපු ආකාරය ගැන හිතුවොත්, අපට එදත් ඔවැනි ගුරුවරුන් හිටි බව මතකය. අපේ දක්ෂතා හමුවේ කල කෙනෙහෙලි කම්  තාමත් මතකය. ඒත් ඔවුන් හමුදා පුහුණුව ලත් අය නොවේ. එහෙත් අප ඉදිරියට යාමට තරම් පන්නරය ලැබුහ. අද වනවිට, ඒ ගුරුවරු මග තොටදී හමුවන විට, මට මතක් වන්නේ ඒ සිදුවීම්ය. ඔවුන්ටත් අප දකින විට ඒවා මතක් වේ...... ඔවුන් සිතු ආකාරයට, අප කාලකන්නි නොවුහ. දෙපයින් හිටගත් චරිත බවට ඔප්පු කර අවසානය. එදා අපට එල්ලෙන්න නම් සිතුනේම නැත. එවැනි සියදිවි හානිකර ගැනීමේ ක්‍රමයක් දන්නෙත් නැත, මැරෙන්නටවත් සිතුවිල්ලක් අහල පහලකවත් තිබුනේ නම් නැත. 
              කාලය වෙනස් වී ඇති ආකාරය අනුව් , ළමයින් මේ වන විට සියදිවි හානිකර ගැනීමේ ක්‍රම ගැන දැනුවත්ව ඇත. වරද කොතනද......? තාක්ෂණයේ දියුණුවද මේ .....? ලෝකය ඉදිරියට යන්න දියුණු ක්‍රම සොයාගෙන ඇත්තේ රටක සංවර්ධනයටය. මේවා අහේතුක කාරනා වලට යෙදවීමට වගකිව යුත්තේ අපිමය. ඒ අනුව face book මිනි මරන්නේ නැත. මැරෙන්නේ අප විහින්මය. වෙනුශාගෙන් පටන් ගත්තම රැල්ලක් වගේ තව තුන්දෙනේක්ම  එල්ලෙන්න ගත්තේ face book හින්ද නොවේ. යමක් සිදුවෙන කොට, එයම සිදු කර ගන්නට තමන්ට තිබෙන  මානසික ආදර්ශය නිසාය මට මතකයි, මේ ආකාරයට පසුගිය වසරේ  පාසල් ළමුන් මියයාමේ සිදුවීමක් තිබුණා, sports meet හින්ද, එහෙම උනා කියල ක්‍රීඩාව ළමුන්ට තහනම් කරේ නැ. ඒ වගේම පහුගිය කාලයේ තිබුණා, ළමුන්ට දෙන දිවා අහාර විෂවී රෝහල් ගත කිරීමේ සිද්ධියක්  මෙයත් පාසල් කීපයකින් වාර්තා ගතවුණා.මෙන්න මේ සිදුවිමත් එවැනි ආකාරයේ සංසිද්ධියක් යයි මට හැගෙන්නේ ඒ නිසාය. 
            එසේ නම් අද්‍යාපනය, හමුදා පුහුණුව හා face book අතර ඇති සහ සම්බන්ධතාවය කුමක්ද...?

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.