අන්තර් ජලයේ වඩාත් ප්‍රචලිත සමාජ ජාලයකි ෆේස්බුක් වෙබ් අඩවිය . මෙහි වඩාත් ගැවසෙන්නේ තරුණ උදවියයි . එත් පාසල් යන දරුවන්ද මේ සමාජ ජාලයේ කරක්ගැසිම යෝග්‍ය නොවන බව මෙම සිද්ධිය ආදර්ශයට ගනිමින් , දෙමාපියන් වගබලාගත යුතුය .

ෆේස්බුක් අඩවියේ හුවමාරු වන චායාරුප , පවුද්ගලික තොරතුරු මත නොදන්නා අය පවා හදුනා ගත්තද එයින් වන අහිතකර තත්වය මෙබදු සිද්ධි දක්වාද වර්ධනය වී ඇත .
මේ යාළුවන් කරලා තියෙන්නේ ජංගම දුරකථනය මගින් කතාකර සිය යාළුවාව සජීවීව හදුනා ගැනීමට අවශ්‍ය බව හගවා ගෙන්වා ගෙන , ඔහු පැහැර ගැනීමයි . නමුත් පොලිසිය පවසන අන්දමට පකිස්ථානයේ මෙවැනි අපරාධ සාමාන්‍යයෙන් කරන්නේ පකිස්තානු සටන්කාමීන් බවයි . අන්තර්ජාලය හරහා සිදුවූ මෙවැනි සිද්ධියක් වාර්තා වුන පලවෙනි අවස්ථාව බව පවසයි .
දරුවාගේ ජංගම දුරකථනය කප්පම් ඉල්ලීම සදහා කතා කිරීමට ඔවුන් යොදාගත් නිසා ඒ , හරහා කප්පම්කරුවන් කොටු කර ගැනීමට පහසු වූ බව පොලිසිය පවසයි . එම දෙමාපියන්ට තම දරුවා වාසනාවට නිරුපද්‍රිතව ලැබුණා , එහෙත් , සියලුම දෙමාපියන් ෆේස්බුක් සමජජාලය හරහා වන මෙවැනි සිද්ධීන් ගැන , තම දරුවන් දැනුවත් කල යුතුය .
No comments:
Post a Comment
Please write your comment .
Note: only a member of this blog may post a comment.