Thursday 6 February 2014

හෙරොයින් භාවිතය හා මර්ධනය

        හෙරොයින් භාවිතය හා මර්ධනය අතර ඇති සහ සම්බන්ධතාව සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්වෙමින් පවතින බව අප සමීක්ෂණ වලින් තහවුරු විය. මක් නිසාද යත්, අපට උවමනාව ඇත්තේ, හෙරොයින් සදහා ඇබ්බැහිවූවන් එයින් ගලවා ගැනීමයි.එය සරල ක්‍රියාවලියකි. එක් ක්‍රමයක් නම් හෙරොයින් සම්පුර්ණයෙන්ම නැති කිරීමයි. අනෙක, භාවිතා කරන්නන් ඉන් ගලවා ගැනීමයි.මේ දෙකටම අප පුනුරුත්ථාපනය සදහා යොදා ගත්තද  මේ සදහා සම්භාධක පනවන නිලින සාධකයන්ද පවතින බව මේ කරුණු අද්‍යනයෙන්  හැගී යයි. 

             හෙරොයින් ප්‍රදේශය තුල පැතිර යාම වැලක්වීමට පොලිසිය, නාවික හමුදාව ක්‍රියා කරයි. මෙය නීතියෙන් ඔබ්බට ගිය ක්‍රියාවලියක් ලෙස වින්දිතයින් සමග සාකච්චාවේදී හැගී යයි. එකම උවමනාව , හෙරොයින් ගෙන ඒම වැලැක්වීම උවද, මෙමගින් වින්දිතයන්ට අසාධාරණය වූ අවස්ථාද ඇත්තේ, හෙරොයින් වින්දිතයින් , සමහර අවස්ථා වලදී, ළග තබා ගැනීමෙන් තොරවද අත්අඩංගුවට ගැනීමයි. මෙහිදී නීතියට අනුව එය නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක් උවද, ඔවුන්ගේ අරමුණ හෙරොයින් පාලනය කිරීමයි. වින්දිතයින් නිරන්තරයෙන් හදුනාගත හැකි බැවින්, බොහෝවිට, එවැනි අත්අඩංගුවට ගැනීම්, හෙරොයින් බහුල ප්‍රදේශ තුල ඇති වේ. 
                වින්දිතයින් නිරතුරුව මෙවැනි අත්අඩංගුවට පත්වීමෙන් ඔවුන්ට මෙය සාමාන්‍ය ක්‍රියාවලියක් බවට පත්වන්නේ පියවි සිහියක් නොමැති බැවිනි. ඇබ්බැහිවූවන් කෑම බිමකින් තොරවම, දින චරියාවක් ගෙවන නිසා, ශරීර සවුක්‍ය පිරිහේ. සමහර අවස්ථා වලදී බුද්ධිය මතුවීමෙන්, හෙරොයින් පානයෙන් වැලකි සිටීමටද උත්සාහ ගත්තත්, ශරීරය අඩපන වීමක් ඇති වීමෙන්, නැවතත් ඇග හෙරොයින්ම ඉල්ලයි. මෙය අඛණ්ඩව සිදුවේ. ඔවුන්ගේ තත්වය මෙසේයි. මෙය රටේ දරුවන්ගේ ඛේදාන්තයකි. මවුපියන් අන්ත අසරණභාවයට පත්වේ. සමහර අවස්ථාවල මත් උවදුරින් ගැලවීමට , මවුපියන් දරුවන් එතෙර යවයි. පුනුරුත්තාපන කදවුරු වලට යවයි. ඒ මුදල් ඇති දරුවන්ය. එහෙත් මුදල් නොමැති අය රජයේ කදවුරු වල හෝ රෝහල් වල කවුරුන් හෝ මැදිහත් වීමෙන් ප්‍රතිකාර ලබයි. සමහරු සිර ගෙවල් වල දිවි ගෙවති. 

             සමහර වින්දිතයින් අධිකරණය මැදිහත් වීමෙන් පුනුරුත්තාපනයට යැවුවද, නැවත ආ පසු පෙර ලෙසම මතට වහල්වේ. මේ අතර රජයේ රෝහල් වලට මත්ද්‍රවය භාවිතය නිසා , ඇබ්බැහිකම නමැති , රෝගයට ප්‍රතිකාර කිරීමට වින්දිතයින් යොමු කෙරුවද සමහර වයිද්‍යවරු , මේ වින්දිතයින්ට සුබවාදී ලෙස ප්‍රතිකාර නොකරයි. වින්දිතයින්ට දොස් කියන්නේ, පිළිකුලෙනි. අප සමීක්ෂණ වලට අනුව , මේ ලංකාවේ ප්‍රධාන රෝහලක , ඒක මනෝවයිදය වරයෙකුගේ ක්‍රියා කලාපයකි. මෙවැනි පසුබිමක දරුවන් මතින් ගලවා ගැනීමේ සත්කාරයක නියැලී සිටින අප , ඔහුගේ ක්‍රියා කලාපය හෙලා දකින්නේ, මත් උවදුර මැඩලීමේ නිලින සාධක අතර හමුවූ බාධකයක් ලෙසය. 
                අපට අවශ්‍ය දැයේ දුවරුන් ගලවා ගැනීමයි. රටක ජාතික ප්‍රශ්නයකට විසදුම් සෙවීමටයි. මේ සත්කාරයට , වගකීමක් ඇති සියළුදෙනාම සාභාගී වන්නේ නම් වටි. 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.